රංගජීව සමාව ඉල්ලයි, වරදට සුදුහුණු ගෑ උන් දේශප්‍රේමීන් නොවේ

අලුත්කඩේ උසාවි සංකීර්ණ පරිශ්‍රයේ දී මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව විසින් අදාළ මාධ්‍යවේදියාගෙන් සමාව ඉල්ලා ඇත


නමුත් රංග ජීව කළ වරද වරදක් ලෙස දැකීමට කොන්දක් තිබුනේ ඉතා සීමිත පිරිසකට පමනි. යමෙක් වරදක් කළ විට, ඊට තරාතිරම අදාල නැත. එය හෙලා දැකිය යුතුය .මේ ලෝකයේ ඉදියට ගියේ එවන් රටවල් පමනි.ප්‍රකට පුද්ගලයක් වරදක් කළ විට ඊට සුදු හුණු ගෑම නිවට කමකි. එවන් පුරවැසියන් සිටින රටකට පරිහානිය මිස දියුණුවක් නැත.


රංගජීවගේ සිද්ධියේදී ඔහු කළේ වරදක් බව කීමට කොන්දක් තිබුනේ ඉතා සීමිත පිරිසකට පමනි . Lankanewsapp මුල් අවස්ථාවේදීම එය වරදක් ලෙස හෙලා දු‍ටුවේය .

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ හා අපක්ෂපාතී කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණි .

සිය සේවා ඉතිහාසය තුල කප්පරක් විනය විරෝධී ක්‍රියාවන්ට වරද කරු වී ඇති රංගජීව මධ්‍ය වේදියාගෙන් සමාව ඉල්ලුවේ කේස් එක ගොඩින් බේරා ගැනීමටය

බමුණා උනත් දුදනෙක් නම් බිම හොවනු
සැඩොලා වුනත් සුදනෙකු නම් පුටුව දෙනු
හෙළයා වුනත් ජඩයෙකු නම් පහර දෙනු
දෙමළා වුනත් විරුවෙකු නම් ගරු කරනු…..

රජෙකුගේ වුවත් වරදට කෑ මොර ගසනු
මොරදෙන මුවෙහි ලන මී පැණි ඉවත ලනු
නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනු
වරදට කිපෙනු සටනට වැද ජය ලබනු…