බිහිසුණු අන්තවාදී කල්ලියක් සමග සජිත් යලි ඉපදුණු හැටි

“බෝර්න් අගේන්” නමින් හැදින්වෙන ආගමික සංවිධානය  කාලයක පටන් කථා මාතෘකාවක් වී ඇත. ගෝඨා ජනපති වූ විගස ගාලියා නම් ලාංකික කාන්තාවක් නිසා තානාපති අංශ උඩු යටිකුරු විය. මෙම කාන්තාව ඇය සුදු වෑන් එකකින් පැහැරගත් බවට ප්‍රකාශයක් කළාය. මෙම කාන්තාව බෝර්න් අගේන් ආගමික කල්ලියේ සාමාජිකාවකි. ඈයගේ මුල් නම ශ්‍රියාලතා වූ අතර මෙම ආගමික කල්ලියට බැදුනුදා සිට ගාලියා බැරිස්ටර් ලෙසින් නම වෙනස් කළාය. ඇය  බටහිර තානාපති කාර්යාලයක ‍රැකියාවක් සොයා ගත්තේ මෙම ආගමික සංවිධානය හරහාය . එපමනක් නොව ඇය ඉතා  බිහිසුණු දේශද්‍රෝහී කුමන්ත්‍රණයක සාමාජිකාවක් වූවාය.

මෙම ආගමික සංවිධානය මේ වන විට රටේ සෑම අස්සක් මුල්ලක් පුරා පැතිර ගොස් ඇත . ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කන්ඩායම මෙම සංවිධානයේ ග්‍රහනය නිසා විනාශ විය. මෙම ආගමික කන්ඩායමට අයත්  ක්‍රීඩකයන් කොතරම් අසාර්ථක වුවද , කන්ඩායමේ ස්ථානයක් ලැබෙයි. අනෙක් ක්‍රීඩකයන් නිරන්තර  කෙනහිලි වලට ලක් වෙයි. බෝර්න් අගේන් ආගමික කල්ලියේ බැලයන්ට මිස දක්ෂයන්ට තැන නැත. ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය ආයතන ඇතුළු  ප්‍රධාන ධාරාවේ ආයතන ‍රැසක මේ වන විට මොවුන් සිය ආධිපත්‍ය පතුරුවා ඇත.

සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය මුළුමනින්ම පාහේ මෙම සංවිධානයේ ග්‍රහනයට ලක් වී ඇත. සජිත්ගේ පක්ෂයේ ප්‍රධාන න්‍යායාචාර්ය වන ඉරාන් වික්‍රමරත්න මෙම ආගමික සංවිධානයේ ප්‍රධාන බල කණුවකි. ක්‍රිස්තියානි මූලධර්මවාදී ව්‍යාපාරයක් වන ඇසෙම්බ්ලි ඔෆ් ගෝඩ් (AoG) සංවිධානයේ ජාත්‍යනතර කටයුතු සහ ප්‍රධාන භාණ්ඩාගරික ඉරාන් වික්‍රමරත්තය . Assembly of God ලංකාවේ ස්ථාපිත කළේ  ඉරාන්ගේ පියා වන කෝල්ටන් වික්‍රමරත්නය.

ඉරාන් වික්‍රමරත්න එජාපයේ සිටින විට මූලධර්ම වාදී අරමුදල් ලැබුණු බව රහසක් නොවේ. නමුත් රනිල් යනු කිසිම සංවිධානයකට හෝ පුද්ගලයෙකුට රිසි පරිදි හැසිරවිය නොහැකි චරිතයකි. නමුත් සජිත් එසේ නොවේ. වසර ගණනාවක සිට සජිත් හසුරුවන්නේ කිලී මහරාජා විසිනි. කිලී මහරාජා මෙම ආගමික සංවිධානයේ අනුගාමිකයෙකි. රනිල් මූලධර්මවාදීන්ට අවැසි පරිදි නැටවිය නොහැකි වූ විට එය ඔහු ඉවත් කිරීමට පෙරමුන ගත්තේ ” බෝන් අගේන් ” සංවිධානය විසිනි.

සජිත්ගේ නැගෙනිය මේ වන විටත් මෙම ආගමික කල්ලියේ  අනුගාමිකාවක් වී ඇත . ජලනී මෙම සංවිධානයේ අනුගාමිකාවක් ලෙස ප්‍රසිද්ධියේ පෙනී නොසිටියද  ඔවුන්  සමග  ඉතා කිට්‍ටුවෙන් වැඩ කරයි. හරීන් ප්‍රනාන්දු බෝන් අගේන් ආගමික සංවිධානයේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙකි. පසුගියදා සාහසික ලෙස අගරදගුරු තුමාට අපහාස කළේ ඒ නිසාවෙනි.

සජිත් බෞද්ධ ගාථාවක් කට පාඩමින් කියන්නේ තමාගේ දේශපාලනය ඔසවා ගැනීමට මිස සද්ධර්මයේ මුඛ්‍ය අරමුණ වෙනුවෙන් නොවේ. සජිත් ප්‍රේමදාස පන්සල්වලට ආධාර කරමින් රට වටේ ගිය ද ඔහු මෙහෙයවනු ලබන්නේ නැවත ඉපදුණු හෙවත් බෝර්න් අගේන් ක්‍රිස්‌තියානි ව්‍යාපාරය විසින්ය. සජිත්ගේ බෞද්ධ ප්‍රතිරූපය හුදු වෙස් මුහුනක් පමණි.

One thought on “බිහිසුණු අන්තවාදී කල්ලියක් සමග සජිත් යලි ඉපදුණු හැටි

  1. Above statement is not accurate. The term “born again Christian” is an often misunderstood. If we look to it, we see that the meaning is a spiritual renewal of a person.
    The term in the original Greek text is gennaṓ (born) meaning “to regenerate” and ańōthen (again) meaning “from above, anew.” Both meanings are consistent with the redeeming purpose. The label of Christian (Christianos) means “follower of Christ.” In simple words, a born again Christian has accepted transformation from sin to righteousness, evil to good. Born Again refers to a PERSON not to a RELIGION.

Comments are closed.