මහ බැංකුවේ වගකීම ලක්ෂ 6 කට පමනයි,තැන්පත්කරුවන් වසබොන අඩියට

මහ බැංකුවේ අනුමැතිය සහිතව ස්ථාපිත කර ඇති මුල්‍යායතන අර්බුදයට ලක් වූ අවස්ථාවලදී, මහ බැංකුව වගකියන්නේ රුපියල් ලක්ෂ 06 හෝ ඊට වඩා අඩු තැන්පත් සඳහා පමණක් බව  බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි. අද (04) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්චාවේදී ඔහු මේ බව පවසා ඇත.

ද ෆිනෑන්ස් තැන්පතුකරුවන්ට මුදල් ගෙවීම සඳුදා සිට ආරම්භ කරන බවත් මුදල් පියවන්නේ  රුපියල් ලක්ෂ 06 දක්වා පමනක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂද  ප්‍රකාශ කොට ඇත.

ප්‍රමුඛ , සක්විති, ගෝලඩන් කී, ඊ ටී.අයි, ස්වර්ණ මහල්, ද ‍ෆිනෑන්ස් , ඔරියන්ට් ලංකාවේ මූල්‍ය සමාගම් තැන්පතු කරුවන්ට කළ වංචා නිසා සිය ගණනක් සිය දිවි හානි කොට ගෙන ඇත. ලක්ෂ ගණනකගේ පවුල් අපායන් බවට පත් විය. ද ‍ෆිනෑන්ස් තැන්පතු කරුවන් එහි අළුත්ම ගොදුර බවට පත් වි ඇත

රවි කරුණායක 2016 තරම් ඈත කාලයෙදී ඊ.ටී.අයි , ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විස් , ද ‍ෆිනෑන්ස් බුන්වත් වන බව නිරික්ෂණය කොට තැන්පත් කරුවන් ආරක්ෂා කිරීමට වැඩ පිලිවෙලක් සකස් කලේය.

නමුත් ලංකාවේ සිටිනේ අරුම පුදුම මිනිසුන්ය. සුදු කරපටි බැංකු හොරුන්ගෙන්  අහිංසක මිනිසුන් බේරා ගැනීමට උත්සාහ කළ, රු 10000 කින් වැ‍ටුප් වැඩි කල , මහපොල ශිෂ්‍යාධාර රු 5000 කළ, ගෑස් රු 1000 කින් අඩු කල , ඉන්ධන අඩු කල , ඉතිහාසයේ වැඩිම විදේශ ආයෝජන රැගෙන ආ ඒ මිනිසාට බැංකු හොරා කීවේය.

රවීට බැංකු හොරා කියා මුදල් ඇමති ධූරය අහිමි කිරීමෙන් පරාජය වූයේ මේ රටේ පුරවැසියන්ය. එදා ලලිත් ඇතුලත් ඇතුලත්මුදලි උසස් අධ්‍යාපන ශිෂ්‍යාධාර සදහා  අරමුදල් සෙවීමට ”මහපොල ප්‍රදර්ශනය”  දියත් කරන විට ඔහුට හොරා කීවේය. යම් හෙයකින් එදා ලලිත් ගේ වැඩ පිලිවෙල නවතා දැමුයේ නම්  උගතුන් කීදෙනෙක් මේ රටට අහිමි වනු ඇතිද ?

යථාර්තය ශල්‍ය කර්මයක් මෙන් වේදනා කාරීය . නමුත් රෝගය නිට්ටාවට සුව කරයි. බොරුව වේදනා නාශකයක් මෙනි. තාවකාලිකව තෘප්තිමත් විය හැක. රෝගයට පිළියම නොවේ.