පියානෝ සිදුකළ ලක් ඉතිහාසයයේ විශාලතම පාවාදීමට වසර 30 යි

1990 ජුනි 11 කලවංචිකුඩි පොලිසියේ සිට කොළඹ පිහිටි දිවයින පුවත්පත් කාර්යාලයට  ඇමතුමක් ලැබිණි. ” කොටි අපව වට කරලා , නමුත් සටන් කිරීමට ෆයරින් ඔර්ඩර්ස් නෑ” . කලවංචිකුඩි පොලිස් නිලධාරියා කීවේය. ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව යුද්ධය සහ සාමය ප්‍රකාශ කිරීමේ බලතල විධායක ජනාධිපතිවරයා සතු වෙයි. එකල ආර්. ප්‍රේමදාස කොටි සමග එකග වූ ඊනියා සටන් විරාමයක් නිසා හමුදාව සහ පොලීසිය බැ‍රැක්ක වලට සීමා කොට තිබුනි. ගිණි අවි පත්තු කිරීම සපුරා තහනම් කොට තිබුනි.

එදින රාත්‍රීයේ  රාත‍්‍රියේ 8.30 ට කලවංචිකුඩි පොලීසියෙන් තවත් ඇමතුමක් ලැබුනි. ‘කොටි කලවංචිකුඩි පොලිසිය වැටලූවා, අපට අවි බිම තබා යටත් වන ලෙස නියෝග කළා’’, දුක්මුසු ස්වරයෙන් ඔවුන් කියා සිටියහ . දිවි බේරා ගැනීමට හමුදාවේ සහය හෝ ලබා දෙන්න යැයි ඔවුන් දිවයින කාර්යාලයෙන් ආයාචනා කළහ.
 
දිවයින මාධ්‍යවේදියා සැනෙකින් නැගෙනහිර හමුදා ප්‍රධානියාට කථා කළේය. ‘‘හමුදාවට එළියට බැසීම තහනම් කරලා, ඒක සේනාධිනායකයගේ නියොගයක්” හමුදා ප්‍රධානියාගේ පිලිතුර විය
 
 ජුනි 11 දා රාත‍්‍රි 9.15 ට කලවංචිකුඩි පොලීසියෙන් තවත් ඇමතුමක් ලැබුනි  ‘කොටි අපට වෙඩි තිබනවා.’ එය කලවංචිකුඩි පොලීසියෙන් ලැබුනු අවසාන ඇමතුම විය.

 කොටි ත‍්‍රස්තයන් ජුනි 11 වැනිදා කල්මුණේ පොලිිසියද වට කළේය.
 
 ‘‘අවි බිම තබා යටත් වෙයල්ලා යැයි’’ කොටි අණ කලහ . අයිවන් බොතේජු එකල කල්මුණේ OIC විය. කොටි නියෝගයට අවනත නොවූ ඔහු සටන් කළේය. තවද ත‍්‍රස්තයන්ට ප‍්‍රහාර එල්ල කිරීමට අමතර බටපිරිස් එවන ලෙස ඉල්ලා සිටියේය . එකල පොලිස්පති අර්නස්ට් පෙරේරා විය. පොලිස්පති වහාම සේනාධිනායකයා වූ ප්‍රේමදාසට කථා කලේය. පොලිස්පතිගේ ඉල්ලීම ප්‍රේමදාස ඉවත දැමුවේය
 
අණදෙන රේඛාව අනුව ගිය පොලිස්පති වරයා, අවි බිම තබා යටත් වන ලෙස කලමුනේ OIC ට නියෝග කළේය. මෙය ලක් ඉතිහාසයේ සිදුවූ විශාලතම පාවාදීම විය.

 නැගෙනහිර පොලිස් ස්ථානවල සිටි සියලූ පොලිස් භටයන් අල්ලා ගැනීමට කොටි ක‍්‍රියා කළහ. තිරුක්කෝවිල් කැලෑවට ගෙන යනු ලැබූ පොලිස් භටයන් 600 කට අධික පිරිස වෙඩි තබා මරාදමා තිබිණි. නැගෙනහිරදී පොලිස් භටයන් 600 ක් අල්ලා ගැනීමේ සිද්ධිය පේ‍්‍රමදාස ජනතාවට වසන් කළේය. පේ‍්‍රමදාසට වූ බිය නිසා සත්‍ය තොරතුරු ජන මාධ්‍ය තුල වාර්තා වූයේ නැත.
  
කොටි පොලිස් ස්ථාන යටත් කරගන්නා විට කොටි සංවිධානයේ නායකයන් දෙදෙනෙකු කොළඹ හිල්ටන් හෝටලයේ සිටියහ . කොටි නායකයන් දෙදෙනාට පොලිස් ආරක්ෂාව සහිතව නවාතැන්  දුන්නේ ප්‍රේමදාසය. මේ අතර කොටි නායකයන් දෙදෙනාට ලැබුනු රහස් පනිවිඩයක්  හමුදා මෙහෙයුම් මැදිරිය ටැප් කළේය. ‘‘ ප්‍රේමදාසගෙන් මුදල් ලැබුනු වහාම මුලතිව් වෙත පැමිනෙන්න ‘’  ලෙස එම පනිවිඩයේ සදහන් විය.

විජය කුමාරතුංග ඇතුළුව 87- 89 කාලයේ ජවිපෙ ගිණුමට බැර වූ ඝාතන බොහොමයක් සිදු කලේ මෙකී කෲර පාලකයාය.ලලිත් ඇතුලත්මුදලි වැනි යුගපුරුෂයන් ලක්මවට අහිමි වූයේ මෙකී අළුගෝසුවා නිසාවෙනි. එජාපය බෙලහීන කරන බීජ වැපිරිවේ මොහුය. පියානෝ නැවැත්වූ තැන සිට පුතානෝ එම ව්‍යාපෘතිය කරට ගෙන ඇත.