
කුවේට් වලින් කොරෝනා රෝගීන් ලංකාවට නොයැවූ බව එහි සිටින ශ්‍රී ලංකා තානාපති සඳහන් කරයි. ශ්‍රමිකයන් ලංකාවට පැටවීමට පෙර කොරෝනා පරීක්ෂාවක් සිදු කළ බව ඔහු ප්‍රකාශ කොට ඇත.
තමන්ගේ නියෝගයෙන් සිදු කළ පරීක්ෂාවේදී කොරෝනා පොසිටිව් 4 දෙනෙකු හසු වූ බවත් ඔවුන් ලංකාවට නොඑවූ බවත් ඔහු මාධ්‍යයට ප්‍රකාශ කොට ඇත
ගෝඨා ජනාධිපති ලෙස පත්වූ විගස විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වූ අද්මිරාල් ජයනාත් කොළඹගේ විදේශ අමාත්‍යංශයට බදවා ගත්තේ පෙර නොවූ විරූ නව තනතුරක් ඇති කරමිනි.මොවුන්ට වැටුප් ගෙව්වාට රටට සෙතක් වී තිබේද යන ගැටලුව දැන් මතුව ඇත
කුවේට් තානාපති කාර්යාලය සහ විදේශ කටයුතු අමාතංශය අතර නිසි සම්බන්ධීකරනයක් නොවූ නිසා අප්‍රියෙල් මාසයේදී ගුවන්වාර කැන්සල් කිරීමක් සිදු විය.එම තීන්දුව නිසා ලංකාව බලා යාමට පැමිනි ශ්‍රමිකයන් අනාථ විය.සමහරෙක් රැකියාවට සමුදි එම්බසියට පැමින තිබුනි , තවත් සමහරෙක් නවාතැන් පොලට සමුදී පැමින තිබුනි
තානාපති (විදේශ අමත්‍යංශය) ගුවන් වාර කැන්සල් කරමින් පිස්සු කෙලියා පමනක් නොව එම්බසිය අගුළු දැමුවේය , ඊට සමාජ ජාලා වලින් දැඩි විරෝධයක් එල්ල විය.එම තත්වය තුල කුවේට් එම්බසිය කළේ අනාථ වූ ශ්‍රමිකයන් රොත්ත බුරුත්තම කුඩා ඉඩක ගාල් කිරීමය. එම තත්වය තුල කොරෝනා බෝවීමට විශාල ඉඩක් තිබුනි.එම ස්ථානයේදී කොරෝනා බෝ වුනේ නම් ඊට වග කිව යුතුත්තේ කුවේට් වල ශ්‍රී ලාංකික තානාපතිවරයාය.
කෙසේ වුවද දැන් ” කුවේට් වලින් අපට බෝම්බයක් එව්වා කියා” මහින්දානන්ද කියූ කථාව බැක් ෆයර් වී ඇත.රාජතාන්ත්‍රික ගැටුමක් බවට පත් වී ඇත.
කුවේට් වලින් කොරෝනා රෝගීන් එවූයේ නම් ඊට වග කිව යුත්තේ ගෝඨා පත් කල තානාපතිය. කුවේට් වලින් බෝම්බයක් එව්වා යැයි කීවේ වලව්වේ මුර බල්ලා වූ මහින්දානන්දය.කොහෙන් ගියත් ගෝඨාට ගැලවුමක් නැත. කඩ පිලේ චන්ඩියා මෙන් හැසිරීමට ගිය ගෝඨා නොන්ඩියා වී පසු බැසීම නොවැලැක්විය හැක