සුවසැරිය 100% රනිල්ගේ වැඩකි – හර්ෂ කළ බිජ්ජක් නැත-මෙන්න සාක්ෂි

ජයග්‍රහණයට පියවරු බොහෝය, පරාජය අවජාතකයි කියා කථාවක් ඇත.මේ වන විට සුවසැරිය ගිලන් රථ සේවාවට පියවරු බොහෝය. කෝට්ටේ හොර ආචාරියා නොහොත් හර්ෂ ද සිල්වා සුවසැරිය ගිලන් රථ සිය මැතිවරණ කැම්පේන් එකට යොදාගෙන ඇත. නමුත් සුවසැරිය ගිලන්රථ සේවාව රනිල් වික්‍රමසිංහගේ අදහසකි. ඉන්දියාව සමග සාකච්ඡා කොට එය මහපොලොවේ ක්‍රියාත්මක කළේ රනිල්ය.

යහපාලන ආණ්ඩුකාලය පුරාවට හර්ෂ ඇතුළු සජිත්ගේ කල්ලිය කළේ සිරිසේන සමග එක්වී සිරිකොත අල්ලන හැටි සැලසුම් කිරීමය.රනිල් එලවා සජිත් අගමැති කරන හැටි ප්ලෑන් කිරීමය. සිරිසේන සමග එක්ව හොරකම් කිරීමය. සජිත්ගේ කල්ලිය සිරිසේන සමග එක්ව රටේ සාරය උරා බීවා මිස රටට හෝ පක්ෂයට අබමල් රේණුවක දෙයක් කළේ නැත.

මහ බැංකු බැඳුම්කර ගණුදෙනුව සිදුවන විට හර්ෂයගේ පුතා ( පලමු විවාහයේ ) වැඩ කළේ කැපිටල් එලායන්ස් ආයතනයේය. කැපිටල් එලායන්ස් යනු පර්පෙචුවල් ට්‍රේෂරීස් මෙන් බැඳුම්කර විකුණන ආයතනයකි. හර්ෂ, කිලී මහරාජා සමහ එක්ව පර්පචුවල් ට්‍රේෂරීස් සමාගම විනාශ කිරීමට කුමන්ත්‍රණය කළේය .එපමනක් නොව රටේ බලය අල්ලන කුමන්ත්‍රණයක්ද කළේය.මෙම කුමන්ත්‍රණයට සිරිසේනද සහභාගි විය

බැඳුම්කර විකුනන විට මහ බැංකුව බාර නියෝජ්‍ය ඇමතිවරයා හර්ෂය ( සැලසුම් ක්‍රියාත්මක කිරීමේ නියෝජ්‍ය ඇමති ) . මහ මැංකුව බාර ඇමතිවරයා ලෙස කටයුතු කළේ රනිල්ය ( සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ඇමති ). එජාපයට කීර්තියක් ගෙන ආ සුවසැරිය ගිලන් රථ සේවාව හර්ෂගේය . නමුත් බැඳුම්කර ගණුදෙනුව රනිල්ගේය. පළිගු ද්වාරයක් සේ හර්ෂගේ අවස්ථාවාදි ස්වරූපය මින් පැහැදිලි වනවා ඇත.

සැලසුම් ක්‍රියාත්මක කිරීමේ නොහොත් මහ බැංකුව බාර නියෝජ්‍ය ඇමති හර්ෂ, කිලී සහ සිරිසේන යන ද්‍රෝහීන් සමග එක්ව රනිල් එලවා සජිත් අගමැති කිරීමේ කුමන්ත්‍රනයක් කළේය. රනිල් එලවීමට පොටක් පාදා ගැනීමට බැදුම්කරය රනිල්-රවීගේ කර පිට පැටවූයේය. හර්ෂ -සජිත්- සිරිසේන කළ ද්‍රෝහී වැඩ වලට පිළිතුරු මෙවර මැතිවරණයේදී නිසැකවම ලැබෙනු ඇත.

නමුත් සුවසැරිය 100% රනිල්ගේ අදහසකි රනිල්ගේ වැඩකි. මෙන්න සාක්ෂි