ජයග්‍රහණයක පෙරමං සලකුණු – රටටම කොළ එළියක් !

කොළඹ මහා නගර සභාවේ එජාප මන්ත්‍රීවරුන්ගේ හමුවක් අද ( ජුනි 01 ) රනිල්-රවිගේ ප්‍රධානත්වයෙන් සිරිකොතදී පැවැත් වුනි. අලියා ලකුණින් තේරී පත්වූ මන්ත්‍රීවරුන් 60 දෙනාගෙන් 58 දෙනකුම ඊට සහභාගී වී සිටියහ .

සජිත්ට කිසිදු අවස්ථාවක තවත් දේශපාලන පක්ෂයක් සෑදීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතියක් ලබානොදුන් බව රනිල් ‍රැස් සිටි එජාප නියෝජිතයන් අමතමින් පැහැදිලි කළේය. විනය ආරක්ෂා කිරීම ඕනෑම දේශපාලන පක්ෂයක පැවැත්මට අත්‍යාවශ්‍යම කාරණයක් බව රනිල් අවධාරණය කළේය.

පක්ෂ විනය කඩකරමින් වෙනත් දේශපාලන පක්ෂයක නාමයෝජනා අත්සන්කළ පිරිස් වෙතින් නිදහසට කරුණු විමසා ඇති බවත්, කාරණා සලකා බලා ඔවුන් පක්ෂයෙන් නෙරපීම සම්බන්ධ ඉදිරි පියවර ගන්නා බව ඔහු කීවේය

සියලුම නාගරික මන්ත්‍රීවරුන් සිය අත් ඔසවා එජාපය දිනවීමට ප්‍රතිඥා දීම උද්වේගකර අවස්ථාවක් වූ අතර එය විශිෂ්ඨ ජයග්‍රහනයක පෙරමං සලකුණු කීමක් වන් විය.