කුවේට් කඳුලු කථාවට මෙරට පාලකයන් වගකිව යුතුය,මෙන්න සාක්ෂි

කුවේට් වල අනවසරයෙන් ‍රැදී සිටින  අයට රටින් පිටවී යාම සදහා පොදු සමා කාලයක් නිවේදනය කලේ පෙබරවාරි 23 දිනය. තවද කරුණු සොයා බැලීමේදී අපට පෙනී ගියේ 2015 වර්ශයේ සිට කඩින් කඩ සෑම වර්ශයකම පාහේ කුවේට් රජය අනීතික ශ්‍රමිකයන්ට පොදු සමාවක් දී ඇත.මෙය අපේ රටේ විදේශ සේවා නියුක්ති කාර්යංශය, විදේශ කටයුතු අමාත්‍යංශය මහජන මුදලින් නඩත්තු කිරීමේ යුක්ති යුක්ත බව පිලිබද ගැටලුවකි.

කෙසේ වුවද අපේ කතා මාතෘකාව අනුව යන කල , කෝරෝනා කාලෙයේ ලද පොදු සමාව සහ කුවේට් අසරණ වූවන්ගේ ප්‍රශ්නය ගෝඨාභය නියපොත්තෙන් උඩට ගත්තේ නැත. ඔහු කොරෝනා පාලනය අතින් හොදම රාජ්‍ය නායකයා වීමට උත්සාහ කළේය. තවද, කෙසේ හෝ මැතිවරණය පැවැත්වීම සහ තුනෙන් දෙකක් ගෙන ව්‍යවස්ථාවට කෙලින හැටි සැලසුම් කළේය.

කුවේට් වල අසරණ වූවන්ගේ සහ ඔවුන්ගේ  පවුල්වල වාසනාවට පොදු සමා කාලය තවත් මසකින් දීර්ඝ කලේය. ඒ අනුව පොදු සමාකාලය මැයි 23 අවසන් විය.

මූලික කරුණු 3ක් නිසා කුවේට් රජයට කිසිසේත්ම දොස් පැවරිය නොහැක

  1. අනවසර ශ්‍රමිකයන්ට ඉවත්වයාම සදහා දින 90 ක  කාලයක් ලබා දීම
  1. අනවසර ශ්‍රමිකයෙකු ගෙවිය යුතු දඩ මුදල අහෝසි කිරීම . කුවේට් නීතිය අනුව අනවසර ශ්‍රමිකයෙකු  අවම වශයෙන් කුවේට් ඩිනාර් 300ක පමන  දඩයකට යටත් කරයි. ( රු 200,000/=)
  1. කුවේට් රජය නොමිලේ ගුවන් යානා ලබා දුන්නේය.https://www.arabnews.com/node/1667876/middle-east

මැද පෙරදිග ශ්‍රමිකයන්ට මේ ආකරයෙන් සැලකීම හෙන ගහන අපරාධයකි. ලංකාවේ ඩොලර් බිලියන දොලහක  පමන  වෙළද හියක් ඇත. එය පියවා ගැනීමට බිලියන 8 ක් සොයා දෙන්නේ විදේශ ශ්‍රමිකයන්ය.

ලංකාවේ වසරකට අධ්‍යාපනය නිමා කොට ලක්ෂ 3ක් ‍රැකියා වෙළද පොලට එක් වෙයි. රජය සහ පෞද්ගලික අංශ වසරකට ‍රැකියා සපයන්නේ විසි දහසකට පමනි. දෙලක්ෂ හැට දහසක් පමන සෑම වර්ශයකම ‍රැකියා සදහා විදේශ ගත වෙයි. ඔවුන්ගෙන් අති බහුතරයක් යන්නේ මැදපෙරදිගටය.

අසරණයන් විදේශ ‍රැකියාවකට යාමට ගෙවල් දොරවල් පවා උගස් කරයි. රජය කරන්නේ එසේ විදේශ ගත වන ශ්‍රමිකයන්ගෙන් රු 25000 ක කප්පමක් ගැනීමය. විදේශ ශ්‍රමිකයන්ගේ  සුභ සාදනයට අබමල් රේනුවක  දෙයක් නොකරන රජය ඔවුන් සූරා කෑමට දහසක් දේ කරයි. කුවේට් අසරනයන්  වෙනුවෙන් ලක් රජය කළ යුතුව තිබුනේ කඩදාසියක් නිකුත් කිරීම පමනි ( One way passport )

කුවේට් වලින් බෝම්බයක් එව්වා කියා මහින්දානන්ද කී කථාව විදේශ ශ්‍රමිකයන්ට කරන කෙනහිලි වලට හොද උදාහරණයකි. නමුත්  මහින්දානන්ද යනු ගෝඨා රෙජීමයේ  මුර බල්ලෙකි. ඌ උසි ගැන්වූයේ හාම්පුතා මිස අනෙකෙකු නොවේ.

මාස තුනක් තිස්සේ කර ඇරි කුවේට් වල අනවසර ශ්‍රමිකයන්ගේ ප්‍රශ්නය දැන් දැවැන්ත මානුෂික ප්‍රශ්නයක් වී ඇත. රජය නෑසූ කන්ව සිටියද රටේ ජීවනාලිය බදු වූ විදේශ ශ්‍රමිකයන් ගැන ලංකා නිවුස්  ඇප් අවධියෙන් සිටියි. ඔබගේ දුක්ගැනවිලි අප වෙත යොමු කළ හැක.

උපුටා ගැනීම ලංකා ඊ නිවුස්