බිලියන 180 කින් මුදල් සැපයුම ප්‍රසාරණය කිරීම සහ එහි ප්‍රතිවිපාක

පසු ගියදා ජනපති ගෝඨා සංදර්ශනාත්මක ආකාරයෙන් මහ බැංකු නිළධාරීන්ට දේශනාවක් කළේය. ගෝඨාගේ දේශනාවෙන් පසුව මහ බැංකුව නිදි වරමින්  වැඩ කරන අයුරු මාධ්‍ය හරහා දැක ගත  හැකි විය. ඊට පසු දින වාණිජ  බැංකු වල පවත්වාගෙන යා යුතු අනිවාර්ය සංචිතය 2% දක්වා පහත දැමූ බව ප්‍රකාශ විය. තවද බැංකු පද්දතියට  රුපියල් බිලියන 115 ක මුදලක් නිකුත් කිරීමට තීන්දු විය. රාජ්‍ය මූල්‍ය සහ බැංකු කටයුතු  සංකීර්ණ විෂයකි. ආසියාවේ හොදම මුදල් ඇමතිවරයා සිටින එජාපයට රටේ ආර්ථිකය ගැන පැහැදිළි දැක්මක් ඇත. ජනපති ගත් තීන්දුව සහ එහි ප්‍රතිවිපාක ගැන හොද පුරෝකථනයක් කළ හැක.

අප කුඩා කාලයේ විවිධාකාර සෙල්ලම් කර ඇත. සෙල්ලම් කඩ දැමීම ඉන් එකකි. එහිදි එක් අයෙකු විසින් කඩය පවත්වාගෙන යයි. තවත් පිරිසක් භාන්ඩ මිලදී ගැනීම සදහා පැමිනෙයි. සෙල්ලම් කඩයේ බඩු විකුනන්නේ මුදල් වලටය.බොහෝ විට එම මුදල් ඒකකය කඩදාසි කොළ හෝ කොස් කොළ ස්වරූපය  ගනියි. එම මුදල් ඒකකය කිසිදු  පාලනයකට යටත් නොවෙයි. බඩු මිලදී ගන්නා පාර්ශවය සතුව ඇති තරම් මුදල් ඇත. ඊට සාපේක්ෂව කඩේ බඩු නැත.එවිට කඩය පවත්වාගෙන යාම අපහසු වෙයි. මුදල් යනු භාන්ඩ නිෂ්පාදනයට  සාපේක්ෂ දෙයක් බව මින් තේරුම් ගත හැක.

ජනපතිවරයාගේ නියෝගයෙන්  මාර්තු මාසයේ රු බිලියන 64 ක් වාණිජ බැංකු වෙත නිකුත් විය . පසුගියදා බැංකු වෙත තවත්  බිලියන 115ක් ලැබුනි. නිෂ්පාදන ක්‍රියාවලිය පන ගැන්වීමකින් තොරව කොතරම් මුදල් පොම්ප කළද ඉන් වැඩක් නැත.‍මුදල් තිබුනද ඊට සාපේක්ෂව භාන්ඩ නැත. ඉහත සෙල්ලම කඩයේ උදාහරණය තුලින්  මෙම තත්වය ඕනෑම අයෙකුට සරලව තේරුම් ගත හැක.

තවද රජය විසින් මෙම මුදල් ලබා දුන්නේ වාණිජ බැංකු වෙතය . ඒවා ගොවිතැන් කරන පුංචි බන්ඩලාට, වෙළදාම් කරන ටිකිරි බන්ඩලාට ලැබීමට ඇති ඉඩ කඩ අඩුය. රජය බැංකු  පද්දතියට ලබාදුන් මුදල යන්නේ ආණ්ඩුවට හිතවත් පාර්ශවයන්ගේ අතටය. එවැනි පසුබිමක් රටේ නිෂ්පාදනය පන ගැන්වීමට හේතු වන්නේ නැත. එය හරකා සහ ලණුව යන දෙකම අහිමි වීමේ ඛේදවාචකයකි.

ලංකාවේ අති බහුතරයක් දෙනාගේ ජීවිකාව කෘෂිකර්මාන්තය හා බැඳී ඇත.  ඔවුන්ට තම නිෂ්පාදය විකුණාගත හැකි, නිෂ්පාදනයට සරිලන මිලක් ලබා ගත හැකි ක්‍රම වේදයක් නැත. රටේ විශාල පොහොර හිගයක් ඇත. සමස්ථයක් ලෙස ගත් කළ ලංකාවේ අවිධිමත් ‍රැකියා කරන පිරිස ලක්ෂ 40කි.  මහ බැංකුවේ ගත් තීන්දු වලින් මොවුන්ට අත්වන සුගතියක් නැත.

වාණිජ බැංකු වලට  බිලියන 180 දුන් පමනින් භාන්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලිය පන ගසා නැගිටින්නේ ඇත . රටට ඩොලර් එන්නේ නැත. අවසානයේ මුදල් සංසරණය වැඩි වූ ප්‍රමාණයට නිෂ්පාදනය වැඩි නොවන අතර එය කෙළවර වන්නේ විණිමය අර්බුධයකින් සහ උද්ධමනයකිනි. නිෂ්පාදන ක්‍රියාවලිය පන ගැන්වීමකින් තොරව බැංකු පද්දතියට මුදල් නිකුත් කිරීම පල රහිතය.

පොලී අනුපාතය තනි ඉලක්කමට ගෙන ඒමට රවි කරුණානායක තරම් සටන් කළ මුදල් ඇමති වරයෙක් නොමැත. රවි මුදල් සංසරණයට එක් කල සෑම රුපියලක්ම නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ විය. රවි මුදල් සංසරණය ප්‍රසාරණය කළේ නිෂ්පාදය පනගැන්වීමට අවශ්‍ය ක්‍රම වේදය සකස් කිරිමෙන් අනතුරුවය.රු 10000කින් රජයේ සේවක වැ‍ටුප් වැඩිකීරීම මුදල් සැපයුම ප්‍රසාරණය කළා පමනක් නොව රටේ නිෂ්පාදන වැඩි කිරිමට හේතු විය

රාජපක්ෂලා  2011 – 14  කාලයේ  ගිණි පොලියට ලබා ගත් ණය වල පලමු වාරික ගෙවීම  ආරම්භ වූයේ 2015 න් පසු කාලයේදීය.(පලමු වාරිකය ගෙවීමට නියමිත වූයේ ව්‍යාපෘතිය පටන් ගත්දා සිට  අවු 4කින් පසුවය) .2016 වන විට රාජපක්ෂ කාලයේ ගෙව්වා මෙන් පස් ගුණයක ණය වාරිකයක් ගෙවීමට එජාප රජයට  සිදු විය. නමුත් වැ‍ටුප් වැඩි කොට, බඩු මිල අඩු කොට, ණය වාරික ටිකත් ගෙවා නිෂ්පාදනයත් පන ගැන්වීමට එජාප රජය සමත් විය

ගෝඨාභයගේ පරිකල්පනය අනුව ඔහු රටේ ආර්ථිකය ලෙස සලකන්නේ  සුපිරි ව්‍යාපාරික පැලැන්තියය.ඔහු සොයා යන්නේ සුපිරි ව්‍යාපාරිකයන් සහ සුපිරි ආයෝජකයන්ය. ගෝඨා ජනාධිපති වූ විගස එම පැලැන්තියට බලපාන පරිදි බදු අඩු කළේය. ඔහු දිගින් දිගටම යන්නේ එම පාරේය.

ගෝඨාගේ අරමුණ දුප්පත්  ජනයාට සහ  සුළු පරිමාන කර්මාන්ත කරුවන්ට අත දීම නම් එය මීට වඩා සරලව කළ හැකිව තිබුනි. උදා ලෙස – ඉන්ධන මිල, විදුළි බිල , ජල බිල අඩු කළ හැකිව තිබුනි. මේ වන විට ගෝඨාගේ රජය පෙට්‍රල්  ලීටරයකින් රු 112ක බද්දක් අය කරයි.

නමුත් රවිගේ දැක්ම ඊට වෙනස් ය . ඔහු රටේ ආර්ථිකය ලෙස සැලකුවේ දෙකෝටියක් ජනයාය. රවි මුදල් ඇමති ලෙස ගණු දෙනු කලේ ව්‍යාපාරිකයන් සමග නොව ජනයා සමගය.‍තෝරු මෝරු බදු දැලෙන් නිදහස් කොට හාල් මැස්සන් ඇල්ලන ක්‍රමය රවි වෙනස් කළේය. සමාන්‍ය ජනයා චප්ප කිරීම වෙනුවට ආයතන පද්දතිය බදු වලට යටත් කළේය. පොඩි මිනිසුන්ගේ ආර්ථිකය හදන අතර රටේ ආර්ථිකය ගොඩ නැගීම රවීගේ සැලසුම විය