මංගල නිවැරදි තීන්දු ගන්නා සුවිශේෂි අයෙක් – හඳුන්නෙත්ති

මංගල සමරවීර මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ තීරණාත්මක සංධිස්ථානවල සුවිශේෂී කාර්යභාරයක් කළ පුද්ගලයෙක් යැයි ද හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි. මංගල පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි.

දේශපාලනයේ විශේෂ තීරණාත්මක සංධිස්ථාන වල නිවැරදි තීන්දු තීරණ ගත හැකි පුද්ගලයන් සිටින්නේ කිහිප දෙනෙකු බවත් මංගල සමග ඉන් එක් අයකු බව හඳුන්නෙත්ති විශ්වාස කරයි

මංගල සමරවීර පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමු ගැනීම ගැන හදුන්නෙත්ති මෙසේ කියා සිටියේ රූපවාහිනී නාලිකාවක පැවති සාකච්ඡාවකදීය.

හදුන්නෙත්ති වහෙන් ඔරෝ කීවද තිත්ත දේශපාලනයේ ඇත්ත කතාව කෙලින් කිව යුතුය. මංගල සජබ පක්ෂයෙන් ඉවත් වූයේ සජිත්ගේ දේශපාලනය ආඬි හත් දෙනාගේ කැඳ හැලිය වැනි විගඩමක් වී ඇති නිසාය. සජිත්ගේ කුහක තකතීරු දේශපාලය ගැන කලකිරුනු මංගල මේ වන විට රනිල් සමග සහයෝගයෙන් කටයුතු කරයි

රනිල් වැනි පරිනත භුමිකාවක වටිනාකම තේරුනේ සජිත් වැනි ජෝකර් කෙනෙකු සමග එක් වූ විටය. රනිල් දේශපාලනයෙන් සමුගත් දිනක ඔහු නැති අඩුව ලංකාවට පමනක් නොව කලාපයටම දැනෙනු ඇත.