ගෝඨා මීලග මුදල් ඇමති ගැන ඉඟි කරයි – video

ලංකාව දිනෙන් දින පරිහානියට පත්  වීම පිළිබදව  බෝහෝ දෙනෙක් චෝදනා මුඛයෙන් කතා කරන්නේ දේශපාලකයන්ටය. මේ පිළිබදව අපේ මතය ප්‍රකාශ කිරීමට පෙර පාඨකයන් වෙත එක්තරා කථාවක් කිව යුතුව ඇත. මෙය චීන සමාගමක ප්‍රධාන විධායක නිළධාරියෙකුගේ ප්‍රකට කථාවකි. මෙම සමාගම අප්‍රිකානු සහ ආසියානු  රටවල බිලියන ගණනින් ආයෝජනය කරන සමාගමකි. ඔවුන් මෙම රටවල් වල  ව්‍යාපෘති ලබා ගන්නේ විශාල ලෙස අල්ලස් ලබා දෙමිනි.

මෙම සමාගම  අල්ලස් ලබා දීමේදී ප්‍රමුඛ තාවය ලබා දෙන්නේ රාජ්‍ය නිළධාරීන්ටය. දේශපාලනඥයන්ට ලබා දෙන මුදල් ප්‍රමාණය මෙන්  දෙගුණයක් රාජ්‍ය නිලධාරීනට ගෙවයි.ඊට හේතුව  කෙස් කෙලින් කරන සුළුය. රාජ්‍ය නිළධාරියෙකු අවු 30 පමන කාලයක් සක්‍රීය සේවයේ යෙදෙයි, නමුත් දේශපාලකයෙකුගේ කාලය කෙටිය. රජ්‍ය නිළධාරීන් අල්ලා ගැනීම ඔවුන්ට වාසිය. අවු 30 පමන සේවය කරන රජ්‍ය නිළධාරියෙකු රටට කරන හානිය මින් සිතා ගත හැක.

මෑතකදී ජනාධිපති ගෝඨා රේගු  අධක්ෂ ජනරාල් තනතුරට එහි අරක් ගෙන සිටි රාජ්‍ය පරිපාලන නිළධාරියා පන්නා දමා හමුදා නිලධාරියකු පත් කළේය. ගෝඨා මෙවැනි පත් කීරීම සෑහෙන ප්‍රමාණයක් කළේය. ඊයේ මහ බැංකුවට අරක්ගෙන සිටින වැඩ බැරි ටාසන්ලාට හොම්බෙන් යන්ඩ දුන්නේය.

රට දිනෙන් දින ආපස්සට යාම ගැන දේශපාලනඥයන්ට චෝදනා  කළද එය මුලාවකි. දේශපාලකයන්ට වඩා රාජ්‍යය නිළධාරීන් දූෂිතය . කොරෝනා වසංගතයෙන් රටේ ආර්ථිකය අකර්මන්‍ය වූදා පටන් රටේ ආර්ථික ප්‍රතිපත්ති යලි සමාලෝචනය කළ යුතු බව රවී කීවේය. නමුත් ගෝඨා පංච නින්දාවෙන් අමතන තුරු  මහ බැංකුවේ නිළධාරීන් නින්දේ පසු විය.

පොලී අනුපාතය තනි ඉලක්කමකට ගෙන ඒම සහ  ආර්ථික  ස්ථායීතාව වෙනුවෙන් රවි නිරන්තරව හඬ නැගීය. මහ බැංකුවේ ලක්ෂ විසිපහ තිහ පඩි ලබන නිළධාරීන් නිකන් පඩි කනවාට අමතරව මා‍ෆියාවක් පවත්වාගෙන යන්නේ යැයි රවි චෝදනා කළේය. ඊයේ ගෝඨා කළ කථාව රවී මෙතෙක් කළ කථා වල කාබන් කොපියකි.

රවි රු 10000කින් පඩි වැඩි කළේය, ඉන්ධන , ගෑස් අඩු කළේය, බඩු මිල අඩු කළේය , සමෘර්ධිය දෙගුණ කළේය, වැඩිම විදේශ ආයෝජන ගෙන ආවේය. මීයන් අල්ලන්නට හැකිනම් බළලා මැටියෙන් වුවද වැරැද්දක් නැත.