සුපිරි ව්‍යාපාරිකයන් පිරිසක් එජාප ප්‍රභලයන් හමුවෙයි

සුපිරිතම ව්‍යාපාරික පිරිසක් සහ  එජාප ප්‍රභලයන් අතර සාකච්ඡාවක් ඊයේ දිනයේ පැවැත්වී ඇත. බැංකුකරුවන් , විද්වතුන් ඇතුලු පිරිසක්ද ඊට එක් වී ඇත . තවත් පිරිසක් දුරකථනය  හරහා සංවාදයට එක් වී ඇත . රනිල් නිතර විවේචනය කරන මාධ්‍ය ආයතනයක් හිමි ව්‍යාපාරික ප්‍රභලයෙකු,  නියෝජිතයෙකු එවා තිබීම විශේෂ සිදුවීමක් විය

කඩාවැටෙමින් පවතින ආර්ථිකය සහ ඉදිරි මූල්‍ය වර්ශය තුල ඔවුන් මුහුන දෙන   අභියෝග එහිදී සාකච්ඡාවට බදුන් වී ඇත.

කිසියම් රටක් චීනය සමග පමනක් ගණුදෙනු කරයි නම් ඉන් බොහෝ අනි‍ටු පල විපාක ඇති විය හැකි බව ඔවුන් පෙන්වා දි ඇත. බුද්ධිමත් නායකයෙකුගේ  කාර්යභාරය  චීනය සහ බටහිර කඳවුර යන දෙපාර්ශවය සමගම සමග සමබරතාවය පවත්වාගෙන යාම බව ඔවුන් පෙන්වාදී ඇත.

මේවන විට  ව්‍යාපාරික ආයතන වල පිරිවැ‍ටුම කඩා වැටී අති අතර ලාබ ලබන ව්‍යාපාරවල මුදල් පාඩු ලබන ව්‍යාපාර වලට පොම්ප කර ඒවා ආරක්ෂා කරගත හැකි තත්වයක් නොමැති බව ඔවුන් පවසා ඇත. ඒ අනුව විශාල සමාගම් යටතේ ඇති ලාබ නොලබන හෝ පාඩු ලබන ව්‍යාපාර වැසී යාම නොවැලැක්විය හැකි බව එහිදී පෙන්වාදී ඇත .

තවද එජාප නායකයන් අනුගමනය කළ ප්‍රතිපත්තිය ව්‍යාපරික ප්‍රජාවේ ඇගයීමට ලක්වි ඇත.රටේ ආර්ථිකය හැසිරවීමෙහි  සහ ජාත්‍යනතරය සමග ගණුදෙනු කිරීමෙහිලා  මනා පරිචයක් ඇති එජපය රට ගොඩගැනීමට සක්‍රීයව දායක විය යුතු බව ඔවුන් පෙන්වා දී ඇත