සිරිසේන සහ සජිත් ‘හෙණ’ ඉල්ලන වීඩියෝව මෙන්න

සිරිසේන හෙණ ඉල්ලන කථාවක් මේ වන විට සමාජ ජාලා තුල වයිරල් වෙමින් ඇත. එම වීඩියෝව ලිපිය සමග අමුනා ඇත

‘‘මම ගත්ත තීන්දු කිසිම ජනාධිපති කෙනෙකු අරගෙන නෑ, ලංකාවෙ මොන ජනාධිපතිද තමන්ගේ අගමැති අයින් කරලා, තමන් ප්‍රතිවාදියා අගමැති කළේ ’’ සිරිසේන මහා වීර කමක් කළා සේ එවැනි කථාවක් කියයි.

ජනවාරි 8 සිදුවූයේ විප්ලවයකි. රාජපක්ෂලා ජනයාට ඡන්ද අල්ලස් දුන්හ. සිල්රෙදි බෙදූහ, ටකරන් බෙදූහ, මුදල් දුන්හ.  සෑම ලයිට් කනුවකම මහින්දගේ කටවුට් එකක් එල්ලූහ.නමුත් ජනයා රාජපක්ෂ පාලනය පෙරළා දැමූහ. හැට දෙලක්ෂක ප්‍රගතිශීලී ජනයා 2015 ජන 8 සිදු කලේ විප්ලවයකි.

දේශප්‍රේමී සිංහ හම පොරවාගෙන රටේ සාරය උරා බොමින් සිටි රාජපක්ෂ කල්ලිය  පන්නා දැමීමට ජනයා  සමත් විය. නීතිය අතට ගෙන  ගෙන මහ පාරේ  මිනී මැරූ , සාහසික ලෙස මහජන දේපල කොල්ල කෑ රාජපක්ෂලා හිරගෙයි තපිනු දැකීම සුවහසක් ජනයාගේ බලාපොරොත්තුව විය. නමුත් 62 දෙලක්ෂයක ජනයා ජයග්‍රාහීව අවසන් කල විප්ලවය දෙදෙනෙකු විසින් පාවා දුන්හ. එකෙකු සිරිසේනය , අනෙකා සජිත් ප්‍රේමදාසය.

මෙකී ද්‍රෝහීන් දෙදෙනා රාජපක්ෂලා සමහ එක්ව එජාප රජය දිනෙන් දින දුර්වල කලහ. ජනතා විප්ලවයෙන් සිංහාසනාරූඩ වූ පුද්ගලයා ජනයාට ද්‍රෝහී වුවහොත් හොත් එය කවර නම් පාවා දීමක්ද ?  ජනතා විප්ලවය ආපසු හරවන ප්‍රතිවිප්ලවයට ඔහු  නායකත්වය දුන හොත් එය කවර නම් පාවා දීමක්ද ? නමුත් අවාසනාවට එයම සිදු විය 

සරලව කිවහොත්,  ‘‘ කුකුළු කො‍ටුවට හොරෙන් පනිමින් කුකුළන් කාදමන නරියෙකු විය. මහත් පරිශ්‍රමයකින් නරියා අල්ලා ගස් බැන්දේය. නමුත් සිදුවූයේ අනෙකකි. කුකුළු ‍රැහෙන්ම මතුවූ දෙදෙනෙකු ගස් බැදි නරියා නිදහස් කළේය’’. රාජපක්ෂ නැමති දේශප්‍රේමී සිංහ හම පොරවාගත් නරියා නිදහස් කලේ සිරිසේන සහ සජිත් ප්‍රේමදාසය.

සිරිසේන නීතියේ මුදුන්මල්කඩ වන් වූ ආණඩුක්‍රම ව්‍යව්ස්ථාව අමු අමුවේ උල්ලංඝනය කළේය. සජිත්ගේ ගේ පිල සිරිසේන සමග වූ නිසා දෝෂාභියෝගයක්  පිළිබද බියක් සිරිසේන තුල නොවිනි. කුප්‍රකට ඔක් 26 කුමන්ත්‍රණය ව්‍යවස්ථා විරෝධි බව අධිකරණය තීන්දු කළේය. එවිට සිරිසේනට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට සියල්ල සූදානම කොට තිබුනි. එය වැලැක්වූයේ සජිත් විසිනි. සජිත් සහ සිරිසේන යනු මෙරට සුවහසක් එජාප පාක්ෂිකයන්ගේ හදවත් පලා ලුණු දැමූ ද්‍රෝහීන් දෙදෙකෙකි. එළඹෙන මැතිවරණයේදී නුබලාට දඬුවම් දීමට ජනයා  මග බලා සිටී.