කොරෝනා මර්ධන කාර්ය සාධනකමි‍ටුවේ අවධානයට නාකොටින් ජාවාරමට වඩා භයානක ජාවාරමක්

මේ වන විට වෙළද පොළේ වෙනිගැල්ගැට, කොත්තමල්ලි, කහකුඩු වැනි ආයුර්වේද ඖෂධ වල හිගයක් පවතියි. ලංකාවේ  කොත්තමල්ලි දේශීයව වගා කිරීමක් සිදු නොවන අතර , වසරකට මෙට්‍රික් ටොන් 13000ක් පමණ ආනයනය කරනු ලබයි. කොරෝනා වසංගත තත්වය හමුවේ එම ඉල්ලුම දෙගුණ වී ඇත.ලංකාවවට  කොත්තමල්ලි වැඩි වශයෙන් ආනයනය කෙරන්නේ ඉන්දියාවෙනි. වෙනිවැල්ගැට  ලංකාවේ රක්ෂිත වනාන්තර අශ්‍රිතව සුලභව දැකිය හැකි හැකිය . කහ ලංකාවේ ඕනෑම ගෙවත්තක වැවෙන ශාකයකි . නමුත් මේ වනවිට ඒවාද ආනයනිත භාන්ඩ බවට පත්ව ඇත

වෙනිවැල්ගැට වල රසායනික විද්‍යා නාමය Coscinium fenestratum  වන අතර එය Menispermaceae   කුලයට අයත් එකකි. මෙහි අඩංගු රසායනික සංඝටකය    Berberine ලෙස හදුන්වනු ලබයි .මහාචාර්ය පියල් මාරසිංහ ප්‍රකාශ කරන පරිදි මෙම රසායනික සංඝටකය අඩංගු වන්නේ හොදින් මේරූ වෙනිවැල් දඩු වලය. නොමේරූ හෝ ව්‍යාජ වැල් දඩු වෙළදාම  අපරාධ වරදකි 

වෙළද පොළේ ඇති වෙනිවැල්ගැට , කොත්තමල්ලි නියම ඒවා නොවේ

කොරෝනා වසංගතයේ ව්‍යාප්තියත් සමග හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා පසුගිය මාස කිහිපය තුල කොත්තමල්ලි, වෙනිවැල්ගැට සහ කහ මෙට්‍රික් ටොන් දහස් ගණනක් ආනයන කොට ඇත. ආනයනිත තොග මේ වන විට වෙළද පොළට නිකුත් වී ඇත. ඉන්දියාවෙන් ආනයනය කල මෙම ද්‍රව්‍ය  බොහොමයක් ව්‍යාජ ඒවා බව හෙළිවී ඇත. කොත්තමල්ලි සහ වෙනිවැල්ගැට  නියම ඒවා නොවන බව ආයුර්වේද වෛද්‍යවරුම චෝදනා කරයි.  තවද ව්‍යාජ වෙනිවැල් දඩු   කහ පැහැ ගැන්වීමට ශරීරයට  අහිතකර ඩයි වර්ග යොදා ඇත. 

ආයුර්වේද බළධාරීන් කුට ජාවාරමේ කොටස්කරුවන්ය

වසංගත තත්වය හමුවේ බොහෝ පිරිසක් ප්‍රතිශක්තීකරණය ඉහල නංවා ගැනීමට කොත්තමල්ලි , වෙනිවැල්ගැට පානය කිරීමට පෙළඹී ඇත.නමුත් සිදුවන්නේ, ව්‍යාජ අනුකාරක නිසා  තිබෙන ප්‍රතිශක්තියත් දුර්වල වීමය.ආයුර්වේද  ආනයනය සදහා පලපත්‍ර නිකුත් කරන්නේ ආයුර්වේද සභාව විසිනි. ආනයනිත ආයුර්වේද ඖෂධ වල ප්‍රමිතිය ගැන  වගකීම ආයුර්වේද දෙපාර්තමේන්තුව සතු වෙයි.  ව්‍යාජ ආයුර්වේද  ඖෂධ මෙරටට පැමිනෙන්නේ  ආයුර්වේද සභාව සහ අයුර්වේද දෙපාර්තමේන්තුව නොදැනුවත්ව නොවේ. මොවුන්ද මෙම කූට ජාවාරමේ කොටස් කරුවන්ය 

ආයුර්වේද කොමසාරිස්ලා සහ පාරිබෝගික රක්ෂණ අධිකාරිය  

වෙළදපොළේ විකිනීමට ඇති කොත්තමල්ලි, වෙනිවැල්ගැට  ව්‍යාජ ඒවා බවට ඉදිරිපත් වන පැමිණිලි බොහෝය. නමුත් ආයුර්වේද දෙපාර්තමේන්තුව  ඒ පිළිබදව මුනිවත රකිමින් සිටියි. පැමිණිලි ගැන ඔවුන් නෑසූ කන්ව සිටින්නේ අන් කිසිවක් නිසා නොව ව්‍යාජ ඖෂධ තොග වරායෙන් නිදහස් කිරීමට නිර්දේශ කළේ ඔවුන් නිසාය. හදිසි වැටලීම් කොට ව්‍යාජ ඖෂධ අත් අඩංගුවට ගතහොත් එය ඔවුන්ටම පාරවලල්ලක් වෙයි. පවතින නීතිය අනුව කොත්තමල්ලි ඖෂධයක් නොව පාරිභෝගික භාන්ඩයකි. පාරිබෝගික ආරක්ෂණ අධිකාරිය ජාවාරමට සම්බන්ධ නැති වුවද ඔවුන්  නිහඬ ප්‍රතිපත්තියක සිටින්නේ එකී ආයතනය ”රන්’ කරන්නේ වැඩ බැරි ටාසන් කෙනෙකු නිසාය.

වැඩ කරණ විරුවා අවදි විය යුතුය 

ලංකාවේ  රක්ෂිත වනාන්තර අශ්‍රිතව  නියම වෙනිවැල්ගැට  ඕනෑ තරම් ඇත. නමුත් නීතිය බාදකයකි . ලංකාවේ නීති පොත් දෙකක්  ඇති බව රහසක් නොවේ. පොඩි මිනිසුන්ට එක නීති පොතකුත් , ලොකු මිනිසුන්ට තවත් එකකුත් ලෙස නීතිය දෙආකාරය. ලොකු මිනිසුන්ට බුල්ඩෝසර් දමා වනාන්තර එළි කළ හැක. නමුත් පොඩි මිනිහෙක් දර කෑල්ලක් ඇහිදීම කෙලවර වන්නේ අත්අඩංගුවට ගැනීමෙනි. පසුගිය මාස කිහිපය තුල වනාන්තර ආශ්‍රිතව  වෙනිවැල්ගැට කැපීමේ චෝදනාව මත පුද්ගලයන් සිය ගණනක් අත්අඩංගුවට ගෙන ඇත . වැඩ කරන විරුවා  පහසුවෙන් විසඳිය හැකි මෙවැනි ගැටළු ටිකවත් විසඳිය යුතුය.

 කොරෝනා මර්ධන කාර්ය සාධන  කමි‍ටුවේ අවධානයට   

පවතින ආපදා තත්වය පාලනය කිරීම සදහා ජනපතිවරයා  කොරෝනා මර්ධන කාර්ය සාධන  කමි‍ටුවක් පත් කර ඇත. කොරෝනා සුවකිරීමට  ඖෂධ  නැති බව අමුතුවෙන් කිව යුතු නැත . රෝගය වැලදුන අයෙකුට හෝ රෝගයෙන් ආරක්ෂා වීමට, ඇති එකම ප්‍රතිකර්මය කොත්තමල්ලි වෙනිවැල්ගැට වැනි ඖෂධ පමනි. වෙළද පොළේ අළෙවි කිරීමට ඇති කොත්තමල්ලි සහ වෙනිවැල්ගැට ව්‍යාජ ඒවා නම් එය බරපතල ගැටලුවක් නොවේද.? ලංකාවේ ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ කොරෝනා මර්ධන කාර්ය සාධන  කමි‍ටුව මේ පිළිබදව නිසි ක්‍රියාමාර්ග  ගත යුතු නොවේද ?

 නාකොටික් ජාවාරමට වඩා භයානක ජාවාරම

පසුගියදා පොලිස් මත්  ද්‍රව්‍ය කාර්යංශයේ  පිරිසක් අත් අඩංගුවට පත් විය. ඔවුන් අත් අඩංගුවට ගත්තේ ඊයේ පෙරේදා වුවද, නාකොටික් නිලධාරීන් කුඩු ව්‍යාපාරිකයන් සමග හෙරෝයින් ජාවාරමේ නිරත වන බව කාලයක් තිස්සේ රටම දැන සිටි කරුනකි.  අපද ඒ පිළිබදව කිහිප වරක් ලියා ඇත. ආයුර්වේද බලධාරීන්  ජාවාරම්කරුවන් සමග එක්ව කරන ව්‍යාජ ඖෂධ ජාවාරම හෙරොයින් ජාවාරමට වඩා භයානක එකකි. මක්නිසාදයත් කුඩ්ඩ්න් සිටින්නේ ඉතා සීමිත පිරිසක් වුවද වසංගත තත්වය හමුවේ සමස්ථ ජනතාවම ආයුර්වේද ඖෂධ භාවිතා කිරීමට පෙලඹී සිටියි. ව්‍යාජ ඖෂධ වලින් පුරවැසියන්ගේ ප්‍රතිශක්තීකරණ පද්දතිය දුර්වල වුව හොත් එය කෙලවර වන්නේ මහත් ව්‍යවසනයකිනි