සජිත්ගේ කළුතර අපේක්ෂකයාට පංච නින්දාවෙන් කුණු බැනුම්

කළුතර දිස්ත්‍රිකයෙන් තරග කරන  අපේක්ෂකයෙකුගේ කුප්ප වැඩක් අප වෙත වාර්තා වී ඇත. රවීන්ද්‍ර යසස් මෙවර මැතිවරණයට ඉදිරිපත් වන්නේ කළුතර දිස්ත්‍රික්කයෙනි. ඔහු තරඟ කරන්නේ සජිත්ගේ පක්ෂයෙනි. ඊයේ  ජේෂ්ඨ පොලිස් අධිකාරි ධූරයට උසස්වූ නිළධාරියෙකු වෙනුවෙන් සංවිධානය කළ සාදයක් පැවැත්වී ඇත . එය පැවැත්වී ඇත්තේ  හොරණ  MCV Sport Club ශාලාව තුලය. මෙම සාදයට දේශපාලනඥයන් කිහිප දෙනෙකුටද ආරාධනා ලැබී ඇත. දුරකථනයෙන්  තරඟ කරන රවීන්ද්‍ර යසස්ටද ආරාධනාවක් ලැබී ඇත.

සාදය අතර තුර තමාට ගීතයක් කීමට අවස්ථාව ලබා දෙන්න යයි රවීන්ද්‍ර යසස් සාදයේ සංවිධායක මණ්ඩලයට ඇවිටිලි කර ඇත. ඔහුගෙන් වූ පෙරෙත්තය නිසා එක් ගීතයක් කීමට අවස්ථාව ලබා දී ඇත. ලද අවසරයෙන් මොහු  ” දුරකථනයකින් මම ඔබ අමතමි”  යන ගීතය ගායනය කොට ඇත. ගීතය ගායනා කිරීම ආරම්භ කොට ටික වේලාවකින්    ”මගේ අංකය 13” ,   ” ඔබේ කතිරය මට දෙන්න”   වැනි ඔරිජිනල් ගීතයේ නැති  කොටස් ඇතුල් කරමින් ගීතය ගායනය කොට ඇත. එවිට යසස් එන්නේ මොකාටද යන්න සියල්ලන්ටම මීටර් වී ඇති අතර  ” උඹ වගේ හිඟන්නෙකුට නෑ දෙන්නේ ඡන්දේ ” වැනි කථා ශාලාව තුලින් නැගී ඇත. ඒ සමගම ශාලාව තුලින් විශාල ‘හූ’ හඬක් ආරම්භ වී ඇත. එසැනින් ක්‍රියාත්මක වූ සාදයේ සංවිධායකයන් රවීන්ද්‍ර යසස්ගේ අතවූ මයික්‍ර පෝනය උදුරා ගෙන ඔහු එළවා දමා ඇත.

එම සිදුවීමෙන් රැස්ව සිටි සියල්ලන්ගෙන්ම රවීන්ද්‍ර යසස්ට දැඩි දෝෂාරෝපනයක් එල්ල වී ඇත. ඒ සමගම රවීන්ද්‍ර යසස් එදා මෙදා තුර කල කුප්ප වැඩ සියල්ල කථා බහට ලක් වී ඇත. මීට ටික කලකට පෙර රවීන්ද්‍ර යසස්ගේ අඹ යාළුවකු වූ රංග ශිල්පි සුදත්ත තිලක්සිරි විදේශගත වී ඇත. සහෝදර රංග ශිල්පියාට අයත් බො‍රැලැස්ගමුවේ පිහිටි නිවස ‍රැක බලා ගන්න යයි කියා රවීන්ද්‍ර යසස් ලබා ගෙන ඇත. රවීන්ද්‍ර යසස් ගැන විශ්වාසය තැබූ ඔහු  සියළු බඩු බාහිරද සමගින් නිවස බාරදී ඇත. අඹ යාළුවා යලි මෙරටට පැමින නිවස ලබා ගන්නා විට රු ලක්ෂ 6 පමන රන් භාන්ඩද සමගින් නිවසේ බොහෝ දේ අතුරුදහන් බව සොයා ගෙන ඇත

දේශපාලනය යනුසමාජය යහපත් දිශාවකට ‍රැගෙන යාමේ ව්‍යාපෘතියකිනමුත් මෙවැනි අළුගුත්තේරු  දේශපාලකයන් ගෙන් අප අද්දකින්නේ  යට කී අපේක්ෂාවන්ට සපුරා පටහැනි විකෘතියකි. රටේ නීති සම්පාදනයට වරම් ඉල්ලන්නේ මෙවැනි සතුන් නම ලංකාවට අබ සරණය