සජිත් තමා ” අපගේ රජයේ ගරු අග්‍රාමාත්‍ය’ ලෙස හඳුන්වන ලෙස ඉල්ලයි

සජිත් සමගි ජන බලවේගයේ සියළුම අපේක්ෂකයන්ට තමා ”අපගේ රජයේ ගරු අග්‍රාමාත්‍ය” කියා හඳුන්වා දෙන ලෙසට දැනුම් දී ඇත.

මේ සම්බන්ධව සජිත්ගේ පිලේ ජේෂ්ඨයෙකුගෙන් අප කළ විමසීමකදී සජිත් සහ ඔහුගේ  අගමැති ධූරය ගැන අපූරු කථාවක් කීවේය . සජිත් ප්‍රේමදාස පාසැල් කාලය තුල ගණිතයට ලබා ගෙන ඇති වැඩිම ලකුණු ප්‍රමාණය 23% කි.  ගණිත විෂයේ සජිත් දක්වන  දුර්වලතාවය නිසා   13 සහ 113 පටලාගෙන ඇත .

මෙම කථාව කියූ සජබ පිලේ දේශපාලකයා සජිත් සමග සිටින්නේ දැඩි  කෝපයකිනි. එජාපය දෙකඩ කිරීම නිසා සජිත්ගේ පිලේ ජේෂ්ඨ දේශපාලකයන් ගණනාවක් පරාජය වීමට නියමිතය . ඔවුන් සියල්ලන් සජිත් සමග සිටින්නේ දැඩි කෝපයකිනි. ඔවුන්  මැතිවණය වෙනුවෙන් කරන වියදම් පවා නවතා ඇත.