මාධ්‍ය ආයතන දෙකක් රවීගෙන් සමාව අයදියි !

අපේ රටේ ජන මාධ්‍ය සහ සමාජ ජාල අමුතුම එකකකි. අතේ රෝල් ගසා  වැඩ කරන මිනිසුන් කොන් කරයි.  දුෂිතයන් සුදු නෙළුම් බවට පත් කරයි. අනගාරික ධර්මපාලතුමාටත්  හොරෙක් යයි කීවේය. පොළොන්රුවේ සිටි කලවැද්දෙකු යහපාලන වීරයෙකු කළේය. පොඩි මිනිසුන්ගේ වැදී එන හුලගක්වත් වදිනවාට අකමැති,පොඩි මිනිසුන් තමන්ගේ අත ඇල්ලූ විට වේදිකාව මත අත හෝදන සජිත් බිම මට්ට්මේ නායකයෙකු කළේය .

ප්‍රමුඛ , සක්විති, ගෝලඩන් කී, ඊ ටී.අයි, ස්වර්ණ මහල්, ද ‍ෆිනෑන්ස් , ඔරියන්ට් වැනි නියම බැංකු හොරුන් ආරක්ෂා කලේ මෙරට මාධ්‍ය විසිනි. මෙම ආයතන බංකොලොත් වී තිබියදී 17% – 23% පොලියක් ගෙවනවා කියා ඇඩ් පල කළේය, තැන්පත් කරුවන් සියයකට වැඩි ගනනක් සිය දිවි හානි කරගෙන තිබුනද ඒවා ගැන අකුරක් නොලීවේය

නමුත් රු 10000 කින් වැ‍ටුප් වැඩි කල , මහපොල ශිෂ්‍යාධාර රු 5000 කළ, ගෑස් රු 1000 කින් අඩු කල , ඉන්ධන අඩු කල , වැඩිම විදේශ ආයෝජන රැගෙන ආ මුදල් ඇමති බැංකු හොරෙක් කළේය

රවීට එරෙහිව එවැනි  බොරු නිවුස් ගැසූ මාධ්‍ය ආයතන දෙකක් අද දින රවීගෙන් ප්‍රසිද්දියේ සමාව අයද සිටියේය. සාක්ෂි පහතින්  අමුනා ඇත

ඉකොනොමැට්ටාගේ බොජුන්හල සම්මාන ලාභී බ්ලොක් අඩවියකි.එය පවත්වාගෙන යන්නේ  ඇමෙරිකාවේ පදිංචි ශ්‍රී ලාංකික අර්ථ ශ්‍රාස්ත්‍රඥයෙකු විසිනි. ඔහු කිසිදු දේශපාලන පක්ෂයට සම්බන්ධ නැති අයෙකි. එම අර්ථ ශ්‍රාස්ත්‍රඥයා රවි ගැන ලියූ සටහනක්ද පහත දක්වා ඇත.

දේශපාලකයෙකු යනු සමාජයක  පෙරගමන්කරුවෙකි. දේශපාලනය නිර්මානාත්මක භූමිකාවකි. දේශපාලකයන් සහ පුරවැසියන් යන දෙපාර්ශවයම  සම්මත ආකෘතියෙන් ඔබ්බට සිතිය යුතුය. රට ගොඩනැගීමට අවශ්‍ය වන්නේ එවැනි මිනිසුන්ය.

රවි වැනි දුර දකින මග කියන මිනිසුන්ගෙන් රටට සේවයක් ලබා ගැනීම පුරවැසියන්ගේ යුතුකමකි

http://economatta.blogspot.com/2017/05/blog-post_27.html