
ටෙන්ඩර් මගඩියට විරෝධයපා ඉල්ලා අස්වූ ICTA අධ්‍යක්ෂක ආචාර්ය සංජීව වීරවර්ණ ගේ කථාව දැන් දුර දිග ගොස් ඇත. දෙරණ වැනි ජඩ මාධ්‍ය දුෂිතයන් වෙනුවෙනි පෙනී සිටින විට දිවයින පුවත්පත සංජීව වෙනුවෙන් පෙරට විත් ඇත. මේ අතර ICTA ආයතනයේ සභාපති සංජීවට එරෙහිව දොස්මුරයක් තබා ඇත .(ඒවා ඔහුගේ වචන වලින්ම පහත පරිදිය)
- ICTA කීර්ති නාමය පළුදු කිරීම
- ඉල්ලා අස්වීමේ ලිපිය සහ බ්ලොක් සටහන පරස්පර වීම
- මිනිසුන් කුපිත කරවන ලෙස ඉල්ලා අස්වීම
- මහ ජනයා නොමග යැවීම
- අවස්ථාවාදීන්ට උඩ ගෙඩි සැපයීම
ලංකාව යනු software වැඩ්ඩන්ගේ පාරාදීසියකි
වීරවර්ණගේ ඉල්ලා අස්වීමට හේතුව, ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් වැඩි මිලක් ගෙවා යල් පැනගිය තාක්ෂණික උපකරණ මිලදී ගැනීමය. අපේ රටේ IT වැඩ්ඩන් ඕනෑ තරම් ඇත. ලන්ඩන් කොටස් වෙළෙඳපොළ නියාමනය කරන්නේ ලාංකික සමාගමකි. කැනඩාවේ මැතිවරණ software එක හැදුවේ ලංකාවේ සමාගමකි. ලංකාවේ එතරම් දක්ෂයන් සිටින විටක අප්‍රිකාවෙන් ඉහල මුදලක් ගෙවා software මිලදී ගැනීම ගැටළු කාරීය.
විදේශ සමාගම් වලට ටෙන්ඩර් ලැබෙන හේතුව
රියැදුරු බලපත්‍ර ටෙන්ඩරය රුපියල් මිලියන නවදහසකට අධික එකකි. දුම්රිය ප්‍රවේශ පත්‍ර ටෙන්ඩරය මිලියන තුන්දහසකට අධික එකකි . මේවා ලංකාවේ සමාගමකින් මිලදී ගතහොත් සාධයතා අධ්‍යයන වලට යනවා කියමින් ලොව පුරා සවාරි ගැසිය නොහැක. හිතේ හැටියට කොමිස් කුට්ටි ලැබෙන්නේ නැත.ටෙන්ඩර් සියල්ල විදේශ සමාගම් වෙත ලැබීමේ රහස ඕකය. ගෝඨා සෞභාග්‍යයේ දැක්ම ඉදිරිපත් කරමින් කිවේ දේශීය කර්මාන්ත හා දේශීය ව්‍යාපාරිකයා දියුණු කරන බවත් ඔවුන් මුල් කර ගත් ආර්ථිකයක් ගොඩනගන බවටය. අවාසනාවට එවැන්නක් දක්නට නැත .
මිලියන 12000 ටෙන්ඩර් මගඩිය
රියැදුරු බලපත්‍ර ටෙන්ඩරය අප්‍රිකානු සමාගමකට මුලින්ම දුන්නේ 2006 වසරේය. එහිදී ඔස්ටේ්රලියානු සමාගමක් රුපියල් 450 කටද, බි්රතාන්ය සමගමක් රුපියල් 600 කටද මැලේසියානු සමාගමක් රුපියල් 800 කට ලන්සු තබා තිබුනි. ටෙන්ඩරය හිමි වූ අප්‍රිකානු සමාගම තැබූ ලන්සුව රුපියල් 1750 කි. තාක්ෂණික අතින් දුර්වලම සමාගමද ඔවුන්ය (අප්‍රිකානු සමාගම ප්‍රින්ට් කළ රියදුරු බලපත්‍රයේ කොලිටිය ගැන අමුතුවෙන් කිව යුතු නැත) . එම කාඞ්පත එවකට පවා රුපියල් 150 ත් 200 ත් අතර මිලකට ලබාදිය හැකිව තිබිණි. 2014වසරේදී අප්‍රිකානු සමාගමේ ගිවිසුම් කාලය 2019 දක්වා දීර්ඝ කළේය.
හෙන ගහන අපරාධය
දැන් ගෝඨා අප්‍රිකානු සමාගමේ කොන්ත්‍රාත්තුව තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට සැරසෙයි. ඒ සඳහා අප්‍රිකානු සමාගමට ගෙවීමට සිදුවන මුදල රුපියල් මිලියන නවදහසකට අධිකය. ගෝඨාට සහ හෙන්චන්ට ලැබෙන කොමිස් කුට්ටිය කොතරම්ද කියා හරියටම කිව නොහැක. ICTA අධ්යක්ෂවරයා ඉල්ලා අස්වූයේ මේ හෙන ගහන අපරාධයට එරෙහිවය. රටේ දැවැන්ත විදේශ විනිමය ප්‍රශ්නයක් තිබියදී විදෙස් රටවලට මේ ආකාරයට මුදල් ගලායෑම බරපතළ ගැටලූවකි.
අප ජනපති ගෝඨාභයට අපහාස කරනවා කියා කිසිවෙකුට සිතේ නම්, දිවයින පුවත් පතේ ‘‘ජනාධිපතිතුමනි! මේ හිල් වසන්න…’’ යන ශීර්ෂය යටතේ පලවූ ලිපිය කියවන්න. දුෂිත ICTA සභාපතිවරයා වෙනුවෙන් දෙරණ වැනි ජඩ මාධ්‍ය පෙනී සිටියද, සංජීව වීරවර්ණ වෙනුවෙන් පෙනී සිටි දිවයින අගේ කළ යුතුය. දිවයිනට අපේ ප්‍රණාමය!
Prasad
- Edit
Please add the source (i.e. link of Divaina article) here. Otherwise we have to think that this is fake.
Sira
- Edit
ICTA aka hora guhawak….Godak aya bribe gannava…..