සජිත් ෆවුසි ගැ‍ටුමෙන් කොළඹ මුස්ලිම් ජනයා කැලඹෙයි

සජිත් කොළඹ දිස්ත්‍රිකයෙන් මුස්ලිම් අපේක්ෂකයන් තිදෙනෙකු ඉදිරි පත් කළේය.  මුජිබර්  රහුමාන්, මරික්කාර් සහ ෆවුසි යන අයයි. මෙම තත්වය නිසා මුස්ලිම් ජනයාගේ මනාප ඔවුන් අතර පමනක් බෙදී යා හැකි බවත් එය සිංහල අපේක්ෂකයන්ට අවාසිදායක බවත් චම්පික පෙන්වාදී තිබුනි. මුස්ලිම් ජනයාගේ ඡන්ද මුස්ලිම් අපේක්ෂකයන් අතර පමනක් බෙදී ගිය හොත් , කොළඹ දිස්ත්‍රික්කයෙන් මුස්ලිම් අපේක්ෂකයන් තිදෙනා පමනක් තේරී පත් විය හැකි බව චම්පික කියා තිබුනි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් මුස්ලිම් අපේක්ෂකයන් තිදෙනෙකු ඉදිරිපත් කිරීම මූලධර්ම දෝෂයකි . ඊට වගකිව යුත්තා සජිත්ය. එවන් තත්වයක් තුල සජිත් කොළඹ දිස්ත්‍රික්කයේ මුස්ලිම් දේශපාලකයන් සමග රහස් සාකච්ඡාවක් සිදු කොට එකගතා කිහිපයකට පැමිණ ඇත. ඒ අනුව ෆවුසි වියපත් යයි කියා  තරගයෙන් ඉවත් කිරීමට තීරනය කොට ඇත. 

ෆවුසි තරගයෙන් ඉවත්  කිරීමටත් , මුස්ලිම් ජනයාගේ පලමුවැනි  මනාපය සජිත්ටත් දෙවැන්න මුජිබර්ටත්, තෙවැන්න මරික්කාර් ටත් ලකුණු කළ යුතු බව එම ‍රැස්වීමෙදී සජිත් කියා ඇත. කෙසේ වුවද මෙම රහස් සාකච්ඡාවට ෆවුසි හෝ ඔහුගේ නියොජිතයෙකු සහභාගි වී සිටියේ නැත.

මේ සම්බන්ධයෙන් ෆවුසි ඇමතිවරයාගේ පාර්ශවයෙන් අප කරුණු විමසීම කළ අතර, එහිදි ඔහු කීවේ මෙවැන්නකි

‘‘මම තරගයෙන් ඉවත් වුනා කියා කට කථාවක් යනවා, නමුත් ඒක අමූලික බොරුවක් . මම තරගයෙන් ඉවත් වෙලා නෑ . මම  මුස්ලිම් ජනයාට කියන්නේ පළමු මනාපය මට දෙන්න කියලා ”

සජිත් දියත් කොට කුමන්ත්‍රණය පිලිබදව ෆවුසිගේ පාර්ශශවය දැඩි නොසතුටකින්  සහ කෝපයෙන් පසුවෙයි.

මුස්ලිම් ජනයාහේ ඡන්ද ඩැහැගැනීමට සජිත් දියත් කොට ඇති  කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ෆවුසි පමනක් නොව අනෙක් මුස්ලිම් අපේක්ෂකයන්ද නොසතුටෙන් පසුවෙයි. පාස්කු බෝම්බයෙන් ඇතිවූ සමාජීය වෙනස්කම් නිසා  මෙවර මැතිවරණනයේදි එකදු සිංහල මනාපයක් වත් මුස්ලිම් අපේක්ෂකයෙකුට නොලැබෙන  බව ඔවුන්ගේ තක්සේරුව වී ඇත. එමනිසා ටෙලිපෝනයට කතිරය ගසන මුස්ලිම් ජනයා ෆවුසි, මරික්කාර්, මුජිබර්ට පමනක් මනාප ලකුණු කළ යුතුය යන මතයේ ඔවුන් පසු වෙයි