මැතිවරණයෙන් පසු සිදුවන්නේ කුමක්ද ? රනිල් -රවි එජාප පාක්ෂිකයන් වෙත ලියයි

අනුරපුර රජමාලිගයේ සුවිශේෂිත දිනයකි. ආචාර සමාචාර මැද රජතුමා සිංහාසනාරූඪ විය. රාජ සභාවේ සිදුවන දෑ බලා සිටි දොරටුපාලයා හූ තලමින් සිනාසුනේය. ඉන් කෝප වූ රජතුමා දොරටුපාල මරා දැමීමට අණ කළේය. යසලාලක තිස්ස රජු දොර‍ටුපාල ලෙසත් සුභ නම් දොර‍ටුපාලයා රජු ලෙසත් වෙස් මාරු කර ගත් කවට කෙළිය එලෙස අවසන් වූ බව අප කියවා ඇත.

  1. පැය කිහිපයකට රාජාභරණ පැළඳගත් දොර‍ටුපාලයාට නියම රජුගේ හිස ගසා දැමීමට තරම් එඩිතර බවක් ආරෝපනය වූයේ කෙසේද?
  2. නියම රජු දං ගෙඩියට ‍රැගෙන ගොස් හිස ගසා දැමීම දක්වා දීර්ඝ ක්‍රියාපටිපාටිය සාර්ථකව නිම කිරීමට හැකි වූයේ කෙසේද ?

නිසැකවම රාජ සභාවේ ප්‍රබලයින්ගේ සහාය දොරටුපාලයාට ලැබී ඇත.

  1. එය මනා ලෙස සැලසුම් කළ කුමන්ත්‍රණයකි.
  2.  දොර‍ටුපාලයා මෙම කුමන්ත්‍රණයේ ඉත්තෙකි.
  3. කුමන්ත්‍රණයේ මහ මොළ කරුවන් කවුරුන්ද යන්න ඉතිහාසය වසන් කොට ඇත.

වලගම්බා, ගැමුණු වැනි රණකාමින් බිහි කළ  මෝර්ය වංශයට අත් වූ ඉරණම

සුභ සහ යස නාටකය යනු මෝර්ය වශයේ සිට ලම්භකරන වංශයට බලය ලබා ගැනීම සදහා දියත් කල සැලසුමකි. දොර‍ටුපාල ඉත්තෙකී.  එය ලක් ඉතිහාසයේ දියත් කල අති ශූක්ෂතම සැලසුම ලෙස හැදින් වූවද වරදක් නොමැත. වලගම්බා, ගැමුණු වැනි ශ්‍රේෂ්ඨ රණකාමීන් මෝර්ය රාජ වංශයට අයත් විය. නමුත් මෝර්ය වංශය අවසන් විය. මෝර්ය වංශය අවසන් වීමෙන් රට නැවතුනේද ? නැත . අනතුරුව රට ගොඩ නැගූ ලම්බකර්ණයන් බලයට පත් වූහ.සැබැවින්ම රට ගොඩ නැගුවේ ඔවුන්ය

මෝර්ය වංශයේ වලගම්බා ගැමුනු වැනි රණකාමීන් ද්‍රවිඩ ආක්‍රමනිකයන් පරාජය කළ බව සත්‍යකි.  නමුත් එම රණකාමයෙන් වැඩි කල් රට කරවීමට නොහැකි විය. රණකාමීත්වය වඩා  ආර්ථික අභිවෘද්ධිය උදෙසා  ජනයා තුල ඉල්ලුමක් ඇති විය. මෝර්ය වංශය යුද්ධයට දක්ෂ වුවද   ආර්ථිකය ගොඩනැගීමට දර්ශනයක් නොවිනි. ලම්භකර්න වංශයේ වසභ  කල්යල් බලා එම   හිඩස පිරවූයේය. වසභ අවු 44 අඛන්ඩව රට පාලනය කළේය. ඔහු රටේ කොදුනාරටිය වූ කෘෂිකර්මාන්තය, ඉංජිනේරු ශිල්පය හා බද්ධ කළේය. යෝධ ඇල මාර්ග, විශාල වැව් තැනීම් ආරම්භ කළේ වසභ රජුය.

එජාපයේ පුනරාගමනය

රාජපක්ෂ දේශපාලනය මෝර්ය වංශයටත් එජාප රනිල්ගේ දේශපාලනය ලංම්භකර්ණ  වංශයටත් උපමා කළ හැකිය. වසභ බලය ලබා ගැනීමට යස නම් දොර‍ටුපාලයා යොදා ගත්තේය. ඉත්තා ටික කලෙකට කප්පිත්තා වූ නිසා දොර‍ටුපාලයා අවු 6ක් රජකම් කලේය. රනිල්,  රාජපක්ෂලා පරාජය කිරීමට සිරිසේන නම ඉත්තා  යොදා ගත්තේය. (සිරිසේනලා සජිත්ලා යනු දොර‍ටුපාලයා මෙන් කිසිවෙකු විසින් මෙහය වන ඉත්තන්ය) ‘යස’ නම්, දොර‍ටුපාලයා අවු 6ක් රට පාලනය කළාසේ සිරිසේන – සජිත් හවුලද  අවු 5ක් රට පාලනය කළේය. නමුත් දැන් ඔවුන්ගේ කාලය තීරනාත්මකව අවසන් වී ඇත.කරුණු එසේ හෙයින් , මේ ගෙවී යන්නේ එජාප ආගමනය සිදුවන කාල හෝරාවයි.

සජිත් යනු අහිකුන්ටිකයන් පිරිසක් විසින් නටවන රිලවෙකි

සජිත් එජාප සාමාජිකත්වය ලබා ගත් ඊලග පැයේ සිට පක්ෂයේ බලය ඇල්ලීමට කුමන්ත්‍රණය කළේය. නමුත් එජාපය යටත් කර ගැනීමට නොහැකි විය. ගෝබෙල්ස් අතේ රෝල් වලින්  හිට්ලර් පිම්බුවා සේ  සිරස සජිත් පිම්බුවේය. එකම බොරුව දිගින් දිටම කියා එය ඇත්තක් යයි ඒත්තු ගැන්වීම ගොබෙල්ස් ක්‍රමයයි. සිරස සජිත් ගැන එවැනි අසද්ධ බොරු කීවේය.

සජිත් යනු අහිකුන්ටිකයන් පිරිසක් විසින් නටවන රිලවෙකි.  රිලවා  අරක  පෙන්වනවා, මේක පෙන්වනවා කියා ජනගත කළ විට නරඹන්නන් වැඩි වෙයි. අහිකුන්ටිකයාගේ ආදායම වැඩි වෙයි. නමුත් කියන නැටිලි රිලවාට නැටිය නොහැක.  සජිත් ප්‍රේමදාස යනු කිලී විසින් සිය වාසි තකා පිම්බූ රිලවෙකි.

සජිත් පිම්බීමට ජනගත ගත කළ අසද්ධ බොරු කිහිපයක් පහත පරිදිය

1.ගම ඉල්ලන්නේ සජිත් (බොරුවක් බව ඔප්පු විය)

2. එජාප පාක්ෂිකයො  ඡන්ද පොලට ගෙන්වන්න නම් සජිත් ඕනෑ (බොරුවක් බව ඔප්පු විය)

3. තරුණ තරුණියො සජිත්ට පිස්සු වැටිලා (බොරුවක් බව ඔප්පු විය)

4. බිම් මට්ට්ම සජිත් එක්ක (බොරුවක් බව ඔප්පු විය)

නාසි දේශපාලනයේ  ගොං කථා අවසන් වූ හැටි

පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ගැන කී කථා සියල්ල බොරු බව ඔප්පු විය. හිට්ලර් හොම්බ බිම ඇනගෙන සිටියදීත්  අපි ලන්ඩන් අල්ලවා, මොස්කව් අල්ලනවා වැනි කථා කීවේය.  සෝවියට රතු හමුදාව විසින්  බර්ලිනය යටත් කර ගැනීමත් සමග හිට්ලර්ගෙ ගොං කථා අවසන් විය. එහෙයින් සජිත් සිරිකොත අල්ලනවා කීම ගැන කලබල විය නැත. අද ලෝකය තනි යායකි. අප සිටින්නේ ‘ස්මාට් තාක්ෂණය’  ලෝකය උඩු යටිකුරු  කරන යුගයකය. වගාවට වතුර ටික, පොහොර ටික  දමන්නේ ස්මාට් ෆෝන් එකෙනි.  ගූගල් කීරිම දැනුම බවට පත්වී ඇත. සජිත් කියන ගොං කථා වලින් චූන් වන මිනිසුන් දැන් නැත.

පුද්ගල චරිත ඉවත් වුනා කියා එජාපයේ පදනම සෙලවෙන්නේ තැත

එජාපය යනු ලංකාවේ තනි විශාලතම දේශපාලන පක්ෂයයි. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ජනයා එහි පදනම වෙයි. එහෙයින් සජිත්, හකීම් , රිෂාඩ්, මනෝගනේෂන් , දිගම්බරම්, මුජිබර්  වැනි පුද්ගල චරිත කිහිපයක් ඉවත් වුනා කියා එජාපයේ පදනම සෙලවෙන්නේ නැත. එජාපය යනු  ජීවන ශෛලියකි (Life style) . සිංහල , දෙමල , මුස්ලිම්, බර්ගර් ජනයා වැළදගත් ජීවන ශෛලියකි. පැහැදිළිවම ජනයා එජාපය සමගය .

මෙම තත්වය උදාහරණයකින් කිව  හොත් හොලිවුඩ් යනු කලාව අභිබවා ගිය ජීවන ශෛලියකි. ටොම් කෲස් ඇතුලු චරිත කිහිපයක්  ඉවත් වුනා කියා හොලිවුඩ් සිනමා කලාව වැටෙන්නේ තැත. මක් නිසාදයත් රසිකයන් හොලිවුඩ් කලාව සමගය . සමහරක් විට හොලිවුඩ් කලාවෙන් ඉවත් වූ ටොම් කෲස් අනාථ  විය හැක.

සද්ධන්ත කුලයේ සේනාව රණ බිම දෙවනත් කරමින් ඉදිරියට ඇදෙයි

විහිළුකාරයන්ගේ , හොර තකක්ඩින්ගේ කුමන්ත්‍රණ වලට එජාපය නම් ජීවන ශෛලිය පාවාදිය යුතු නැත. තවද බැරෑරුම්ම අභියෝග ‍රැසක් රට හමුවේ ඇත. ජාතියේ දූ පුතුන්ගේ හෙට දවස වෙනුවෙන් අප ක්‍රියාත්මක් විය යුතුව ඇත . රටේ ආර්ථිකය ගොඩ නැගිය හැක්කේ එජාපයට පමනි. රජ්‍ය වැ‍ටුප් රු 10000කින් වැඩි කරමින්, සමෘර්ධිය දෙගුණයකින් වැඩි කරමින්, ගෑස් මිල 1000කින් අඩු කරමින්, ඉන්ධන මිල අඩුකරමින්, ඉතිහාසයේ වැඩිම විදේශ ආයෝජන ගෙනෙමින් එජාපය සිය හැකියාව ඔප්පු කොට ඇත.

රටේ අනාගතය වෙනුවෙන් යුක්ති යුක්ත දේශපාලන ඉලක්ක හඹා යා යුතු යුතුව ඇත.   ලබැදි සොයුරු සොයුරියනි,  , රට ගොඩ නගන සද්ධන්ත කුලයේ සේනාව රණ බිම දෙවනත් කරමින් ඉදිරියට ඇදෙයි.  මව් බිමේ නාමයෙන් සද්ධන්ත කුලයේ සටන්කාමී ධජය වැළදගත යුතු නිමේශය එළඹ ඇත.

One thought on “මැතිවරණයෙන් පසු සිදුවන්නේ කුමක්ද ? රනිල් -රවි එජාප පාක්ෂිකයන් වෙත ලියයි

  1. Janaka kumara

    - Edit

    ඉතා හොඳ ගැලපීමක් හා කාලෝචිත අර්ථ දැක්ථවීමක්.

Comments are closed.