සහරාන්, ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා – කොටස් අංක 1

ප්‍රභාකරන්, ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා යනු ආචාර්ය නලීන් සිල්වා විසින් ලියන ලද පොත් පිංචකි. එල්ටීටීඊය මිලිටරි ක්‍රියාන්විතයකින් යටපත් කිරීමට අවැසි මනෝමූල වට පිටාව සැකසීමට එම පොත විශාල දායකත්වයක් ලබා දුන්නේය.

සහරාන් ඕපපාතිකව බිහි වූවෙක් නොවේ

මේ වන විට මුස්ලිම් අන්තවාදය රටේ අස්සක් මුල්ලක් නෑර පැතිර ඇති බව රහසක් නොවේ. මුස්ලිම් අන්තවාදයේ බිහිසුණුම ප්‍රහාරය පසුගිය පාස්කු දින එල්ල විය. පාස්කු ප්‍රහාරය එල්ල කල සහරාන් ඕපපාතිකව බිහි වූවෙක් නොවේ.කරුණු එසේ හෙයින් සහරාන්, ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කවුද යන්න විමසීම මෙම් ලිපි පෙලේ අරමුණ වෙයි

කේවල ක්‍රමය සහ සමානුපාතික ක්‍රමය

1977 ට පෙර මෙරට පැවැතියේ කේවල මන්ත්‍රී ආසන ක්‍රමයකි.ආසනයයෙන් වැඩිම ඡන්ද ලබාගත් පක්ෂයේ අපේක්ෂකයා පාර්ලීමේන්තුවට පැමිනීම මෙහිදී සිදුවිය. එම ක්‍රමය යටතේ සුළු ජාතික ඡන්ද එතරම් වැදගත් නොවිනි. 70 මැතිවරණය ජයගත්  සිරිමාවෝ ඉතා ශක්තිමත් ආන්ඩුවක් හැදුවේය. නමුත් රටේ වලංගු ඡන්ද වලින් ලබාගෙන තිබුනේ  44 % කි.  2005 සිට රාජපක්ෂ කඳවුර දකුණ ජයගත්තේය. නමුත් ආන්ඩුව හැදීමට මුස්ලිම් පක්ෂ නැතිව බැරි විය.

දුර දු‍ටු JR සහ 12.5 % කඩ ඉම

1977 බලයට පැමිනි එජාප රජය කේවල මන්ත්‍රී ආසන ක්‍රමය වෙනස් කළේය. කේවල ක්‍රමයේදී ජන මතය නියම ආකාරයෙන් නියෝජනය වන්නේ නැතයි කියා ඔවුන් සමානුපාතික ක්‍රමය හදුන්වා දුන්නේය. මෙම ක්‍රමය යටතේ කොට්ඨාශයකින් වැඩිම ඡන්ද ලබා ගන්නා පුද්ගලයා පමනක්  ‍තෝරා ගැනීම වෙනුවට පරාජය වන පක්ෂ වලටද ඔවුන් ලබා ගන්නා චන්ද ප්‍රතිශතය මත ආසන හිමිවිය. 12.5% කට වඩා ලබා ගන්නා ඔනෑම පරාජිත පක්ෂයක්ට මෙම ක්‍රමය යටතේ ආසන හිමිවිය.නමුත් සුළු පක්ෂයක්ට 12.5% ක් ලබා ගැනීම දුෂ්කර විය

අතිශය තීරණාත්මක වූ 88 ජනාධිපතිවරණය

1988 මැතිවරණයේ ප්‍රධාන තරඟකරුවන් වූයේ ප්‍රේමදාස සහ සිරිමාවෝය. බැලූ බැල්මටම සිරිමාවෝ  සහ ප්‍රේමදාස අතර කරට  කර තරඟයක් විය. ගෙඩිය පිටින් මුස්ලිම් ඡන්ද ලබා ගන්නා පුද්ගලයාට නියත ලෙසම ජයගත හැකි බව සක්සුදක් සේ පැහැදිලිව තිබුනි. එකල්හි මුස්ලිම් ජනයාගේ ‍රැඩ්කල් නියෝජිතයා ලෙස ක්‍රියා කළේ අෂ්රෝෆ් ය.

අශ්රොෆ්ට ජාතිවාදී පක්ෂයක් හැදීමේ උමතුවක් විය , නමුත් 12.5% ඊට හරස් විය

අශ්රොෆ් මුස්ලිම් කොන්ග්‍රසය නමින් ජාතික වාදී පක්ෂයක් හදා දේශපාලනය කිරීමේ උමතුවෙන් සිටියේය. නමුත් ජේ.ආර්  හැදූ ව්‍යවස්ථාව යටතේ සමානුපාතික ක්‍රමය හරහා  පාර්ලීමේන්තු පැමිනීමට අවම වශයෙන් 12.5% ලබා ගත යුතු විය ( දිස්ත්‍රික්කයේ ඡන්ද වලින් ).එම ඉලක්කය ජය ගැනීම අශ්රෝෆ්ට දුෂ්කර විය.

අළුයම ලූ කෙල පිඩක් මෙන සිරිමාවෝ අශ්රොෆ්ගේ ඉල්ලීම ඉවත දැමුවාය

එකල්හි අශ්රොෆ් ගේ සතුව ලක්ෂ 3 කට ආසන්න මුස්ලිම් ඡන්ද ප්‍රමාණයක් තිබූනි. සිරිමාවෝය. 88 ජනාධිපතිවරණයට අශ්රොෆ්ගේ සහාය  ඉල්ලුවාය. සමානුපාතික ක්‍රමය යටතේ ආසනයක් ලබා ගැනීමේ සීමාව   5% දක්වා අඩු කරන්නේ නම් සිය සහාය දෙන බව අශ්රෝෆ්  සිරිමාවෝට කීවාය. රටට ආදරය කළ සිරිමාවෝ අශ්රොෆ්ගේ ඉල්ලීම  එක හෙලාම ප්‍රතික්ෂේප කළාය.

ලබා ගත යුතු ඡන්ද ප්‍රතිශතය 5% දක්වා අඩු කළ දේශද්‍රෝහියා කවුද?

සිරිමාවෝ – අශ්රෝෆ් සාකච්ඡා අසාර්ථක වූ බව මුසාමිල් හරහා ප්‍රේමදාසට දැනගැනීමට හැකි විය. ප්‍රේමදාස වහාම අශ්රොෆ් වට මේස සාකච්ඡාවකට කැඳවූයේය. අශ්රෝෆ් ඉල්ලන ආකාරයට ආසනයක් ලබා ගැනීමේ ඡන්ද සීමාව 12.5% සිට 5% දක්වා අඩු කිරීමට ප්‍රේමදාස එකග විය. අශ්රොෆ් පොරොන්දු පරිදි ප්‍රේමදාස මහතාට සහය දුන් අතර ප්‍රේමදාස මහතා ජය ගත්තේය. 

එහිදී ප්‍රේමදාස මහතා ඡන්ද  2,569,199 (50.43%) . ජනාධිපතිධුරය සඳහා සියයට 50 සීමාව වුයේ ඉක්මවා ගියේ ඡන්ද  22 000ක තරම් සුළු ප්‍රමාණයකිනි

මුස්ලිම් අන්තවාදයේ තිඹිරිගෙය සහ වලිගය විසින් බල්ලා නැටවීම

මැතිවරණය ජයගත් විගස 15 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා අශ්රෝෆ්ගේ පොරොන්දුව ඉ‍ටු කළේය . 1989 මහ මැතිවරණය නව සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්වූ අතර එහිදී මුස්ලිම් කොන්ග්‍රසය ඡන්ද ලක්ෂ දෙකක් (202,016)  ලබා ගත්තේය. ජාතික ලැයිස්තු ධුරයක් සමඟ මන්ත්‍රී ආසන 4ක් දිනා ගැනීමට සමත් විය.

වලිගය විසින් බල්ලා නැටවීම ආරම්භ වූයේ මෙතැන් සිටය, සහරාන් නැමැති දරුවාගේ තිඹිරි ගෙය වූයේ මෙතැනය. මුස්ලිම් අන්තවාදයේ බලවැල කැපුවේ කවුද කියා දැන් පැහැදිලිය. ප්‍රේමදාස විසින් ගත් බල ලෝභී තීරණය නිසා සමස්ථ ජාතියට විශාල වන්දියක් ගෙවීමට සිදු විය.

 මතු සම්බන්ධයි