සුජීව පාස්කු බෝම්බකරුවන්ට උදව් කරලා,ගෑනු රවටා දේපල අරන්

පාස්කු ප්‍රහාරය මෑත යුගයේ මුළු රටම කඳුලින් තෙත් කළ සිදුවීමකි. එහි විශාලතම කාර්යභාර්ය ඉ‍ටු කළේ ඊබ්‍රහීම් පවුලය. සුජීව සේනසිංහ, තඹ සුජී ලෙසද හදුන්වයි. මොහුට තඹ සුජී ලෙස හදුන්වන්නේ ඇයි කියා ඔබ දන්නවාද ? මොහුට තඹ සුජී යන නම් පට බැදුනේකොළඹ වරායෙන් තඹ කන්ටේනර් 3ක් මුද ගැනීමට අයුතු බලපෑම් කිරීම නිසාය . එම තඹ කන්ටෙනර් අයත් වූයේ ඊබ්‍රහීම්ගේ පුත්‍රයාටය.

පහත දැක්වෙන්නේ වෛද්‍යවරයෙකු සුජීව සේනසිංහ ගැන කියන කථාවකි

වෛද්‍ය හර්ෂ සමරවීර නොහොත් මෙහි කථා නායකයා මාගේ මිත්‍රයෙකි. ඔහු දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙකි. ඔහු විශාල ධනස්කන්ධයකට හිමිකම් කියූ හිත හොඳ පුද්ගලයෙකි. හැඩරුවින් ලස්සන නොවුනද ලස්සන හදවතක් ඔහුට ඇත. පැණි අඹ කන්නේ වඳුරොයි කපුටොයි කියා කථාවක් ඇත . ගැහැනු සමබන්ධව එම කථාව නිතර යෙදේ. මක්නිසාදයත්, මුදල් පසු පස හඹා එන යුවතියන් බොහෝය. හර්ෂ සමරවීර විවාහ වූයේ රූමත් නමුත් නූගත් ගුවන් සේවිකාවක් සමගය. ඇය නමින් ‘මනෝජි වඩුගොඩපිටිය’ වූවා ය.

මනමේ කුමාරිය නොහොත් මනොරි වඩුගොඩපිටිය

ටැප් එක ඇරියා වාගේ තොර තෝංචියක් නැතිව කියවන තැනැත්තියත් වූ මනෝජි නිසා හර්ෂ තම උගත් වෛද්‍ය මිතුරන් අතරේ නිරන්තරයෙන් අපහසුතාවයට පත්විය. පම්පෝරි ගැසීම් සහ වාචාලකම් නිසා ඇගේ නූගත් කම ලොවට අනාවරණය විය. හර්ෂගෙන් අහුලා ගන්නා මෙඩිකල් ටර්ම්ස් වරදවා උච්චාරණය කිරීම නිසා ඇය හර්ෂගේ සමාජයේ බයිට් එකක් වූ නමුත් හර්ෂ මේ සියල්ල සංයමයෙන් දරාගත්තේ ඔහු තුළ වූ වැදගත් කම නිසාවෙනි.

හර්ෂගේ දේශපාලනය..

හර්ෂ හොඳ ශ්‍රී ලංකා කාරයෙකි. දේශපාලනය හරහා මෛත්‍රීපාල සිරිසේනගේ අතිජාත මිත්‍රයෙක් බවට පත්විය. ඔහු මහවැලි උපදේශණ කාර්යංශයේ සභාපති ලෙස පත්වීම ලබන්නේ ඔහුගේ දේශපාලන සබඳතා හරහාය. එමෙන්ම ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂකවරයෙක්ද විය. ඔහු දේශපාලකයන් හා ඇසුරට ප්‍රිය කළ චරිතයකි. එමගින් ලාභ ප්‍රයෝජන ලබා ගැනීමටද ඔහු අමතක කළේ නැත.. 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රී වෙනුවෙන් අත මිට දිගහැර ඔහු වියදම් කළේය. මෛත්‍රීගේ මැතිවරණ ව්‍යාපාරයට හර්ෂ මෙන්ම මනෝජිද සක්‍රියව දායක වූහ.

සුජීගේ ආගමනය..

මෛත්‍රීගේ මැතිවරණ ව්‍යාපාරයට දායක වීම නිසා හර්ෂ සමග කුළුපග වු ‘සුජීව මල්ලී’ හර්ෂ අයියා බැලීමට නිතර පැමිණි අතර හර්ෂගේ ගෙදර සුජීව වෙනුවෙන් නිතර රාත්‍රී භෝජනය පිළියෙල විය. සුජීව, මනෝජිගේ මල්ලී සමග විවිධ වර්ගයේ ඩීල් කථාකරමින් හර්ෂ ඉදිරියේ සල්ලි ආකරයක සිහින මවා තිබින. මනෝජි හර්ෂගේ මුදල් සූක්ෂම ලෙස වියදම් කර වූ කපටි ගැහැණියකි. ඒ සුජීව මනොජි සමග අනියම් සමග අනියම් සම්බන්ධතාවයක් පටන් ගත්තේය

ආයෝජකයන් මුණ ගැසීමට රට යෑම…

නව ආයොජකයන් මුණ ගැසීම සඳහා බව පවසා හර්ෂගේ මුදලින් විදෙස් සංචාර වල නිරත වූ සුජීව සහ මනෝජි සැබැවින්ම සිදුකර තිබුනේ හර්ෂගේ වියදමින් නිල නොලත් මධුසමය ගතකිරීම ය. සිංප්පුරුවෙන් ඇරඹි සංචාර යුරෝපය දක්වාම ගොස් තිබුනද කිසි ආයෝජනයක් ගෙන ඒමට අසමත් වී තිබින. සුජීව වෙනුවෙන් අතහැර වියදම් කළ මනෝජි, සල්ලි ආකරයක් බව සුජීව තේරුම් ගෙන තිබින.

රාත්‍රී කෑම මේසයේ හැසිරීම..

මා හට සුජීව ප්‍රථම සහ එකම වතාවට මුණ ගැසෙන්නේ හර්ෂගේ නිවසේදීය. මනෝජි සහ සුජීව, අක්කා මල්ලී ලෙස ඇමතුවද ඔවුන්ගේ හැසිරීම සාමාන්‍ය නොවන බව පැහැදිලි විය. ඒ සුජීවගේ වයස්ගත කාන්තාවක් සමග ‌පෙර තිබූ ඇසුරක් මා දැන සිටි නිසාය. මා ගැන විශේෂ හැදින්වීමක් නොකල හර්ෂ මා වෛද්‍යවරයෙක් සහ ආනන්දයේ මිතුරෙකු පමණක් බව සඳහන් ක‌ෙළේය.

සුජීව තම ළමා කාලය සහ පරම්පරාව සිය වලව්ව ගැන පම්පෝරි කියමින් සිටියදී මම නිහඬව සිටියෙමි. ‌බෙන්ස් එකේ පාසල් ගිය හැටි, කුඩා කාලයේ තමා සිටි කාමර දහයක සුවිසල් නිවස වැනි බොරු බේගල් දැඩි ආයාසයකින් අසා සිටියෙමි. ඔහුගේ කයිවාරු අවසානයේ මම නුවර ලේවැල්ලේ බවත් මාගේ බාප්පා ඔහුගේ පියා සමග එක උසාවියේ කටයුතු කළ බවත් පැවසීමි.

සුජීව එම අවස්ථාවේ පත්වු අපහසුතාව තවමත් මට මතකය. මා ඇසුවේ රඹුක්කන වලව්වෙන් මිලදී ගත් පැරණි කවිච්චි තවම ගෙදර තියෙනවා ද? යන්න පමණකි. සුජීව යනු හීනමාන කාරයෙකු බවත් නුවර ස්ටැන්ලි පවුල තමන් වලව් පෙළපතක් බව පෙන්වීමට ගොස් මුළු නුවරටම විහිළුවක් වූ ආකාරයත් පසුදිනෙක මම හර්ෂට පැවසුවේ සුජීවගේ කැරැට්ටුව ගැන මා දන්නා දේ පවසා අවවාදයක්ද කරමින්ය.

අද්භූත ලෙස හර්ෂ පැරලයිස් වීම

දිනපතා නිදහස් චතුරශ්‍රයේ ඇවිදින හර්ෂ සිය නීරෝගී බව ගැන ඉතා සැලකිලිමත්ය. ඔහු 2017 වසරේදී අංශභාග තත්ත්වයකට පත්වීම වෛද්‍යවරයෙකු වු මා හට පැහැදිලි සැකයක් ඉතිරි කළ සිදුවීමක්ය. චන්ද්‍රන් රත්නම්ගේ ‘අකොඩින් ටු මැතිව්’ චිත්‍රපටිය නරඹද්දී හර්ෂගේ ඉරණම හා එහි රූප රාමු අතර සමානකම් පෙනෙන්නට විය. මගේ සැකය තවත් තහවුරුවන්නේ ඉන් අනතුරුව සිදුවූ සිදුවීම් සමගය.

මනෝජි හර්ෂගෙන් දික්කසාද වීම.

සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකික කාන්තාවකගෙන් අප දකින්නේ අසනීප වූ සැමියා රැක බලා ගැනීමය. නමුත් හර්ෂට සිදුවුයේ ශෝචනීය සිදුවීමක්ය. මනෝජි හර්ෂගෙන් දික්කසාද වීම ඉල්ලා නඩුවක් ගොනු කරන්නේ සුජීවගේ උපදෙස් මතය. ඒ හර්ෂ අංශභාග රෝගියෙකු වී මාස කිහිපයකට අනතුරුවය. කෝටි ප්‍රකෝටි ගණනක දේපළකට හිමිකම් කියු හර්ෂ දික්කසාද වෙන මොහොතවන විට ඔහු සතු සියළු දේපළ මනෝජි වෙත බලහත්කාරයෙන් පවරාගෙන තිබුනේ සුජීවගේ බලපෑම් මතය. මෙය පියවි ලෝකයේ සිදුවූ දෙයක්ද යන්න අදහා ගැනීමටවත් දුෂ්කරය.

මනෝජිට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ උපදේශක තනතුරක්.

මේ අතර සුජිවගේ තාක්ෂණ අමාත්‍යංශයේ උපදේශක තනතුරක් මනෝජිට ලැබුනි. හර්ෂගෙන් උදුරාගත් ධනය මේ වනවිට බුක්ති වින්ඳේ සුජීවය. මනෝජි විසින් සුජීවට ලබා දුන් නවතම තෑග්ග නවීන ටොයොටා ලෑන්ඩ් කෘෂර් ජීප් රථයක්ය. සුජීවගේ වචන වලින්ම කියනවා නම් ‘මනෝජි කලින් සෙට් උනානම් ඇලෝෂියස්ගේ ලක්ෂ 30 කට පීචං වීමට අවශ්‍ය වන්නේ නැත’.

තඹ සුජීගේ වලටත් හෙන පාත් නොවුනොත් පුදුමය

අද තඹ සුජී මගේ නිවස ලෙස හදුන්වන නිවස නොහොත් අංක 03, මරීනා ඇවන්‍යු, බානස් පෙදෙස, කොළඹ 07 නිවස නියම අයිතිකරු හර්ෂ ය. සුජීව ඉතා සූක්ෂම ලෙස හර්ෂගේ දේපොළ කොල්ල කෑ ආකාරය ඉතා පැහැදිලිය. හර්ෂ අද ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කරමින් කොළඹ 05, සිරිපා පටුමගේ කුලී නිවසක ජීවත් වෙද්දී වයස්ගත කාන්තාවන් සංතර්පණයකර ඔවුන්ගේ දේපොල මංකොල්ල කන බනානා සුජී තක්කඩි කමින් දේශපාලනයේ දිගුගමනක් යාමට සිහින මවමින් සිටියි