සජිත් ඇතුළු 96 දෙනෙකුගේ එජාප සාමාජිකත්වය අහෝසි කරයි

සජබ පක්‍ෂයෙන් මැතිවරණයට තරග කිරීම සඳහා නාම යෝජනා භාර දුන් 96 දෙනෙකුගේ එක්සත් ජාතික පක්ෂය සාමාජිකත්වය අද දින අහෝසි කළේය.

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මෙම තීරණය ගෙන ඇත. ඊට අදාල යෝජනාව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කර ඇති අතර කෘත්‍යාධිකාරි මණ්ඩලය එය අනුමත අනුමත කළහ.

ඊයේ දිනයේ පී. අජිත් මුහුණු පොතේ පොස්ට් දමමින් හතර බීරි කථා කීවේ මෙම අවමානයෙන් බේරීමය. පසුගිය වසර ගනනාව පුරාවට සජිත් , පී.අජිත් වැනි කුහකයන් කන්ඩ දුන් පක්ෂය පාවා දුන්නා පමනක් නොව රා බී වෙරි වූ මීයන් මෙන් වහසි බස් දොඩමින් පිස්සු නැටූහ

දේශපාලන පක්ෂයක් යනු සමාජයක පෙරගමන්කරුවෙකි. එහි විනයයක් තිබිය යුතුය. සමාජයට පූර්වාදර්ශයක් දිය යුතුය. එජාප කෘත්‍යධිකාරි මණ්ඩලය අද දින ගත් තීන්දුව පක්ෂයට හිතැති සැමගේ ඇගයීමට ලක්ව ඇත.