”වැඩ කරන අපේ විරුවා”ගීතය වස් කවියක් වන ලකුණු

මේ වන විට ලංකාවේ  ජනතාව ඉතිහාසයේ කිසිදිනක නොවූ විරූ අන්දමේ ඛේදජනක අඩියකට වැටී ඇත. ලක්ෂ ගණනකට ‍රැකියා අහිමි වීඇත . ව්‍යාපාර කඩා වැටී ඇත. මැදපෙරදිග ශ්‍රමිකයන් හිඟමනට වැටී ඇත.  කරුණු එසේ වූ කල්හි දුක් විඳින ජනයාගේ සාපය පාලකයා කරා ලගා නොවීමට හේතු නැත.

සෞභාග්‍යයේ දැක්ම මගින් දුන් පොරොන්දු වම් පසින්ද එහි වත්මන් තත්වය දකුණු පසින්ද දක්වා ඇත

  1. රාජ්‍ය යාත්‍රණය මෙහෙයවීමට පරිනත නිළධාරීන් පත් කිරීම – ඉරාජ් වැනි බත් ගොට්ටන්ගේ පත් කිරීම් හරහා මෙය උපන්ගෙයිම බොරුවක් විය
  2. විනිවිද භාවයෙන් කටයුතු කිරීම – විදේශ වලින් ලැබුනු කෝවිඩ් ආධාර  සහ රජය අච්චු ගැසූ බිලියන 260 ක මුදල්  වාෂ්ප වී ඇත
  3. රජ්‍ය වියදම් පලදායි අයුරින් යොදවා ගැනීම – අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කොට තිබියදී හෙලිකොප්ටර් ගෙන්වීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රකාවට අනුමැතිය දුන්නේ ඇයි ?
  4. පුද්ගලීකරණය නැවැත්වීම – විකිනිය හැකි ඕනෑම දෙයක් විකිනීමට රජය සූදානමින් සිටියි
  5. අධ්‍යාපනය විධිමත් කිරීම – මේ වන විට පාසැල් අධ්‍යාපනය මුළුමනින්ම කඩා වැටී ඇත,ස/පෙ , උ/පෙ පැවැත්වීම ගැන නිසි කාලනිර්නයක් කොට නැත.අධ්‍යාපන ඇමති දුවේ පුතා භාෂාවෙන් ඇමතුවාට ගැටළු වලට විසදුම් ලැබෙන්නේ නැත.
  6. මූල්‍ය විනය – මූල්‍යමය තීන්දු ගන්නේ කුස්සි  කැබිනට්‍ටුවක් විසිනි,කිසිදු පාරදුෂ්‍යභාවයක් නැත.  ඊ.ටී.අයි , සෙන්ට්‍රන් ‍ෆිනෑන්ස් තැනපත් කරුවන් අසරණ වී ඇත, ලීසිං ගැටලුවක් සාකච්ඡා කිරීමට ගිය පු‍රැවැසියෙකු ඝාතනය විය, කල් බදු 7% පොලියක් එකතු කොට ඇත, ජේෂ්ඨ පුරවැසි ගිණුම් වලට ලැබුනු පොළිය පහල වැටී ඇත
  7. ඖෂධ ගුණාත්මක භාවය සහ නියමිත තොග පවත්වාගෙන යාම – මේ වන විට බරපතල ඖෂධ හිගයක් ඇත
  8. මහා පරිමාන මත්කුඩු ජාවාරම් කරුවන් නීතියේ ‍රැහැනට හසු කර ගැනීම – ආසියාවේ කුඩු ගෝඩ් ෆාදර් සිද්දීක්ට නිදහස දුන්නේ ඇයි?
  9. විදේශ ශ්‍රමිකයන්ට සහන ‍රැසක් – විදේශ ශ්‍රමිකයන් ලක්ෂ ගණනක් කාන්තාරයේ අසරණ වී ඇත, දිනපතා එක් අයෙකු මිය යයි
  10. ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් -ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන් , ගොවියන්  අනාථ වී ඇත   
  11. කෘෂිකර්මාන්තය -බිත්තර වී නැත, පොහොර නැත, වී වලට සහතික මිලක් නැත
  12. අපනයන බෝග වලට සහතික මිලක් හදුන්වා දීම – එජාප ආන්ඩු සමයේ තිබූ මිලත් නැත
  13.  ධීවර අංශය සහන ‍රැසක් – මහ මුහුද චීන විශාල නෞකාවලට බදු දී ඇත,දේශීය ධීවරයා අනාථ වී ඇත
  14. පශු සම්පත් අංශය දියුණු කිරීම-  කොමිස් කුට්ටි වලට යටවී භූගෝලීය වශයෙන් නුසුදුසු කිරි දෙනුන් ඔස්ට්‍රේලියාවෙන් ගෙන්වන්නේ ඇයි?
  15. ව්‍යාපාර සහ ව්‍යවසායකත්ව සංවර්ධනය – සුළු හා මධ්‍ය පරිමාන  ව්‍යාපාර 20% වැසී ගොස් ඇත
  16. සංචාරක කර්මාන්තය – කථා කොට වැඩක් නැත  
  17. ඇඟළුම් කර්මාන්තය – කථා කොට වැඩක් නැත
  18. ඉඳිකිරීම් කර්මාන්තය වැඩි දියුණු කිරීම – චීන සමාගම් විසින් ආක්‍රමණය කොට ඇත, දේශීය ව්‍යාපාරිකයන් අනාථ වී ඇත
  19. නව තාක්ෂණය හදුන්වා දීම –   මෙරට මුද්‍රණය කල හැකි රියදුරු බලපත්‍රය දකුණු අප්‍රිකානු සමාගමකට පැවරීම. ICTA අධ්‍යක්ෂක සංජීව වීරවර්ණ ඉල්ලා අස්වූයේ මේ නිසා නොවේද?
  20. නව නිපයුම් බිහි කිරීම-  පත්වූ දා සිට ඉදිකට්ටක තරම් දෙයක් වත් මෙරට නිෂ්පාදනය කොට නැත
  21. ආපදා කළමණකරණය – අපි කොරෝනා පාලනය කළා යයි මෙතෙක්  පෑ සංදර්ශණයද ඛේදජනක අවසානයකට ලගා වී ඇත
  22. අලිමිනිස් ගැ‍ටුම් ට තිරසාර විසදුමක් – වත්මන් රජය පත්වූ දා සිට, අලි 65 දෙනෙකු , මිනිස් ජීවිත 4ක් , නිවාස 113 ක් අහිමි වී ඇත
  23. වෙරළ සහ සමූද්‍රය ආරක්ෂා කිරීම – කඩොලාන , වෙරල විකිනීමට සූදානම් කොට ඇත. ගල්කිස්ස වෙරල පිරවූයේ විකිනීමට නොවේද?
  24. ජාතික වන අවරණය 30% දක්වා වර්ධනය කිරීම – අවශේෂ කෑලෑ විකිනිමට සූදානම් කොට ඇත
  25. ජනමාධ්‍ය තොරතුරු දැනුම හා මතවාද සන්නිවේදනයට ඉඩ ලබා දීම – ජනමාධ්‍ය  සහ සමාජ ජාලා ක්‍රියා කරුවන් 25 ක් අත්අඩංගුවට  
  26. සමාජ ආරක්ෂණය සහ අපරාධ පාලනය – පාසැල් ශිෂ්‍යාවන්  කාමාතුරයන් අතින් දූෂණයට ලක් වෙයි
  27. සතා සිවුපාවාට සෙනෙහස – ලංකාවට ආවේනික කළු දිවියන් මරණයට,ඉන් එකෙකු මිය ගියේ වන ජීවී භාරයෙදීය 
  28. වතු අංශයේ සුභසාදනය – දුන් පොරොන්දු කිසිවක් ඉ‍ටු කොට නැත