චෞර ‍රැජිණට සභාපතිධූරය- මණ්ඩලේ ආයෙත් කචල්

මීට දින කිහිපයකට පෙර සජබ  වනිතා බලවේගයේ සභාපතිකම ජලනි ප්‍රේමදාට පිරිනැමුණි. ජලනි යනු පසුගිය ජනාධිපතිවරණයට ලැබූ  මුදල් පිල්ලි ගැසූ හෙරක් ලෙස ලේබල් වූ තැනැත්තියකි. මැතිවරණ කලෙක්ෂන් එකෙන් මිලදීගත් සැලුන් එකේ ඡායා රූප ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වල පවා පල විය. එවැනි පසුබිමක් තුල ඇයට මෙවැනි තනතුරක් පිරිනැමීම ගැන පක්ෂය තුලින් දැඩි විරෝදයක් එල්ල වී ඇත.

අතීතයේ පටන් එජාප නායකයින්ගේ බිරින්දෑවරු ගෞරවණීය සමාජ පිලිගැනීමක් ලබා ගත්හ. ජයවර්ධන මැතිණිය, දිසානායක මැතිණිය, වික්‍රමසිංහ මැතිණිය ඒ අතුරින් ප්‍රධානය. ඔවුහු ප්‍රසිද්ධ ස්ථානයකට පැමිණෙන විට තම ස්වාමියාගේ තනතුර සහ ස්ත්‍රී ප්‍රතිරූපය රැක ගැනීමට කැප වී ක්‍රියා කළහ. එජාපයේ මෙම ගෞරවණීය සම්ප්‍රදාය විනාශ කළ පලමු වැන්නා හේමා ප්‍රේමදාසය . දෙවැන්නා ජලනි ප්‍රේමදාසය. 

සජිත් ජනාධිපති වීමටත් පෙර ජලනි විසින් ඇය ” ආර්යාවක් ” ලෙස හදුන්වා ගත්තාය. ජලනිගේ කථාවට විශාල ජන අප්‍රසාදයක් එල්ල වූ විට සමාව ගැනීම පසෙක තබා ඇය තවත් අළුගුත්තේරු වැඩක් කළාය. ඇය සිය මාධ්‍ය නඩය හරහා වීඩ්යෝව එඩිට් කළාය . ‘ආර්යාව’ කෑල්ල කපා වීඩියෝව යලි සමාජ ජාල වෙත මුදා හැරියාය. මෙවැනි හෙරක් පක්ෂයේ වනිතා කටයුතු සභාපති ලෙස පත් කිරීම නරක පූර්වාදර්ශයක් බව බොහෝ දෙනෙකුගේ මතය වි ඇත

තවද පසුගිය මැතිවරණ සමයේ ජලනිගේ පවුලේ සමස්ථ හැතිකරය වොක්ෂෝල් වීදියේ කාර්යාලය අරක් ගෙන තිබුනි. ඔවුන් කාර්යාල වෙන් කරගෙන ඒවාට ‍ෆින්ගර් ප්‍රින්ට් ඇක්සෙස් සවි කර පොඩි මිනිසුන්ගේ ඇතුල් වීම සීමා කළහ. ජලනිගේ පවුලේ අය හමු විය හැකිවූයේ මුදල් පරිත්‍යාග කිරීමට එන දල කාරයන්ට පමනි. ජලනිගේ හැසීරීම එජාපයට පොඩි මිනිසුන්ගේ ඡන්ද නොලැබීමට හේතුවක් විය,

මෑතකදී පාලිත තෙවරප්පෙරුම මාධ්‍ය වෙත අදහස් දක්වමින්  සජබ යන්නේ අදහස ”සජිත් ජලනි බලවේගය” යයි කීවේය. තෙවරප්පෙරුම කී කථාව දැන් සත්‍ය වී ඇත . ජලනිගේ පත්වීම නිසා  අපේක්ෂකයන් ඉවත් වන ‍රැල්ලද තිව්ර  වී ඇත.

මේ අතර, විනෝද සමයට ජලනිද එක් වී ඇතැයි කියා, ඉවත් වීමට තීරණය කොට ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙකු අප සමග පැවැසුවේය. නමුත් ඉතිහාසය අනුව නම්  ජලනිගේ කළ කිරියාව විනෝද සමයට එහා ගිය ” සළු පට අහසට ” ජවනිකාවකි , චෞර ‍රැජන කථාවකි.