
ගල්කිස්ස මුහුදු වෙරළ නාමල්ට අළුත් තැනක් නොවේ. නාමල් අධ්‍යාපනය හැදැරුවේ ගල්කිස්සේ පාසැලකිනි. රගර් පුහුණුවීම් කරන කාලයේ උදෑසන ශාරීරික යෝග්‍යතා පන්තිය පැවැත්වුනේ මේ වෙරළ තීරයේය. කරුණු එසේ හෙයින් ගල්කිස්ස වෙරළ ගැන අනෙක් උන්ට වඩා වැඩි කැක්කුමක් නාමල්ට ඇත .
ඊයේ මුල්කිරිගල රජමහා විහාරයේ පැවති උත්සවයකට නාමල් සහභාගි විය . එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න අතර ගස්කිස්ස වෙරළේ වැලි පිරවීමේ ඛේදවාචකයද විය.වෙරළ තීරයේ වැලි පිරවීම ඉතා අවිධිමත් සහ විනාශකාරී බව නාමල්ගේ මතය විය.
”වෙරළ තීරය ආරක්ෂා කරන මුවාවෙන් රටේ ජනතාව රැවටීමට ඉඩ දෙන්ඩ බැහැ, වැලි පිරවීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් කරන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා’’ , නාමල් ප්‍රකාශ කළේය. නිසි පරීක්ෂණයක් සිදු කොට බදු ගෙවන ජනතාවට සත්‍ය හෙළි දරව් කල යුතු බව නාමල් කීවේය . පරීක්ෂණ කමිටුව විසින් උත්තර සෙවිය කරුණු කාරනා කිහිපයක් නාමල් මාධ්‍යය හමුවේ තැබීය
මේම ව්‍යාපෘතිය සමබන්ධයෙන් කැබිනට් පත්‍රය ඉදිරි පත් කලේ කවුද ?
කොන්ත්‍රාත්කරුවන් තෝරා ගත්තේ කවුද ?
තාක්ෂණ වාර්තාව දුන්නේ කවුද ?
පරිසර තක්සේරු වාර්තාව ලබා ගත්තාද ?
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පෙර සහ පසු කළ නිරීක්ෂණ කවරේද ?
මෙවැනි විනාෂයක් සිදුවූ විට කොන්ත්‍රාත් සමාගම වගකියන ආකාරය කෙසේද ?
මේ වන විට ජනාධිපති මාධ්‍යය අංශය , වැටුපට ගෝඨාට කහින අංශය, ස්වේච්ඡාවෙන් කඩේ යන අංශය ඇතුළු ගෝඨාවාදී සියළු බල ඇණි මුල්කිරිගල රජමහා විහාරයේදී නාමල් සිදුකල ප්‍රකාශය වාරණය කිරීමට කටයුතු යොදමින් සිටියි.