ගූ කප්පරක් කාපු එකාට පඩ ගඳත් ගඳක්ද ?

30 වසරක යුද්ධයේ උච්චතම අවස්ථාව වාර්තා වූයේ  නන්දිකඩාල් කලපුවෙනි. ප්‍රභාකරන් අවසන් ගමන් ගිය පුවත  දකුනේ සිංහලයන්ට ගෙන ආවේ මහත් ආනන්දයකි. එකී පුවත ඇසූ දකුනේ ජනයා රතිඤ්ඤ දැල්වූහ. පක්ෂ භේදයකින් තොරව  කිරිබත් බෙදා හදා ගත්හ. නිල් කොල රතු සියළු දෙනා එකට එක්ව සතුට  සැමරූහ. නමුත් දකුණේ ජනයා එකත්පසව කැවුම් කිරිබත් කෑ මුල් අවස්ථාව මෙය නොවේ.

ඇත්ත තිත්ත වුවද ‘සුචරිත’ මියගිය පුවත අසා දකුනේ ජනයා කිරිබත් කෑහ

1993 මැයි පලමු වැනිදා බාබු නම් අයෙක් ආමර් වීදියේදී මාරාගෙන ප්‍රහාරයක් එල්ල කලේය. බාබුගේ ඉලක්කය වූයේ එවක විධායක ජනපති වූ ආර්. ප්‍රේමදාසය ඇඳක මියයන්ට පින නැතිවූ ආර්. ප්‍රේමදාස මහ මග අවසන් ගමන් ගියේය ඇත්ත තිත්ත වුවද ප්‍රේමදාස මියගිය පුවත අසා දකුනේ ජනයා කිරිබත් කෑහ. පක්ෂ පාට භේදයකින් තොරව දකුණේ ජනයා සතුට සැමරූහ

සුචරිත  ‘වන් මෑන් ෂෝ කාරයෙකි

ආර්. ප්‍රේමදාස බලයට පත්වූයේ ත්‍රස්තවාදී සංවිධාන සමග ඩීල් කරමිනි .ප්‍රේමදාස 88 දී ජවිපෙ සමග ගනුදෙනුවක් කොට මැතිණියට වැටීමට තිබූ චන්ද අහිමි කළේය. ජවිපෙ බලල් අතක් ලෙස යොදවා  එදිරිවාදීන් දඩයම් කළේය. ප්‍රේමදාස ලංකාව මිනීකන්නන්ගේ දේශය බවට පත් කළේය . භීෂණය අවසන් වූ පසු ප්‍රේමදාස පාලනය ‘වන් මෑන් ෂෝ ” එකක් විය. ප්‍රේමදාස ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ  කඩ පිලේ චන්ඩියෙකු  ලෙස හැසිරුනේය.

වැඩ්ඩන් එලවා නිව‍ටුන් සමග කළ දේශපාලනය

ප්‍රේමදාස, ලලිත් ගාමිනි වැනි දක්ෂයන්ට පල නොකියා පලා බැදුවේය.පශ්චාත් භාගය වුවද ලෙවකන නිවටයන් ප්‍රේමදාස සමග ඉතිරි විය. ඒ.ජේ රණසිංහ වරෙක ‘ප්‍රේමදාසගෙ සෙරෙප්පුවෙන් සුප් බීමට සූදනම්” යයි කීවේය. ප්‍රේමදස ප්‍රිය කළේ මෙවැනි නිවටයන්ය. පේ‍්‍රමදාසගේ හීනමාන දේශපාලනය  නිසා එජාපය විනාශ විය.ලංකාවේ තනි විශාලතම දේශපාලනය පක්ෂය වූ එජාපය බෙලහීන වූයේ ප්‍රේමදාස නිසාවෙනි.

වියරු එකාධිපතියා නිසා යුග පුරුෂයන් රටට අහිමි විය

ප්‍රේමදාස දකුණේ තරුණයන් දහස් ගණනක් ඝාතනය කළේය. හර්ෂ අබේවර්ධන , රන්ජන් විජේරත්න , ලලිත් ඇතුලත්මුදලි, විජය කුමාරතුංග , කොබ්බෑකඩුව , ක්ලැන්සි ෆැර්නෑන්ඩු වැනි  ඝාතන ත්‍රස්තවාදී ගිණුම් වලට බැර කොට තිබුනද ඒ තුල සැක සංකා විය. ප්‍රේමදාස නිසා රටක් වටින චරිත ගණනාවක් අපට අහිමි විය. ප්‍රේමදාස නිසා එක්සත් ජාතික පක්ෂය දෙකඩ විය. ප්‍රේමදාස තමාහැර ගිය එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් පලි ගත්තේය .

පියානෝ කෲර ඝාතකයෙකි

හේමා නෙට් බෝල් සෙල්ලම් කරන අයුරු ඡායා රූප ගත කළේ යයි දවස පුවත් පතේ මාධ්‍ය වේදියෙකු ඝාතනය කළේය . ප්‍රේමදාස උපහාසයට ලක්කරමින් ‍කා‍ටුන් එකක් ඇන්දයි කියා ඇත්ත පුවත්පතේ කාටුන් ශිල්පියාගේ කට කැපුවේය. රිචඩ් සොයිසා වැනි මාධ්‍ය වේදින් ඝාතනය කළේය . ප්‍රේමදාසට එරෙහිව ගිය ලලිත් ගාමිනිගේ ආධාර කරුවන්ට අමානුෂික ලෙස පහර දුන්නේය. අවසානයේ ලලිත් ඝාතනය විය. ඔහුගේ අවමංගල්‍ය උළෙලට සහභාගි වූ ලක්ෂ සංඛ්‍යාත ජනකායට කඳුලු ගෑස් එල්ල කළේය.

ලක් ඉතිහාසයේ විශාලතම  පාවාදීම කළේ  ප්‍රේමදාසය 

ප්‍රේමදාස එල්ටීටීඊ සංවිධානය ඉල්ලූ අවි ආයුධ, සිමෙන්ති කන්ටේනර ගණන් දුන්නේය. කෝටි ගණනින් මිල මුදල් දුන්නේය . 1990 කොටි ත්‍රස්ත්වාදීන් නැගෙනහිර  පොලිස් ස්ථාන වට  කලේය . එක වෙඩිල්ලක් හෝ පත්තු නොකර කොටින්ට යටත් වන ලෙස ප්‍රේමදාස නියෝග කළේය. යටත් වූ පොලිස් නිළධාරීන් 774ක් කොටින් අතින් අමු අමුවේ ඝාතනය විය. මහින්ද කොටින්ට මුදල් දුන්නද යුද්ධය ජයග්‍රාහීව අවසන් කළේය . නමුත් ප්‍රේමදාස කොටින් ශක්තිමත් කළා පමනි

පියානෝ අඩි පාරේ යන පුතානෝ.

ප්‍රේමදාසගේ කුප්ප දේශපාලනයේ ඇවෑමෙන් රනිල්ට ලැබුනේ නටබුන් වූ පක්ෂයකි. සජිත් එජාප පක්ෂ සාමාජිකත්වය ලබා ගත් දින පටන් උත්සාහ කළේ පක්ෂය ගොඩ නැගීමට නොව රනිල් පන්නා බලය ලබා ගැනීමටය. පක්ෂයේ බලය ඇල්ලීමට සජිත් දියත් කළ කුමන්ත්‍රන අපමනය. සජිත් වරෙක රනිල්ට එරෙහිව නවක මන්ත්‍රීන් කුලප්පු කළේය. කිලී වැනි කෛරාටික ව්‍යාපාරිකයන් සමග එක්ව රනිල් එලවීමට දඟ දැමුවේය. වරෙක සජිත් එජාප මූලස්ථානයට ගල් ගැසුවේය. අවසානයේ එජාපයේ පලුවක් ගලවාගෙන ගොස් අළුත් පක්ෂයක් අටවා ගත්තේය

සජිත් කළ මහා පාවාදීම

හැට දෙලක්ෂක ප්‍රගතිශීලී ජනයා 2015 ජන 8 විප්ලවයක් කළේය. දේශප්‍රේමී සිංහ හම පොරවාගෙන රටේ සාරය උරා බොමින් සිටි රාජපක්ෂ කල්ලිය  පන්නා දැමීමට ජනයා  සමත් විය. සාහසික ලෙස මහජන දේපල කොල්ල කෑ රාජපක්ෂලා හිරගෙයි තපිනු දැකීම ජනයාගේ බලාපොරොත්තුව විය. නමුත් 62 දෙලක්ෂයක ජනයා ජයග්‍රාහීව අවසන් කල විප්ලවය සිරිසේන පාවා දුන්නේය . එපමනක් නොව සිරිසේන  රාජපක්ෂලා සමග එක් වී ජන 8 විප්ලවයට එරෙහිව ප්‍රති විප්ලවයක් දියත් කළේය. එහිදී සජිත් සිටියේ සිරිසේන සමගය.

අලියා යනු වාසනාවේ , එඩිතර බවේ සහ අභිමානයේ සංකේතයයි

ගූ කප්පරක් කාපු එකාට පඩ ගඳත් ගඳක්ද කියා කථාවක් ඇත. ප්‍රේමදාසලා යනු බලය වෙනුවෙන් ඕනෑම කුප්ප වැඩක් කිරීමට සූදානම් පිරිසකි . ‘‘ මම සිරිකොත බලය අල්ලනවා’’ වැනි සජිත් කියන කතා ගැන පුදුම විය යුතු නැත. එජාපය සමග සිටින්නේ අභිමානවත් එඩිතර පුරවැසියන් පිරිසකි. අලියා යනු අභිමානයේ සංකේතයයි.  සජිත් වැනි ද්‍රෝහියෙකුට සිරිකොත ඇල්ලීමට තියා එහි පස් පෑගීමටවත් ඉඩක් නැත.