රෝසි කොළඹ නගරාධිපති ධූරයෙන් ඉවත් කිරිමට සියල්ල සූදානම්

කොළඹ නාගරික මන්ත්‍රීන්ගේ දිවුරුම් දීම පැවැතියේ 2018 මාර්තු 18 දිනය. එහිදී ‍රැස්ව සිටි සභාව අමතමින් රනිල් ඓතිහාසික කථාවක් කළේය. බයිසිකලයෙන් දේශපාලනයට පැමිණ බෙන්ස් එකෙන් යන්න සූදානම් වෙන්න එපා, තමන් නියෝජනය කරන කොට්ඨාසයේ ගෙයක් ගානේ ගොස් ජනතාවගේ ප්‍රශ්න විසදීමට කටයුතු යුතු යයි රනිල් කීවේය .

නමුත් රෝසි නගරාධිපති වූ දා සිට තම බඩ වියත ගැන බැලුවා මිස අසරන මිනිසුන් ගැන බැලුවේ නැත . ඊයේ සිරිකොත මූලස්ථානයේදී රනිල්ගේ ප්‍රධානත්වයෙන් නාගරික මන්ත්‍රී වරුන්ගේ හමුවක් පැවැත්වුනි. කොලඹ නගර සභාව නියෝජනය කරන එජාප මන්ත්‍රීන් 60 දෙනාගෙන් 58 දෙනෙකු ඊට සහභාගි විය. රෝසි නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීමට එහිදී තීන්දුවක් ගෙන ඇත.

ප්‍රධානම හේතුව ලෙස සදහන් වී ඇත්තේ විශමාචාරය සහ එජාප කටයුතු සඳහා ඇයගේ සහභාගීත්වයක් නොමැති වීමය. මීළඟ කොළඹ නගරාධිපතිවරයා ලෙස යෝජනා වී ඇත්තේ දැනට නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් ඉක්බාල්ය. එජාප නීති අංශයේ නිර්දේශ ප්‍රකාරව රෝසි සේනානායක ධූරයෙන් ඉවත් කිරීමට නියමිතය

මිලියන ගනන් වියදම් කොට ටොයිලට් තැනීම ඇතුළු විවිධාකාරයේ විශමාචාර ලිපිගොණු රාශියක් එදින සභාව හමුවට ඉදිරි පත් කොට ඇත.පසුගිය කාලයේදී කොළඹ නගරයේ කුණු කසල ප්‍රශ්නය ඇතුලු අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ඇයගේ පරිපාලනය අපොහොසත් විය

රෝසි නිරන්තරයෙන් කාන්තා නියෝජනය ගැන කථා කරමින් කැපී පෙනීමට උත්සාහ කළද කාන්තාවන් වෙනුවෙන් කියා අබ මල් රේණුවක තරම් දෙයක් කර නොමැත.

ලෝකයේ සෑම රටක්ම කොරෝනා වසංගතය ඉදිරියේ අසරණව ඇති බව කුඩා දරුවෙකු වුවද දන්නා කරුනකි. කොරෝනා පාලන කිරීමට ලෝකයේ කිසිදු රටක් අපොසත් වී ඇත. අපේ රටේ පාසැල් පද්දතිය, ආර්ථිකය , ජන ජීවිතය අකර්මන්‍ය වී ඇත. නමුත් රෝසී ”ගෝඨා ඉතා හොදින් කොරෝනා පාලන කලා ” වැනි හතර බීරි කථා කීවේය.

බැඳුම්කරය සම්බන්ධයෙන් වූ කෝප් කමිටු පරීක්‌ෂණයේදී එම කමිටුවේ සාමාජිකාවක්‌ වූ රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක විසින් කමිටුවේ සාක්‌ෂි පර්පචුවල් ට්‍රෙෂරීස්‌ වෙත ලබා දී ඇති බවට වන සාක්‌ෂියක්‌ බැඳුම්කර කොමිසම හමුවේ හෙළිදරව් විය. අදාළ සිදුවීමේ දුරකථන සංවාදවල මේ බව සඳහන්ව ඇති බවද එහිදී හෙළි විය.

බැඳුම්කරය සම්බන්ධ කෝප් කමි‍ටු වාර්තාවෙන් රවි නිදොස් වූ අතර , චූදිතයන් වූයේ බෑනාට ලංකා බැංකුවෙන් ණය දුන් කබීර්, බෑනා ගෙන් අල්ලස් ගත් සූජීව , දයාසිරි වැනි පාර්ශවය. රෝසිගේ පුත් කණිෂ්ක සේනානායක මෙවර සමඟි ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා මහ මැතිවරණ බිමට පිවිස ඇත.