
විදෙස් ගත ශ්‍රමිකයන් අද මුහුන දී ඇති ශෝචනීය තත්වය පැහැදිලි කිරීමට අද දින මධ්‍ය හමුවක් පැවැත්වින . සිය දරුවන් අනාරක්ෂිත වී ඇති ආකාරය විස්තර කරන විට, දුක වාවාගත නොහැකි වූ දෙමාපියන් හඬා වැටෙන ආකාරය කාටත් සංවේදී දසුනක් විය.
මේ වන විට මැදපෙරදිග ලක්ෂ ගනනක් ශ්‍රමිකයන්ට රැකියා අහිමි වී ඇත. කාමර කුලී ගෙවා ගත නොහැකි වූ ඇතැමුන් මහ මගට වැටී ඇත. ඇතැමුන් කොරෝන වැලඳුන අය සමග එකම කාමරයේ වෙසෙයි. බෙහෙත් ටික ගැනීමට වත් මිල මුදල් නැත.
විදේශ ගත ශ්‍රමිකයන් රටේ ජිවනාලිය ලෙස හැදින්වීමෙහි වරදක් නැත. රටේ ආර්ථිකයට වැඩිම දායකත්වය දුන්නේ ඔවුන්ය. ඔවුන් පෝය නිවාඩු, සති අන්ත නිවාඩු,ලෙඩ නිවාඩු,උද්ඝෝෂණ, විශ්‍රාම වැටුප් කිසිවක් නොමැතිව දිවා රෑ වැඩ කළේ රට වෙනුවෙනි
අද දින මාධ්‍ය හමුවට පැමිනි දෙමාපියන් තම දරුවන්ට ලංකාවට ගෙන්වාදෙන ලෙස හඬා වැටෙමින් ආයාචනා කළහ