
” මෝඩයා” (idiot) යන වචනය ගූගල් කළ විට මතු වන්නේ ට්රම්ප්ගේ පින්තූරය. ට්රම්ප්ට අත්වූ මෙම සන්තෑසිය එරට දේශපාලනය කැලඹීමට තරම් බලවත් විය . ‘මෝඩයා’ යන වචනය ගූගල් කළ විට රටේ ජනාධිපතිවරයගේ රූප මතුවීම ලෝක අපවාදයක් යයි ඩිමොක්රටික් පක්ෂය චෝදනා කළේය. එම පක්ෂයේ මන්ත්රී වරියක වූ සෝ ලොෆ්ග්රේන් වරෙක මෙම ප්රශ්නය ට්රම්ප්ට යොමු කළාය. එය දේශපාලන වාසි තකා සිදු කළ ඇල්ගෝරිදම් එකක ප්රතිඵලයක් බව කියා ට්රම්ප් මාරුවිය.
ප්රශ්නය එතනින් ඉවර වූයේ නැත. ගූගල් සමාගමේ ප්රධානියා කොන්ග්රස් මණ්ඩලය හමුවට කැඳවූයේය. නමුත් ගූගල් සමාගමේ ප්රධාන විධායක නිලධාරියෙකු වූ සුන්දර් පිචායි ට්රම්ප්ගේ පිළිතුර ප්රතික්ෂේප කළේය. ගූගල් සෙවුම්වල රූප මතු වීමට හේතු දෙසීයකට වඩා බල පාන බවත් යම් වචනයක් ටයිප් කළ විට ඊට අදාල මුළු ලෝකයම පිළිගන්නා රූපය මතු වන පරිදි ගූගල් සෙවුම් යන්ත්රය ලියා ඇති බව හෙළි කළේය.
අපේ කථාව ආරම්භ වන්නේ මෙතැන් සිටය. ගූගල් සෙවුම් යන්ත්රයේ ” ගොං කථා” ලෙස ටයිප් කර බලන්න. එවිට උඩ සිට පහලට එක දිගට මතු වන්නේ සජිත්ගේ රූපය. ගොං කථා ගූගල් කළ විට සජිත්ගේ රූප මතුවන්නේ මහින්ද හෝ රනිල් ඇතුල් කළ දේශපාලන ඇල්ගෝරිදම් එකක් නිසා නොවේ. මෙහිදීද මතුවන්නේ ගොං වැඩ වලට අදාලව මුළු ලෝකයම පිලිගන්නා රූපයයි
යම් හෙයකින් 89-90 කාලයේ ගූගල් තිබුනේ නම් ” මිනී මරුවා” ලෙස ටයිප් කළ විට මතුවන්නේ සජිත්ගේ පියාගේ රූපය වනවාට සැක නැත. ඒ අනුව බලන කල නම් සජිත් හොඳය .නමුත් කථාව සමාප්ත කළ නොහැක . මක් නිසාදයත් මිනී මරුවන්ගෙන් පමනක් නොව ගොං කථා වලින්ද සමාජයට සිදුවන්නේ අවැඩකි