යකාගේ හැටියට විමානේ ගැසීමට ඉඩ සලසා සමීරට යන්න දෙමුද?

ලංකාවේ හද්දා පිටිසර මරණාධාර සමිතියකට වුවද ව්‍යවස්ථාවක් ඇත, ”කොඩ් ඔෆ් කන්ඩක්ට්” එකක් ඇත. සියල්ලන් ඊට අවනතව වැඩ කරන්නෝය.. ඔවුන් වැඩ කරන්නේ පූර්ණ  විනිවිද භාවයකින් යුතුවය . යම් සාමාජිකයෙකු අතින් වරදක් සිදු  වුවහොත් ඒ පිලිබද විභාගයක් සිදුවන්නේය. ගත් ක්‍රියාමාර්ගයන්හි යුක්ති යුක්ත භාවය පිලිබදව  සාමාජිකයන් දැනුවත් කරන්නේය. එහි තත්ව  විස්තරයක්  කඩ මණ්ඩියේ හෝ ගැමියන් ‍රැස්වන ස්ථානයක අලවන්නේය.මරණාධාර සමිතියේ වුවද යම් ප්‍රමිතියක් ඇත . නමුත් රටේ  පරිපාලන කේද්‍රස්ථානය වන ජනාධිපති ලේකම් කාර්යාලයේ ස්වභාවය මස් කඩයක තත්වයට වැටී ඇත. මක් නිසාදයත් එහි වගවීම කියා දෙයක් නොමැත.

සිරිසේනගේ මාධ්‍ය අධ්‍යක්ෂකයෙකු වන සමීර ද සිල්වා ජනපතිගේ නිල පි‍ටුව හරහා ‘ලයිව්’ ඒම ඊයේ සිට කාගේත් කථා බහට ලක් විය. මෙහිදී පැන නගින ප්‍රධාන ගැටලු දෙකකි.

  1. ජනාධිපති ලේඛම් කාර්යාලයේ පොදු සහ ස්ථාවර නීති රෙගුලාසි උල්ලංඝනය කල සමීර සිල්වා නැමැත්තා පිලිබදව ගත් විනය ක්‍රියාමර්ග කවරේද ?
  2. වරද කල සමීර සිල්වා නැමැත්තා ආරක්ෂා කරමින් වරද පෙන්වාදුන් පුද්ගලයන්ට දඩුවම් කරන්නේ මන්ද?

ගූ කප්පරක් කෑ එකාට පඩ ගඳ, ගඳක් නොවිය හැක.. නමුත්!
ගූ කප්පරක් කෑ එකාට පඩ ගඳත් ගඳක් දැයි කථාවක් ඇත . සිරිසේන යනු ලක්ෂ 62ක ජනතාවට කොකා පෙන්වූ අයෙකි . ලබාදුන් පොරොන්දු කඩ කළ අයෙකි. නීති විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා ආන්ඩුවක් කොල්ල කෑ අයෙකි. සහරාන් කොළඹ පුපුරවා හැරීමට සූදානම් වෙද්දී තිරුපති ගිය අයෙකි . කෙටියෙන් කියතොත් සිරිසේනගේ ”කොලිටියක් ” නැති කොට කාර්ය මන්ඩලයේ ” කොලිටිය ” ගැන කථා කිරීම අවනඩුවකි. ප්‍රසාද් වැලිකුඹුර  ”යකාගේ හැටියටයි විමානේ” කියා කීවේ  මේ කථාවමය. ඔය ටික කී නිසා දැන් ඔහුගේ  සමාජ ජාලා වත්කම් රාජසන්තක කොට ඇත.


මහරාජා හයි ජැක් කල ජනපති මාධ්‍ඒකකය

ලොව භයානකම දෙය නරක මිනිසුන්ගේ කෲරත්වය නොව හොද මිනිසුන්ගේ නිහඞතාවයයි කියා කථාවක් ඇත . එහෙයින්  ප්‍රමිතියක් බලාපොරොත්තු වීමට තරම් ප්‍රමිතියක් ඇති ජනාධිපතිවරයෙක් අපට නැතියි කියා කට පියාගෙන සිටිය නොහැක. තවද  සිරිසේනගේ මාධ්‍ය කලකිරියාව පි‍ටුපස අදිසි හස්ථයක් ඇත.  ජනධිපති කාර්ය මණ්ඩලය යනු කිලී මහරාජා විසින් ”හයිජැක්” කොට ඇති ආයතනයකි. කිලී මහරාජා ප්‍රභාකරන් මෙන් රහසිගත ජීවිතයක් ගත කරන ජාවාරම් කාරයෙකි. මොහුගේ සම්පූර්න කථා වස්තුව ලියුවහොත් එය වැඩිහිටියන්ට පමනයි ලේබලයෙන් ඉදිරිපත් කල යුතුව ඇත. එහෙයින් අදාල කොටස් කෙටියෙන් ලිවීම කාගෙ කාගේත් සෞඛයට යෙහෙකි.

චන්දන සූරිය බණ්ඩාරගේ මූල්‍ය වංචාව යට ගැසුවේ ඇයි?

” ෆේස් බුක් ලයිව් ”  කථා වස්තුවේ  සහ එහි ‘පාර්ට් ටූ’ එක වන  වාරණ ව්‍යපෘතියෙහි ප්‍රධාන නළුවා සමීර සිල්වා ලෙස තේරුම් ගැනීම වැරදිය. සත්‍ය ලෙසම ක්‍රියාත්මක වන්නේ  කිලී මහරාජාගේ  මාධ්‍ය ත්‍රස්තවාදය සහ ජාලගත ගෝල බාල මා‍ෆියාවය. චන්දන සූරිය බන්ඩාර යනු කිලීගේ පට්ට ගෝලයෙකි. මොහු සිරස ආයතනයේ  සේවය කරන විට  මූල්‍ය වංචාවකට අසු වූයේය. එම සිද්ධිය කිලීගේ කන වැ‍ටුනු විට ඔහු කලේ ඒ පිලිබද විභාග කිරීම නොවේ. කිලී කලේ සිද්ධිය යට ගසා චන්දන සූරියබන්ඩා තම සාක්කුවට දා ගැනීමය . ඔහු එසේ කලේ සූරිය බන්ඩාරට ඇති ආදරයකට නොව තම අනාගත පජාත වැඩ වලට ඇමක් ලෙස ඔහු යොදවා ගැනීමටය

ශෙවාන්ගේ රිය අනතුර යට ගැසුවේ කවුද?

කිලීගේ තවත් ගෝලයෙකු වූ ශ්‍රී රංගා බීමතින් රිය පදවා පුද්ගලයෙකු යට කිරීමේ සිද්ධිය ප්‍රසිද්ධ රහසකි . එම සිද්ධිය  යට ගැසීමට මූලික වූයේද කිලී මහරාජාය. ශෙවාන් ඩැලියෙල්ගේ බිරිද ( දෙවන ඉණිම ) කොළඹ සම්බෝධි විහාරය අසලදී මහ දවල් ගුවන් හමුදා නිලධාරියෙකු යට කළේය. ගුවන් හමුදාපතිට කථා කොට එම සිද්ධිය යට ගැසුවේද මේ කථා කරන කීලී මහරාජාමය. සමීර සිල්වාට ‘අතේ කුරුල්ලා’ යන නම පටබැන්දේ සිරස ආයතනයේ  සේවකයන්මය. මොහු පුරුද්දක් ලෙස දවසේ ආදායම ඔහු යොදා ගත්තේ   ඔ‍ෆිස් PC එකේ ‘බ්ලූ’ බලමිනි.  මේ අයුරින්  නිල් චිත්‍රපට බලමින් ස්වයං වින්දනයේ යෙදෙන විට දිනක් කිලීගේ අතටම අසුවිය. එහෙව් සමීරට, කිලී සමාව දුන්නා පමනක් නොවේ  සිරිසේනගේ මධ්‍ය අධ්‍යක්ෂක ලෙසද  පත්කළේය .

ඳුරට ශාප නොකර පහනක් දල්වමු

මහරාජාගේ සාර්ථකත්වයේ ප්‍රභලතම රහස නම් සිය කූට ව්‍යපාරික සැලසුම් වලට දේශපාලන අධිකාරියේ අනුග්‍රහය ලබා ගැනීමය. මේ සදහා මග හෙලි පෙහෙලි කරන්නේ ඔහු මෙහෙයවන මාධ්‍ය පාතාලය විසිනි.ප්‍රජාතන්ත්‍රවාදයේ නූතන විශ්ලේෂණයට අනුව ජනතා පරමාධිපත්‍ය  අවයව 4කි. විධායකය, ව්‍යවස්ථාදායකය , අධිකරණය සහ ජනමාධ්‍ය යන එකී අවයව ක්‍රියාත්මක විය යුත්තේ ජනතාවගේ අභිලාශයන්ට යටත්වය. කරුනු එසේ හෙයින් මීඩියා පාතාල වලට සහ දේශපාලන ඩීල් වලට තිත තැබිය යුතුය. තවද එකී වගකීම ඉ‍ටුකල යුත්තේ මෙම  සටහන ලියන මමත් කියවන ඔබත් විසිනි. ඒ සදහා අවකාශය අන්තර්ජාලය ඕනෑ තරම් ඇත. කලයුත්තේ අඳුරට ශාප කිරිම නොව පහනක් දැල්වීමය..

By තුෂාරා වන්නිආරච්චි

Editor- Lankanewsapp.com