ඥානසාර කීවේ බොරු – තුර්කි තානාපති කාර්යාලයෙන් ප්‍රභල ප්‍රහාරයක්

අධිකරණයට අපහාසකීරීම යටතේ 17 වසරකට අච්චු කළ සිරකරු ඥානසාරට ජනාධිපති සමාව ලබුනි. ගිලෙන්ඩ යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා කියා කථාවක් ඇත. සිරිසේන ඥානසාර හිමියන්ට සමාව දුන්නේ එම ”තියරියට” අනුවය. ධූරකාලය අවසන් වන සිරිසේන තව නොබෝ දිනකින් ගෙදර යා යුතුය. නමුත් සිරිසේන ගෙදර යාමට සූදානම් නැත. ඔහු බලන්නේ ඥානසාරගේ කරපිටින් පැමිණ ඊලග මැතිවරනයේදී සටනක් දීමටය.

සිරිසේන රටට පෙන්වූ උඩු යටිකුරු කල චිත්‍රය

සිරිසේන සිරකරු ඥානසාර බැලීමට වැලිකඩ ගියේය . නමුත්  ඥානසාර සමග සිරිසේන කථා කලේ ලංකාවේ අයි.එස් ත්‍රස්තවාදීන් ගැන නොවේ.  සිරිසේන කථා කලේ ඥානසාර සමග යාහැකි දේශපාලන ගමන පිලිබදවය. ලංකාවේ පන්සල් 10000 ක් ඇති අතර  ඉන්  පන්සල් 7000ක් තමන්ට ලැදි ඒවා බව ඥානසාර කීවේය. එක් පන්සලක් ඡන්ද 1000ක් ගොනු කලහොත් ගෙඩි පිටින්  ලක්ෂ 70කි. සිරිසේන ඥානසාර ලිහා දැමුවේ මෙම වැඩ පිලිවෙල ඉදිරියට ගෙනයාමටය. ඥානසාර දිව උල්කරමින් , කොල පෙන්වමින් කියන අයි.එස්  කථා ජනතාව ආකර්ෂණය සදහා සැකසූ ප්‍රොපගැන්ඩා එකකි.ඥානසාර කියන කථා වලින් වැඩි මනක් එක්කෝ ලෙහෙසියෙන් අන්තර් ජාලය හරහා සොයා ගත හැකි ඒවාය නැතහොත්  අතේ රෝල්ය. ඥානසාරගේ පලමු සංදර්ශන සදහා යොදා ගත්තේ හිරු ටීවී එකය . රාජපක්ෂලා සමග දඩයමේ ගොස් රෙද්දේ රෙවී ඇති රෙනෝ සහෝදරයන්  සිය මලයා බේරා ගැනීමට සිරිසේන කියන ඕනෑම දෙයක් කිරීමට සූදානම්ය . ඒ අනුව දුමින්ද නිදහස් කරන කැරට් අලය පෙන්වා රාජපක්ෂලාගේ විරෝධය මැද හිරු ටීවී හරහා ඥානසාර ජනගත කළේය.

මාධ්‍ය ක්ෂේත්‍රයේ චීත්ත ඇදිය යුත්තේ දිල්කා නොව සුදේවය

ඥානසාර හිරු සලකුනට ආවෙ ඒ අයුරිනි. එදා බදුර්දීන් හිරු සලකුනට පැමිනි විට සුදේව ඇතුලු ලොන්ඩරි නඩයට මාධ්‍ය ආචාරධර්ම අමතක විය. අවම මානූෂීය ගුනධර්ම  පවා අමතකව තිබිනි.නමුත් හිරේ සිට පැමිණි ඥානසාර ඉදිරියේ හැසුරුනේ පූස් පැටැව් මෙනි. සුදේව සහ ඥානසාර හිමි මාරුවෙන් මාරුවට පිට කැසුවෝය.සැබැවින්ම මාධ්‍ය ක්ෂේත්‍රයේ චීත්ත ඇදිය යුත්තේ දිල්කා නොව සුදේවය මක්නිසාදයත් මීට පෙර ඥානසාර හිමි දෙරණට පැමිණි විට දිල්කා  ඥානසාර හිමි  බීමතින් රිය පැදවූ කථාව පවා ප්‍රශ්න කළාය. නමුත් සුදේව වැඩසටහන පුරා කලේ  ඥානසාරට ”ඩෑෂ්” ගැසීමට පන්දුව එසවීමය . රෙනෝ ගෙන් සහ සුදේවගෙන් ලැබුනු සත්කාර නිසා ඥානසාර වැඩසටහන පුරා හැසුරුනේ ගාල කඩා ගත් හරෙකෙකු මෙනි. ඥානසාර හිමි කෙලි පිස්සු දැන් රාජතාන්ත්‍රික අවුල් බවට පත්ව ඇත

ඥානසාර තුර්කියට එරෙහිව කළ ප්‍රකාශය

සලකුණ වැඩසටහනේදී  ඥානසාර හිමි තුර්කියට එරෙහිව කල ප්‍රකාශය පහත පරිදිය. ‘‘තුර්කියෙන් වෙනම ෆන්ඩ් එකක්, ඩොලර් මිලියන 40ක් සල්ලි මේ රටට එවනවා, මොකටද? මේ මතවාද දියත් කරන කොට ඒවාට එරෙහිවන  ඒවාට විරුද්දව වැඩසටහන් නිර්මාණය කරන, ගුවන් විදුලි, රූපවාහිනී නාලිකා සහ ඒ මාධ්‍යවේදීන්ව අනතුරට පත් කරමින් ව්‍යාජ මතවාද නිර්මාණය කරලා බලපෑම් එල්ල කරවන්ඩ, මම සාක්කි එක්ක කියන්නේ’’

තුර්කියේ ප්‍රතිචාරය

දිනකට පසු ඥානසාරහිමිගේ ප්‍රකාශයට එරෙහිව තුර්කි තානාපති කාර්යාලය සැර පිලිතුරක් නිකුත් කළෝය. තුර්කි තානාපති කාර්යාලය ප්‍රකාෂ කළේ,  ඥානසාර හිමිගේ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය සහ පදනම් විරහිත චෝදනාවක් බවය. ‘The embassy of republic of Turkey wishes to place on record that the allegations made by  Ven Gnanasara are  utterly false and baseless’ . ඊට අමතරව තුර්කි රජය   ශ්‍රී ලංකා රජයේ  සහ පුරවැසියගේ සුභසිද්ධිය  වෙනුවෙන් මේ දක්වා කළ වැඩ කොටස එකින් එක සිහි කැදවා ඇත . රට තීරනාත්මක මංසන්ධියක සිටින විට  තුර්කිය සිය තානාපති මුදාව යටතේ එවූ එම ලිපිය රජයට කල බරපතල අනතුරු ඇගවීමකි.

මෝඩ ඥානසාර සාදු සෙල්ලම් කරන්නේ ලක්ෂ ගනනක් වූ අහිංසක දරුපවුල් සමගය

එපමනක් නොවේ, මෝඩ ඥානසාරයා  සෞදි බුද්ධි අංශ ප්‍රධානියා කොළඹ පැමිණි බව කීවේය. ඥානසාර සෞදි බුද්ධි අංශ ප්‍රධානියා ගැන කී කථාව තුර්කිය ගැන කී කථාවට වඩා භයානකය. මක්නිසාදයත් සෞදියේ ආරක්ෂක ඇමතිවරයා වන  MBS නොහොත් මොහොම්ඩ් බින් සල්මාන් නාහෙට නාහන අයෙකි. මෑතකදී මතුවූ  සුලු ආරවුලක් මත  සෞදියේ සිටි කැනඩා ජාතිකයන් රටින් පිටමං කළෝය.  සෞදියේ ලක්ෂ 5ක ලාංකිකයන් සේවය කරන්නෝය. යම් හෙයකින් ලාංකිකයන් සෞදියෙන් පි‍ටුවහල් කළහොත් විය කැක්කේ කුමක්ද?  එක් පවුලක සාමාජිකයන් 5ක් යයි කියා ගණන් බැලුවද ගාන පොඩි නැත . 5 X ලක්ෂ 5 = ලක්ෂ 25 ක් අනාථය.

සිල් නොරකින ඝනයන්ගේ ( සාදුලාගේ) පුකේ තාර ගෑ යුතු යයි කී කොතලාවල මෙසේද කීවේය

එස්. ඩබ් .ආර්.ඩී  බන්ඩාරනායකට වෙඩි තැබුවේ  සෝමාරාම නැමති චීවරධාරියෙකි . බන්ඩාරනායක වෙඩි  කා අවසන් ගමන්  ගිය විට විට ජොන් කොතලාවල අපූරු කථාවක් කියා තිබුනි. මම බැද දැමූ බල්ලන් බන්ඩා ලිහා දැමූ බවත් අවසානයේ බන්ඩා සපා කෑවේ එම බල්ලන් බව කොතලාවල කීවේය . ඥානසාර නැමති චීවරධාරියා විසින්  අඩු හෝ වැඩිව සිරිසේන නැමති වසල පාලකයාට  අත්කර දෙන්නේද   එම ඉරණමය. සිරිසේන නැමති වසල පාලකයාට එම ඉරණම අත්වූවාට කම් නැත. නමුත් රටේ ජනතාව තව දුරටත් සිරිසේන කෙලින පිස්සුවල වින්දිතයන් විය යුතු නැත. අවු 5ක් පැවති සිරිසේන ශාපය වහා  අවසන් කල යුතුව ඇත.

විශේෂ ලියුම්කරුවෙකු විසිනි

One thought on “ඥානසාර කීවේ බොරු – තුර්කි තානාපති කාර්යාලයෙන් ප්‍රභල ප්‍රහාරයක්

Comments are closed.