අසරණ ශ්‍රමිකයන් මිය යද්දී ගෝඨා හෙලිකොප්ටර් ගෙන්වයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හෙලිකොප්ටර් යානා 4ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. විය . මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරි පත් කරන ලද්දේ ජනපති ගෝඨාභය රාජපක්ෂ විසිනි.

ගුවන් හමුදාව සතු හෙලිකොප්ටර් යනු හුදෙක් වී.වී.අයි.පී පුද්ගලයන්ගේ භාවිතය සදහාම වෙන් කරන ලද්දකි . හිටපු ජනපති සිරිසේන සිය ධූර කාලය තුල ගුවන් හමුදා හෙලිකොප්ටර් වලින් පෘතුවිය වටේ තුන් වටයක් යන දුරක සවාරි ගොස් ඇති බව පසුගියදා හෙලිදරව් විය .

නව ජනපති ගෝඨාභය, සිරිසේන තැබූ වාර්තාව කැඩීමට  උත්සාහ කරනවා විය හැක . තවද මිග් යානා ගිණිපෙල්ලෙන් බැට කෑ ජනයා හෙලිකොප්ටර් කනා මැදිරියාට බිය බව අමතක නොකල යුතුය. රට මෙතරම් ව්‍යවසනයකට ලක්ව තිබුයදී හෙලිකොටර් 4ක් මිලදී ගැනීම යනු අපට නම් හෙණ ඉල්ලන අපරාධයකි. (රටේ යුධමය වාතාවරණයක්ද නැත)

මේවන විට මැදපෙරදිග අපේ අම්මලා, සොයුරු, සොයුරියන් ඉතා ඛේදජනක ඉරණමකට ගොදුරු වී ඇත.ඔවුන් අසරණව ජීවිතයත් මරණයත් අතර සිටියි. ඔවුන්ගේ පවුලවල අය සිය දුක කීමට කෙනෙක් නොමැතිව අන්ත අසරණ වී සිටියි. ජනපති ගෝඨාභය PCR පරික්ෂණ සහ නීරෝධායනයට මුදල් නැතැයි කියා මැදපෙරදිග අසරණයන් ගෙන්වා ගැනීම පැහැර හරිමින් සිටියි.

පසුගිය සතිය තුල කොරෝනා වැලදීමෙන් මැදපෙරදිග ශ්‍රී ලංකික ශ්‍රමිකයන් 12 මියගොස් ඇත.5 දෙනෙක් සිය දිවි හානි කොටගෙන ඇත. මැදපෙරදිග තත්වය දිනෙන් දින දරුණු වෙමින් පවතියි.මෙවන් තත්වයක් තුල අසරණයන්ට පිහිට වීම පසෙක ලා මහජන මුදලින් හෙලිකොප්ටර් ගෙන්වීම හෙණ ගහන අපරාධයක් නොවේද ?