පිං බත් ගිලින බියුරෝව ශ්‍රමිකයන්ගේ තොරතුරු ඉල්ලයි

විදේශ සේවා නියුක්ති කාර්යාංශය ශ්‍රමිකයෙකු විදේශ ගත වන විට රු 25000කට ආසන්න මුදලක් අය කරයි. තවද සෑම වසර දෙකකරම වරක් රු 3200 ක් අය කරයි. නමුත් ලබා දෙන සේවාවක් නැත. බොහොමයක් ශ්‍රමිකයන් ‍රැකියා සොයා ගන්නේ ගෙවල් දොරවල් උගසට තබමිනි

මේ වනවිට මැද පෙරදිග 5000කට පමන කොරෝනා වැලදී ඇත.30 කට වැඩි පිරිසක් කොරෝනා ආසාදනය වී මිය ගොස් ඇත. ලක්ෂ 2 කට ආසන්න පිරිසකට ‍රැකියා අහිමි වීඇත . ඔවුන් මව් රටට පැමිනීමට දින ගනිමින් සිටියි.විදෙස් ගත වීමට පෙර ශ්‍රමිකයන් රක්ෂණයකට යටත් කළද මේ දක්වා කිසිදු සහනයක් ලබා දී ඇත

විදේශ සේවා නියුක්ති කාර්යාංශය හුදු මුදල් ගරන ආයතනයක් පමනි. අඩුම තරමින් විදේශ ගත වන ශ්‍රමිකය් පිළිබද ඩේටා බේස් එකක් වත් ඔවුන් සතුව නොමැත. ඒ බව සනාත කරමින්විදේශ සේවා නියුක්ති කාර්යාංශය ශ්‍රමිකයන්ගේ තොරතුරු එක් ‍රැස් කරන මෙහෙයුමක් දියත් කොට ඇත

 ඒ අනුව www.slbfe.lk අන්තර්ජාල වෙබ් අඩවියේ Census of Sri Lankan Migrant Workers යටතේ ඇති online  අයදුම්පත පුරවා යොමු කරන ලෙස ඉල්ලා සිටියි. 

මීට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය මෙවැනිම සංගණනයක් ආරම්භ කළ අතර ඔන් ලයින් ක්‍රමයට එහි ලියාපදිංචි වූයේ 900 කර ආසන්න පිරිසක් පමනි. මැදපෙරදිග මිලියනයකට ආසන්න ශ්‍රමිකයන් පිරිසක් වෙයි

කාර්යංශය දැන් දියත් කොට ඇති වැඩ සටහනද උපන් ගෙයිම අසාර්ථක එකක් වනවාට සැක නැත.මක්නිසාදයත් මේ වන විට ලක්ෂ ගනනක් ශ්‍රමිකයට ඔන් ලයින් ඇප්ලිකේෂන් පිරවීමට තියා ඉන්ඩ-හිටින්ඩ , කන්ඩ-අඳින්ඩ වත් නැත