මැදපෙරදිග මිනිසුන්ගේ කඳුළු කථාවේ නුදු‍ටු පැත්ත

මැදපෙරදිග ශ්‍රී ලාංකිකයන් යනු රටේ ජීවනාලියයි. නමුත් අද ඔවුන් විශාල ඛේදවාචකයකට ලක්වී ඇත. මේ වන විට ලංකාවේ කොරෝනා රෝගීන් 160 දක්වා අඩුවී ඇත. එනම් රෝහල් වල ඉඩ පහසුකම් ඇත. එවැනි තත්වයක් තුල මැදපෙරදිග අසරණයන් පිරිසක් ගෙන්වා ගත හැක.

විදේශ ගත ශ්‍රමිකයන්  රටට ණය නැති පිරිසකි. නමුත්  සමස්ථ ජාතිය ඔවුන්ට ණයගැතිය.

ශ්‍රමිකයෙකු විදේශ ගතවන විට රු 25000 මුදලක් විදේශ ‍රැකියා නියුක්ති කාර්යංශය විසින් අය කරනු ලබයි. සෑම දෙවසරකටම වරක් විදේශ ශ්‍රමිකයෙකුගෙන් රු 3200 මුදලක් අයකරයි. ශ්‍රමිකයන්ගේ මුදලින් රක්ෂණයකටද යටත් කරයි

තවද විදේශ ශ්‍රමිකයන්ට ‍රැකියා සොයා දෙන්නේ රජය නොවේ. අසරණයන් ගෙවල් දොරවල් උගස් කොට ලබා ගන්නා මුදල් විදේශ ‍රැකියා ඒජන්සියකට බැඳ ‍රැකියාවක් සොයා ගනියි

සෑම වසරකම අධ්‍යාපනය නිම කළ ලක්ෂ 3ක පිරිසක් ‍රැකියා වෙළද පොලට එක් වෙයි. වසරකට රජය සහ පෞද්ගලික අංශය සම්පාදනයන් කරන්නේ රැකියා 25000 ක ප්‍රමානයකි. දෙලක්ෂ පනස් දාහකට ආසන්න පිරිසක් ‍රැකියා සොයා මැදපෙරදිග යයි.

අපේ රටේ ඇ.ඩො බිලියන 12 ක වෙළද හිගයක් ඇත. ඉන් ඇ.ඩො බිලියන 8 ලබා දෙන්නේ මැදපෙරදිග ශ්‍රමිකයන්ය.මේ රටේ ජීවනාලිය මැදපෙරදිග ශ්‍රමිකයන්ය.

මැදපෙරදිහට අම්මාවරුන් විකුනා ප්‍රාඩෝ , බී.එම්, බෙන්ස් වලින් යන යන දේශපාලනකන්ට විදේස ගත ශ්‍රමික සංවිධානයක් ලිපියක් යවා ඇත. එහි පිට පතක් අප වෙතද ලැබුනි.