MCC ආධාර මුලින්ම ඉල්ලුවේ මහින්දයි- ඇමෙරිකාව කියයි

ඇමරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට ආධාර මුදලක් ලබාගැනීම සඳහා මුලින්ම අයදුම් කර ඇත්තේ 2005 වසරේදී මහින්ද රාජපක්ෂගේ පාලන සමය තුළ බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි. 

ඩේලි මිරර් පුවත්පත කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් ඇමරිකානු තානාපති කාර්යාලයේ මහජන සම්බන්ධතා නිලධාරී ඩේවිඩ් මැක්වයර් මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.