ෆොන්සේකා අමු ගුණ මකුවෙක් – මංගල කියයි

සජිත් පිලේ ගුණමකු බව සහ අවස්ථාවාදී දේශපාලනය ගැන මංගල සමරවීර නිවේදනයක් නිකුත් කොට ඇත. ඇපත් නැතිව පරාජය වූ ෆොන්සේකා යලි පාර්ලීමේන්තු ආවේ එජාප නායක රනිල්  නිසා බව මංගල සදහන් කර ඇත. ෆොන්සේකාට  ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් දුන් රනිල්ට තැන ගැරහීමෙන් ඔහුගේ ගුණමකු බව මොනවට පැහැදිලි වන බව ඔහු සදහන් කර ඇත.

‘‘අද ඔබ තැන තැන වේදිකාවල ගරහමින් සිටින්නේ පරාජිත ඔබ පාර්ලිමේන්තුවට කැඳවා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබාදුන් නායකයාටම බව අමතක නොකරන ලෙස ද ඉල්ලා සිටිමි’’ ලෙස මංගලගේ නිවේදනයේ සටහන්ය

තවද ෆොන්සේකා වැනි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ගැන නොදන්නා උන් දේශපාලනයකට පැමිණීම මංගල දේශපාලනයෙන් සමු ගැනීමට එක් හේතුවක් යයි ඔහු සදහන් කර ඇත.

මංගල සමරවීර මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වීම සමගි ජන බලවේගයට විශාල වාසියක් යයි සරත් ෆොන්සේකා විසින් කරන ලද ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සදහන් කර ඇත.

කෙසේ වුවද සජිත් පිලේ මධ්‍යස්ථ මතධාරීන්ගේ මතය වී ඇත්තේ මංගලගේ ඉවත් වීම විශාල පසුබෑමක් බවත් ෆොන්සේකා වැනි දේශපාලන අඳ බාලයන්ගේ වැඩ වලින් තම කන්ඩායම දිනෙන් දින වල පල්ලට යන බවය