ඛේමාගේ කොලුවා සහ විස්කි මැඩම් අළුත් වැඩක

මෙවර මැතිවරණයෙන් දිර්ඝ කාලයක් තිස්සේ පාර්ලීමේන්තුව නියෝජනය කරන ජේෂ්ඨ දේශපාලකයන් ගණනාවක්ම  පරාජය වීමට නියමිතය . එම තත්වය සජිත්ගේ පක්ෂයට පමනක් සීමා වූවක් නොවේ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ හෝ කරන  ජේෂ්ඨයන් ගනනාවක්ද මෙම අනතුරට මුහුන පා ඇත. තවද එජාප පතාකයන් කිහිප දෙනෙකුද ගෙදර යන ගැට්ටේ සිටියි. මංගල නම්බු පිටින් තරඟයෙන් ඉවත් වූයේ එහෙයිනි. ඉදිරි දින කිහිපයේදී මෙම අනතුර හදුනාගත් තවත් දේශපාලකයන් ගණනාවක්ම තරඟයෙන් ඉවත් වීමට නියමිතය.

මංගල සහ චන්ද්‍රිකා යනු බොරදියේ පමනක් නොව දිය බොර කර හෝ මාළු බාන ජෝඩුවකි. චන්ද්‍රිකා සහ මංගල එක්ව ” අපි ශ්‍රීලංකා ” නමින් පුළුල් ජාතික පෙරමුණක් ගොඩ නැගීමට සැලසුම් කොට ඇත. ඒ අනුව ඉදිරියේදී මැතිවරණ සටනින් ඉවත්වන ජේෂ්ඨ දේශපාලකයන් සහ පරාදවන දේශපාලකයන් මෙම සංවිධානයට සම්බන්ධකර ගැනීමට නියමිතය. රාජිත සෙනෙවිරත්න, කුමාර වෙල්ගම, තිලංග සුමතිපාල , විජිතමුණි සොයිසා, දුමින්ද දිසානායක ඇතුළු දේශපාලනඥයන් ගණනාවක් මෙම පෙරමුණට එක් වීමට දැනටමත් කැමැත්ත පල කොට ඇත .

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ සමග කටයුතු කරනවාට වඩා පහසුවෙන් තමන් සමග කටයුතු කල හැකි යයි රාජිත සේනාරත්න කළ ප්‍රකාශයද මෙම සැලසුමේ කොටසක් බව අපට තොරතුරු දුන් පුද්ගලයා සදහන් කළේය. රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත්කර තිබියදී ඔහු සඟවාගෙන සිටියේ චන්ද්‍රිකාට අයත් ටොරින්ටන් නිවසේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය දැනටමත් පිහි‍ටුවා ඇති අතර එහි සමාරම්භක උත්සවය පසුගිය නොවැ මස 5වන දින සුගතදාස ක්‍රිඩාගනයේදී චන්ද්‍රිකාගේ සහ වෙල්ගමගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය. එම ව්‍යාපරය ‘අපි ශ්‍රී ලංකා’  නමින් පුළුල් ජාතික පෙරමුණක්සේ ගොඩ නැගීමට චන්ද්‍රිකා සහ මංගල සැලසුම් කොට ඇත