මැස්සන් පිරිනු කඩ සුපිරි වෙළද සැල් බවට පත් කළ මෙහෙයුම

එක්දාස් නමසීය අනූගනන්වල සතොස කියන්නෙ පරණ රාජයේ ඔෆිස් එකක් වගේ කිරි කිරි ගගා කැරකෙන ෆෑන් එකයි පාට ගිහිල්ල පොතු ගැලවිලා ඉරිතැලුනු බිත්ති ටිකයි මේසෙ කඩන් වැටිල කොයිවෙලේ හරි කැශියර්ගෙ ඇඟට පතබෑවෙයි කියල හිතෙන කැශියර් එකයි එක්ක තිබ්බ පාලු කඩයක්.

නමුත් 2001 න් පස්සෙ මේ තත්වය වෙනස් උනා කීල්ස් කාගීල්ස් ආර්පිකෝ එක්ක කරට කර තරඟයක් දෙන්න පුලුවන් මට්ටමට අද යන්තම් හෝ සතොස ඉන්නෙ 2001 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට පින් සිද්ද වෙන්න. ඒ සඳහා පුරෝගාමී මෙහෙවරෙහි යෙදුනේ රවී කරුණානායක

එදා එතුමා සතොස කියන පද්දතියම කෝවෙ දාල මකල හැම දෙයක්ම ආයෙ අලුතෙන් හැදුවා. ඊට පස්සෙ මොන මොන අමාත්‍යංශ වලට මොන මොන ඇමතිගෙ අතට සතොස ගියත් රවී සතොසේ කල වෙනස්කම් ආයෙ වෙනස්කරන්න කවුරුත් හිතුවෙ වත් නෑ.

එදා රවී කාලයට ගැලපෙන්න ඔය වෙනස නොකරන්න සතොස එහෙමත් නැත්නම් සමූපකාර තොග වෙළඳ සංස්ථාවක් නෑ. 2001 unp ආණ්ඩුවට තියෙන ලොකුම චෝදනාව පාක්ෂිකයින්ට රැකියා දුන්නෙ නෑ කියන එක ඒත් රවී ඒ ආණ්ඩුවෙ ඉද්දිත් සතොස පැය 24 ම ඇරල පාක්ෂිකයින්ට ජොබ් දුන්නා.

මට මතකයි 2002 දි වගේ මට අහම්බෙන් සතොසකදි ඩලස් අලහප්පෙරුම වත්මන් අමාත්‍යතුමා හමු උනා එදා ඩලස් කිවුවෙ “බලන්න ඔයාලට රවීල වගේ වැඩකරන්න පුලුවන් මිනිස්සු ඉන්නව කාටද මේ වගේ වැඩකරන්න පුලුවන්. ඕනෙම දේක හොඳ වගේම නරකත් තියෙනවා නමුත් මේවැඩේ නම් සාර්ථකයි” කියල.

වගේම ඒ කාලයේ එයාල සියලු දෙනාම තේරුම් ගත්ත unp එකත් එක්ක රවී ඉන්න එක එයාලට විශාල තර්ජනයක්, රවීව නැති කරන එක අත්‍යාන්ත අවශ්‍යතාවයක් කියල. ඒ කොන්ත්‍රාත් එක ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ බාරගන්නෙ සතොස නාඩගමක් එක්ක tv එකට ඇවිල්ල. රවී සතොසෙන් හොරක්ම් කරනව කියල මතයක් හැදුව ( සාක්ෂි මොකවත් නැතුව.)

ඒ චෝදනාව ඔප්පු කරන්නෙ කොහොමද කියල ජයරාජ්ගෙන් අහන දවස්වල එයා කියල තියෙන්නෙ ” ඒක මම එලියෙන් බේරගන්නම් රවී හොරා රවී හොරා කියල දහ පාරක් ඇහුනනම් ඊට පස්සෙ රවී හොරාම තමයි” . රවි හොරෙක් කළේ ඒ අයුරිනි

ඒ වගේම 2009 මහින්දල යුද්දෙ දිනල 2010 ඡන්දයක් කියන්නෙ unp එකට ඔලුව උස්සගන්න බැරි කාලෙ පක්ෂෙ වෙනුවෙන් පාක්ෂිකය වෙනුවෙන් බලන්න ඉඳපු අතලොස්සෙන් ඉදිරියෙන්ම ඉඳපු සිරිකොතේ ලයිට් බිලේ ඉඳන් පඩි නඩි වල ඉඳන් ඕනෙම ප්‍රශ්ණයක් බැලුවෙ රවී.

අද ඔය රඟන මිනිස්සු තමන්ගෙ pso සහ driver එක්ක එද්දි කොළඹ උද්ගෝෂන විරෝධතා ව්‍යාපාර වලට මිනිස්සු ආවෙ රවී නිසා. ඒ එන මිනිස්සුන්ට වතුර බෝතලයක් වත් දීල කෑ ගහන එකෙක් පේන්න නෑ. හැමදාම දුකේදි සැපේදි ඒ මිනිස්සුන්ව බලාගනිපු රවී නිශ්ශබ්දව තාමත් ගමනේ නැවතුමක් නෑ . හැබැයි රවීට කල්ලියක් නෑ ඉතින් කල්ලි හදන කුමණ්ත්‍රණය කරන මිනිස්සු එක්ක රවී නෑ.

පක්ෂය කඩන්න පරදන්න දුර්වල කරන්න මාන බලන මිනිස්සුන්ට රවී පේන්න බෑ. ඒත් ඔනෙම වෙලාවක ඕනෙම කෙනෙක් රවීට ඇමතිකම තියෙද්දි නැතිවෙද්දි වෙනසක් නෑ phone එකට call එකක් ගත්තොත් අනිවාර්‍යයෙන්ම කතාකරන රවී වැඩකනම් ආයෙ වතාවක් අනිවාර්‍යයෙන්ම ගන්න කෙනෙක් බව රවීව දන්න හැමෝම දන්න දෙයක්.

කුමන්ත්‍රණ කරන්න පක්ෂයේ බෙදිම් ඇතිකරන සමහරුයි ප්‍රථිවිරුද්ධ පක්ෂවල හැමෝටමයි රවීට මඩ ගහන එකට අමතරව වෙන වැඩක් නැතිවෙන්න හේතුව පැහැදිලියිනෙ හැමෝටම ඕනෙ රවීව දේශපාලනිකව වට්ටන්න රවීව විනාශ කරන්න. කවදාක හරි කුමන්ත්‍රණ කරුවන්ගේ සහ එජාප විරෝධීන්ගේ සටන සාර්ථක වෙලා රවීව විනාශ වෙනව කියන්නෙ UNP එකත් විනාශ කරන්න ආයෙ වෙන මොනාත් කරන්න දෙයක් නෑ කියන එක රවීට ගහන හැමෝම දන්නව.

පාක්ෂිකයින්ට නම් රවී නැති උන දවසට ඔය මොකෙක්වත් නෑ එක රුපියලක් වියදම් කරන්න. ඒක උන් ලඟ ඉන්න අයත් දන්නව. තාවකාලික විරාමයක්….

Chaminda Thalgaswatta