සීමාවක් නැතිව ගොං කථා කීම පුරවැසියන්ට කරන හිංසනයකි

සජිත් අද දින මාධ්‍ය අමතමින් තමා හිතක් පපුවක් ඇති ආණ්ඩුවක් තැනීමට සූදානම් බව කීවේය. ඊයේ සුජීව සේනසිංහද මෙවැනි කථාවක් කීවේය .එජාපයේ ස්වර්ණමය යුගය බිහි වන්නේ සමගි ජන බලවේගය ඉදිරි මැතිවරණය ජයග්‍රහනය කිරීමෙන් පසුව යයි ඔහු කීවේය.

ගුරා හිටගෙන මූත්‍රා කරන විට ගෝලයන් දුව දුවා මූත්‍රා කිරීමෙහි අරුමයක් නැත.

නමුත් ජනතාවගේ බුද්ධියට නිගා කරන මෙවැනි කාලකන්නි දේශපාලකයන් දක්නට ලැබීම අවාසනාවකි. සජිත් සහ ඔහුගේ සහචරයන් සාහසික ලෙස ගොං කථා කීම නවතා දැමිය යුතුය.

සජිත්ට ආණ්ඩුවක් පිහිටිවීමට තියා විපක්ෂ නායක ධූරය  ‍රැක ගැනීමද  අභියෝගයක් බව දේශපාලනයේ ගඳ සුවද දන්නා ඕනෑම අයෙකුට තේරෙන දෙයකි

පුරවැසියන් ප්‍රවෘත්ති බලන්නේ  රට යන අත ගැන  දැනුවත් වීමටය. පුවත් නැරඹීමට  රූපවාහිනය දැමූ අයෙකුට  සජිත්ගේ විකට සංදර්ශන නැරඹීමට  සිදුවීම හිංසනයකි,  සාපරාධී ක්‍රීයාවකි.

එජාප පාක්ෂිකයන් යනු බයියන්ට වඩා විචාරවත් පිරිසකි. සජිත් ගතින් 21 ශතවර්ශයේ ජීවත් වුවද සිතින් තවමත් සිටින්නේ ගල් යුගයේය. රට ගොඩනැගීම පිලිබදව ඇක්ෂන් ප්ලෑන් ඉදිරිපත්  කරනවා වෙනුවට සුරංගනා කථා කීම ඛේදාන්තයකි.

පියානෝගේ දේශපාලනයද ගොං කථා වලින් පිරී ගිය එකකි. පියානෝ මහියංගනයට ලොකු ගොං කථාවකුත් කොළඹට පොඩි එකකුත් කියමින් දේශපාලනය කළේය. එකල ඩිජිටල් තාක්ෂණය නොතිබූ නිසා පියානෝ කී ගොං කතා ජනගත වූයේ නැත

නමුත් පියානෝ කළ දේ පුතානෝට කළ නොහැක.මක්නිසාදයත් කාලය, තාක්ෂණය, සිතුම් පැතුම් වෙනස් වීඇත .අද  පුද්ගල කොට්ඨාෂයක් ඉලක්ක කොටගෙන ගොං කතා කීම  කළ නොහැක. පාළු ගෙයි වළං බිඳිය නොහැක . ලෝකය අද තනි යායකි.

සජිත්ට සිය ගෝල බාලයන් අනුපමේය සහායක් ලබා දුන් බව අවිවාදිතය. නමුත් තල්ලුව දුන්නේ ඉදිරිය නොව පසුපසටය. ඔවුන් ලබා දෙන සහයෝගය බිදුවක්වත් අඩු කොට නොමැති සෙයක් දිස් වෙයි.

මංගල සමරවීර බුද්ධ චිවරයට අපහාස කොට ගමයි පන්සලයි එජාපයෙන් ඈත් කළේය. මංගල බුද්ධ චීවරයට කරන අපහාස නවත්වා නැත. හරින්  ක්‍රීඩාව කෙලෙසා තරුණ පරපුරට එජාපය තිත්ත කළේය. ක්‍රීඩාව කෙලෙසූ හරීන් දැන් අවර ගනයේ  වෙනත් ක්‍රීඩා කිරීම පටන් ගෙන ඇත. කාවිංග සහ මල්ෂා නිසා සජිත්ගේ පක්ෂයට සිදුවූ හානිය සුළු ප‍ටු නැත

තිස්ස අත්ත්නායක, රංජිත් මද්දුම  බණ්ඩාර, කිරිඇල්ල  වැනි අවස්ථාවාදීන් සජිත් බලල් අතත් ලෙස යොදාගෙන තම බඩ වියත සෙවූහ. මොවුන්ගේ ජඩ වැඩ දශමයකින් වත් අඩු වී නැත. තලතා,චන්ද්‍රානි, රෝසී  වැනි කුමාරිහාමිලා පුහු රදල උද්ධච්ච කම් පෙන්වා  පොඩි මිනිසුන් පක්ෂයෙන් ඈත් කළහ.පී.අජිත් , සූජීව, නලීන්  බන්ඩාර මෙකී නොකී දුසිමක් පමන පාප මිත්‍රයන් සජිත් වලට ඇද දැමූහ

වයිට් වෑන් කොමඩිය පෙන්වා සජිත්ගේ මුළු කැම්පේන් එකම අල කළේ රාජිතය. රාජිත හිරේ ගියද කළුතර සහ  විහාරමහදේවී පාක් එකේ කොමඩි පෙන්වා පියාගේ අඩුව මැකීමට පුතා සමත් විය. රිෂාඩ් ,  හකීම් , මනෝ ගනේෂන්, වැනි අන්තවාදී පිළිල  සජිත්ට ලබාදෙන සහයෝගයේද අඩුවක් නැත  

ජනපතිවරණයේදී සේම පාර්ලීමේන්තු මැතිවරණයෙදීද මෙකී බලවේග සිය නොමසුරු සිය සහයෝගය ලබා දෙන නිසා සජිත්ට අත්වන ඉරණම ඉතා පැහැදිලිය.

නමුත් පුවත් නැරඹීමට TVඑක දැමූ අයෙකුට සජිත්ගේ විකට කෙළි නැරඹීමට සිදුවීම හිංසනයකි. මෙය මානුෂීය කරුණකි . එක්කෝ මේ සත්‍ය සජිත් තේරුම් ගත යුතුය. නැත්නම් ප්‍රවෘත්ති අතරතුර සජිත්ගේ කොමඩි පෙන්වීම මධ්‍ය ආයතන විසින් නවතා දැමිය යුතුය

සජිත්ගේ ගොන් කතා 19ක් මෙන්න

සජිත්ගේ ගොන් කතා 19ක් මෙන්න2019.10.22 දින පැවැති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස්.

Posted by Udaya Prabhath Gammanpila on Tuesday, October 22, 2019