මම සමගි ජන බලවේගය හැදුවෙ කඟවේනෙක් වගේ- සජිත්

සජිත් ප්‍රේමදාස අද දින මහරගම ප්‍රදේශයේ ‍‍රැස්වීම කිහිපයකට සහභාගිය. ඉන් එක් ‍රැස්වීමකට චම්පිකද සහභාගි වී තිබුනි. වරදක් කළ කුඩා දරුවෙකු දෙමාපියන් ගෙන් ඇපයක් දා ගැනීමට උත්සාහ  කරන ආකාරයට සජිත් චම්පික සමග කථා කිරීමට උත්සාහ කරන අයුරු එහිදී දැකිය හැකි විය.

සජිත් – චම්පික ආරෝවට මූලික වූ කරුණු සහ  රාජපක්ෂ බල අරගලය  සමස්ථ දේශපාලනය හසුරුවන ආකාරය ගැන විස්තරාත්මක ලිපියක් හෙට දිනයේ ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙමු

සජිත්  තමා සහ පියා ගැන ගැසූ පම්පෝරිය  හැරුණු කොට තවත් කරුනු කිහිපයක් ගැන කථා කළේය. ආණ්ඩුවක් පිහි‍ටු වුවද වැඩපිළිවෙලක් නැතැයි සජිත් කීවේය. එම නිසා රටට අළුත් ආරම්භයක් අවශ්‍ය වී ඇති බවද ඔහු කීවේය. ආන්ඩුවේ බලවතුන් අතර අභ්‍යන්තර ආරවුල් ඇති බවත් එම නිසා ආණ්ඩුව අකර්මන්‍ය වී ඇති බව ඔහු කීවේය.

රු 5000 ලබා ගැනීමට පොහොට්‍ටුවේ නියෝජිතයන් ලඟ වැද වැටී ”අවසරයි  ස්වාමීනි, එහෙයි ස්වාමීනි’ කීමට සිදුව ඇති බව සජිත් කීවේය. රු 5000 ලබා ගන්නා විට ආත්ම ගරුත්වය අහිමි වන බව සජිත් කීවේය.

තමා සමගි ජන බලවේගය හැදුවෙ කඟවේනෙක් වගේ යයි ඔහු ප්‍රකාශ කළේය. කඟවේනා යනු, හොම්බේ තනි අඟක් ඇති,  ජරාව කන , මඩේ ලගින මනංකල්පිත  සතෙකි. (ගූගල් සෙවුම් යන්ත්‍රයේ කඟවේනා ලෙස ටයිප් කළ විට පෙන්නුම් කරන්නේ රයිනොට සමාන සතෙකි)

සජිත් සභාවේ දැක්වූ අනෙක් අදහස් කෙසේ වෙතත් පක්ෂය හැදූ ආකාරය ගැන කී කථාව නම් සත්‍යයකි. කඟවේනෙක් මෙන්  හැදූ පක්ෂය මේවන විට කෑලි වලට කැඩී ඇත. මැතිවරණ සටන ආඬි හත් දෙනාගේ කැඳ  හැලිය බවට පත්ව ඇත

සජිත්ගේ ‍රැස්වීම් ගොං කථා වලින් ගහන නිසා බෝහෝ දෙනෙකු ඒවා හදුන්වන්නේ කරදර කාරී ‘සමයමක්’ ලෙසිනි. මිනිස්සුනට ගත යුත්තක් එහි නැත. චෝදනාවක් කරන විට වගකිව යුත්තන්ගේ නම් ප්‍රකාශ කිරීමට බියක් දක්වයි.මෙවැනි නායකයන් පොල් පිත්තෙන් කපා ගත හැක

නමුත් පසුගියදා රනිල් සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින්, ලෝකයේ කොරෝනා බලපෑම අඩු වෙන්ම ඇති කලාපය ථේරාවාදි බෞද්ධ රටවල බව කීවේය . එය සියල්ලන්ටම අළුත් දැනුමක් විය. සජිත් සහ රනිල් අතර වෙනස මෙයයි