වීඩියෝව ලීක් කිරීම ගැන මල්ෂා කෝපයෙන්,වාඩුව ගැනීමට සූදානම්

හරීන් මල්ෂා ප්‍රේම වෘතාන්තය මේ වන විට මාරාන්තික සටන් වලින් පිරි ත්‍රිලර් එකක් බවට පත් වී ඇත. පසුගියදා සමාජ ජාලා තුල සංසරණය වූ වීඩියෝව හරින් විසින් හිතා මතා ‘ලීක්’ කළ එකක් බව ඔප්පු කිරීමට අප සතුව සාක්ෂි ඇත .

හරීන් මෙම වීඩියෝව ලීක් කොට ඇත්තේ රාතී 10.52 ටය. අත්තෙන් අත්තට පැනීම හරීන්ගේ අයිතියක් වුවද වීඩියෝ ලීක් කිරීම ශිෂ්ඨ සම්පන්න සමාජයා අනුමත කරන්නේ නැත. අපි මේ කථාව ලියන්නේ එනයිනි.

එම වීඩියෝවේ මල්ෂා ප්‍රචන්ඩව හැසිරෙන අයුරු පටිගත කොට ඇත.එහි හරීන්ගේ රූපය නොමැති අතර ඔහු ඉතා සංයමයෙන් කථා කරන අයුරු දැක්වෙයි. මේ වන විට හරීන්, මල්ෂාගේ අත්තෙන් වෙනත් අත්තකට පියඹා ඇති අතර එහි කූඩුවක් තැනීමද ආරම්භ කොට ඇත.

හරීන් මෙය ලීක් කලේ සැලසුම් සහගතවය.ලෝකයා ඉදිරියේ මල්ෂා දරුණු ගති පැවතුම් ඇති කාන්තාවක ලෙස ලේබල් කොට අළුත් කූඩුවේ පදිංචි වීම හරීන්ගේ අරමුන බව අපට තොරතුරු දුන් පුද්ගලයා කියා සිටියේය.

වීඩියෝව ලීක් කිරීම ගැන දැඩි කෝපයෙන් පසුවන මල්ෂා හරීන්ගෙන් වාඩුව ගැනීමට සියල්ල සූදානම් කොට ඇත. හරීන් ඇමතිවරයෙකු ලෙස සිටින කාලයේ මහජන මුදල් කොල්ල කෑ ආකාරය ගැන මල්ෂා සතුව තොරතුරු පවතින අතර ඒවා ලීක් කරන බවට ඇය තර්ජනය කොට ඇත.

මල්ෂා විසින් හරීන්ගේ පැටිකිරිය දිග ඇරිය හොත් සජිත්ගේ කැම්පේන් එක අවුල් වන නිසා හරින්-මල්ෂා ආරවුල සමථයකට පත් කිරීමට සජිත් හැකි සෑම උත්සාහයක්ම දරමින් සිටින බව අපට වාර්තා වී ඇත.