සිංගප්පූරු සිහින විකුණූ රටක ජනතා පැතුම සැබෑ කළ මිනිසා

බඩු මිල ඉහළට යන්න යන්න ජීවන වියදම අහස උසට යනවා. හුගාක් මිනිස්සුන්ගේ ආදායම් මාර්ග අහිමි වෙලා. හෙට කන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි බවයි මග තොටේ හමුවෙන කාගේත් මුවේ රැව් දෙන්නේ..!

හංදියේ ත්‍රීවීලර් මල්ලි:

මම මගෙන් අහනවා. බොළඳ දේශපාලන හැඟීම් පැත්තකින් තියලා මම මගෙන් අහනවා ” තවම හුඟාක් සාමාන්‍ය මිනිසුන්ට තියෙන ආර්ථික දුෂ්කරතාව මට නාවෙ කොහොමද ? හංදියේ ත්‍රීවීලර් මල්ලි කියන්නේ දැන් එයාල කන්නේ වේලක් හැර වේලක් කියලා. ඉස්සර තරම් හයර් නැතිලු. කතාව ඇත්ත.

හික්කඩුව හෝටලේ චෙෆ් :

හික්කඩුව බීච්  හෝටලේ චෙෆ්  heවැඩේ කරපු අල්ලපු ගෙදර මල්ලිගේ කාර් එක සීස් වුනා. වාරික ගෙවාගන්න බැරුව. ඒ කාර් එක ගන්න අත්සන් කරපු එක සාක්ෂිකාරයෙක් මම. ඒ මල්ලිට මාස ගාණකින් පඩි නෑ. අපිව අමාරුවේ දාන්න බෑ කියපු මල්ලි සීසර්ලට කාර් එක ගෙනියන්න කියලා. කසාද බැඳලා මාස 8 යි. ” ජීවිතේ එපා වෙලා ඉන්නේ අයියේ , සුද්දෝ නෑ .. ඒ නිසා පඩිත් නෑ .. බලන්න බැන්දා විතරයි ..

නදී අක්කාගේ පුතා ට ෆීස් ගෙවන්න බැරි නම් ඉස්කෝලෙ එන්න එපා කියලා  :

නදී අක්කා කියන්නේ අපේ වෙඩින් එකේ කේක් එක හදපු අක්කා. හස්බන්ඩ් රට. කුවේට් වල. ලංකාවට එන්න විදියක් නැතුව ඉන්නේ. මාස 4 කින් සල්ලි එවලා නෑ. ලොකු පුතා ඉන්ටර්නැෂනල් ස්කූල් ගියේ. ඉස්කූල් ෆී ගෙවන්න විදියක් නැතුව ඉස්කෝලෙ එන්න එපා කියලා.

රජයේ සේවක යුවලකගේ සංවාදය

ස්වාමි පුරුෂයා – මොන ප්‍රශ්න තිබුනත්  අපි ඔළුව උස්සලා ඉන්නවා !

බිරිද – ඔව් වැඩි වුන රු 10000 නිසා

ස්වාමි පුරුෂයා- අනිවාර්යෙන් අපේ පවුලට මාසයකට 20000ක් වැඩි වුනා

“රවී කරුණානායක නේද ඒක කළේ”. ඒත් එයාට ගිය ටිකේම මීඩියා ගැහුවා නේද ?” වයිෆ් අහනවා..

වැඩ කරන මිනිස්සුන්ට අවලාද නගන එක ඉතිහාසය පුරා මේ රටේ සිදු වුන දෙයක්. රවී කරුණානායක ඇමතිතුමා පෙන්නුවා මුදල් අමාත්‍යවරයා වැඩ කරන්න ඕන කොහොමද කියලා. මුදල් අමාත්‍යවරයා කියන්නේ බදු ගහන, මිනිස්සු හූරාගෙන කන කෙනෙක් නෙවෙයි , ඒ වෙනුවට මිනිස්සු අතට ආදායම් එවන්නේ කොහොමද ? ඒ සමග රාජ්‍ය මූල්‍ය අර්බුදයක් නොඑන්න වැඩ කරන්න ඕන කොහොමද කියලා මෑත ඉතිහාසයේ පෙන්නපු එකම මුදල් අමාත්‍යවරයා.

රවීගේ ඔය හැකියාව නිසාම කවුරු කවුරුත් ඊර්ෂියා කළා. අන්තිමට රවී ඇමති ඇමතිකම අත්හැර ආණ්ඩුව රකින්න කැපවුනා.

අපි හෙට ගැන බයෙන් වුනත් අද කාලා ඇඳලා ඉන්නේ ඒ මනුස්සයා දුන්න දේ නිසයි. ඒ රුපියල් 10000.00 නැති වෙන්න  අපිටත් වෙන්නේ, හංදියේ ත්‍රීවීලර් මල්ලි, චෙෆ් මල්ලි, නදී අක්කා වගේ අද දවස ගෙවාගන්නත් බැරුව හූල්ලන්න.

රාජ්‍ය සේවක හෘද සාක්ෂිය !

මම මේ පාර තැපැල් ජන්දයේ මනාපයක්  රවී කරුණානායක ට දෙනවා. මගේ හෘද සාක්ෂිය කියනවා තව දුරටත් බොරු කතා සාප්පු කාරයන්ට, මීඩියා දේශපාලනඥයින් ට අහු වෙන්න එපා, වැඩක් කරපු වැඩක් දන්න කෙනෙකුට දෙන්න කියලා.

ඒ නිසා මේ පාර මම තැපැල් ජන්දය හරහා ඒ දුන්න පොරොන්දු ඉටුකරපු රවී කරුණානායක වෙනුවෙන් වෙන් කරනවා. 

 එක්සත් ජාතික පක්ෂය 

අංක 18×