දප්පුල සහ ඇවන්ට් ගාඩ් සේනාධිපති – මෙතෙක් කථාව සරළ සිංහළෙන්

විධායක ජනපති ලංකාවේ පලමු පුරවැසියා වෙයි. නීතිය හා සාමය ‍රැකීම ව්‍යවස්ථානුකූලව ඔහුට පැවරී ඇති වගකීමකි. පුරවැසියන් යම් කිසි බල අධිකාරියක හිසනයට ලක්වූ විට මුල් පුරවැසියාට නෑසූ කන්ව සිටිය නොහැක. ඒ පිළිබදව කරුණු සොයා බැලීමට ඔහුට සුජාත අයිතියක් ඇත. ජනපතිවරයාට  වැඩ රාජකාරි අධික නිසා  කරුණු සොයා බැලීමේ වගකීම සභාවක් වෙත පැවරීම සිදුවෙයි.  ජනාධිපති කොමිසමක් ලෙස හදුන්වන්නේ එයයි.

ජනාධිපති කොමිසම දඩුවම් නියම කරන ආයතනයක් නොව සත්‍ය සොයා යාමේ පරම බලයක් සහිත ආයතනයකි.සත්‍ය උකහා ගැනීමේ අභිමතාණුසාරී බලයක් ඔවුන් සතුය.එහෙයින් සත්‍ය සොයා ගැනීම වෙනුවෙන් ඕනෑම පුද්ගලයෙකු කැඳවීමේ බලය ඔවුන් සතුය. සත්‍ය ගවේශනයේ පරම අයිතිය කිසිවෙකුට අභියෝගයට ලක් කළ නොහැක.

ජනපති ගෝඨා දේශපාලන පලිගැනීම් විමර්ශනය කිරීමට ජනපති කොමිසමක් පත් කළේය. සේනාධිපතිගේ ව්‍යාපාරය යහපාලන ආණ්ඩුවේ පිරිසක් විසින් කොල්ල කෑ බව තිත්ත වුවද ඇත්ත කථාවකි. එය දේශපාලකයන්, නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලීසිය  හවුලේ සිදුකළ එකක් යයි සේනාධිපති චෝදනා කරයි. තවද කොමිසමේ සාක්කි දුන් සේනාධිපති නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙකු වූ  ජනක බණ්ඩාර චූදිතයෙකු ලෙස නම් කළේය.

නමුත් ජනක බණ්ඩාර ජනාධිපති කොමිෂන් සභාව හමුවට කැඳවීම සම්බන්ධයෙන් නීතිපති දප්පුල ද ලිවේරා විරෝධය පල කලේය .එපමනක් නොව චෝදනා ලද ජනක බණ්ඩාර වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කරුණු දැක්වීමට පැමිණියේය. (ජනක බණ්ඩාර මේවන විට නීතිපති දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ගෙන ඇත)

නීතිපති දෙපාර්තමේන්තුවේ කළකිරියාවේ කැකිල්ලේ ශෛලිය බව බැලූ බැල්මට විද්‍යාමාන විය. ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති උපාලි අබේරත්න දැරුවේද ඊට සමාන මතයකි. තත්වය කොතරම් උණුසුම් වීදයත් නීතිපති දප්පුල සුද්ද සිංහලෙන් ඇමතීමට තරම් බැරෑරුම් විය. ‘දප්පුලට ඩබ්ල් ගේම් ගහන්ඩ බෑ’  කියා කොමිසමේ සභාපති කීවේය.

විධායකය ව්‍යස්ථාදායකය සහ අධිකරණය එකිනෙකට ස්වායත්තව ක්‍රියාත්මක විය යුතුවා මෙන්ම එකෙක් අභිබවා යාමට තවකෙක් ක්‍රියා නොකළ යුතුය.එක් බලකණුවක් අභිබවා තව බලකනුවක් ක්‍රියාත්මක වුවහොත් කෙලවෙන්නේ මහජන පරමාධිපත්‍යයටය

එපමනක් නොව, අධිකරණය මෙන් නොව විධායකය සහ ව්‍යස්ථාදයකය යනු ජනතාවට වගකියන ආයතන දෙකකි. තවද බලයේ උල්පත අධිකරණය නොව මහජනතාව බව අමතක නොකළ යුතුය

මතු සම්බන්දයි- දේශපාලකයන් , නීති ඔස්තාර්ලා සහ පොලීසිය ඇවන්ට් ගාඩ් කොල්ල කෑ හැටි සරල සිංහලෙන් මීලගට