සජිත් සජීවි සංවාද වලට බියේ ඇඳ යට රිංගන විට රනිල් හිරු සලකුණට යයි

රනිල් ඊයේ ” හිරු සලකුනට ” ආවා. එහිදී භූදේශපාලනය , නව ආර්ථික සුසමාදර්ශ, ජාතික ආරක්ෂාව වැනි විෂය ක්ෂෙත්‍ර තුල රනිල් සතු දැනුම මොනවට විද්‍යාමාන වුනා.  ඒ සංවාදය තුල මාධ්‍යවේදීන් තිදෙනාම උත්සාහ කළේ රනිල් බිත්තියට හේත්තු කරන්න.  රනිල්ගේ බරසාර  දැනුම සහ අද්දැකීම අනුසාරයෙන් රටේ දැවෙන ප්‍රශ්න කළමණාකරන කරන ආකාරය විග්‍රහ කරන්ඩ ලැබුනෙ ඉතා සුළු කාලයක්.

රවි නිදි වරමින් හැදූ ආර්ථික පෙරස්ත්‍රොයිකාව

අද මුළු ලෝකයම තීරණාත්මක මංසන්ධියකට ඇවිල්ල තියෙනවා. රනිල් අතේ තිබුනා එජාප  ප්‍රතිපත්ති ප්‍රකාශනය. ලංකාව ජාතියක් විදියට, ආර්ථික අර්බුධයෙන් නැගිටින්නෙ කොහොමද කියන එක ඒ තුල තිබුනා. ආර්ථිකයෙ සිදුකරන සුවිශේෂ වෙනස්කම් ගණනාවක් ඒතුල සදහන් වුනා. ඒ සැලසුම හදන්ඩ රවි කරුණානායක දින ගණනාවක් නිදි නැතිව වැඩ කළා.

ආර්ථිකයේ සිදුවන සුවිශේෂ වෙනස් කම්

රවීගේ ආර්තික පෙරස්ත්‍රොයිකාව අනුව, අම්බලන්ගොඩ චිත්‍ර ශිල්පියෙකුට ඇමෙරිකන් වැසියෙකුගේ රූපය සිතුවම් කරලා ඩොලර් වලින් මිල නියම කරන්ඩ පුළුවන් , ඒක ඔහුට අලෙවි කරන්ඩ පුළුවන්, මුදල් ලබා ගන්ඩ පුළුවන්.

දඹාන ආදි වාසියෙකුට පුළුවන් ඝන කෑලෑවෙන් කඩා ගන්න මී පැණි ටික ජපානයෙ වෙසෙන වැසියෙකුට අලෙවි කරන්ඩ. මැදපෙරදිග යාම වෙනුවට අපේ අම්මලාට පුළුවන් පාරම්පරික අත්කම් නිර්මාන කරල අන්තර්ජාලය හරහා අලෙවි කරන්ඩ . ඊබ්‍රහීම් හිරේ ගියාට ප්‍රශ්නයක් නෑ, අන්තර් ජාලය හරහා ගම්මිරිස් ටික හොද මිලකට අලෙවි කරගන්ඩ පුළුවන්.

නව ආර්ථික සුසමාදර්ශ

ඒ විතරක් නෙවේ ගමක් නගරයක් ගානේ , ඌබර්- එයා බී ඇන් බී වගේ ගණුදෙනුකරුවන් සහ විකුණුම් කරුවන් සම්බධීකරනය කරලා මුදල් උපයන ව්‍යාපාරිකයන් බිහි වෙනවා. පසු ගිය දශක කිහිපය පුරා අපිට මුදල් ගෙවා භාන්ඩයක් පිටරටින් ගෙන්වා ගැනීමේ හැකියාව පමනයි තිබුනෙ.

නමුත් රනිල්-රවි මෙරට නිෂ්පාදකයෙකුට තම නිර්මාන විදේශ වලට අලෙවි කරලා මුදල් ලබා ගැනීමට හැකි වට පිටාව නිර්මානය කරලා තියෙනවා. ඒ වගේ අර්ථ්කයේ සිදුකරන සුවිශේෂ වෙනස් කම් ගණනාවක් එජාප ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල අන්තර්ගත වෙලා තිබුනා.

හිරු මාධ්‍ය නඩයේ අතීතය වැළදීම

අද ලංකාවේ  දහස් ගණනකට ‍රැකියා නැති වෙලා, ව්‍යාපාර කඩා වැටිලා . මිනිස්සු දහ අතේ කල්පනා කරමින් ඉන්න්වා . ඊයේ ”සලකුණ ” වැඩසටහන තුලදී  ආර්ථික අර්බුධයෙන් ගොඩ එන්නේ කොහොමද කියන එක සාකච්ඡා කරා නම් මිනිස්සු කීදෙනෙකුට අස්වැසිල්ලක් වෙයිද ?

වැඩසටහන මෙහෙය වූ චමුදිත එහි  කාලයෙන්  95% විතර යෙදෙව්වේ අතීතය වළදන්ඩ . නමුත් රනිල් මේසයෙන් නැගිටලා යන්ඩ කලින්,  අනාගතය ගැන ඔහුට කථා කරන්ඩ  විනාඩි 15 ක් හෝ ලබාදීම ගැන ස්තූති කළා .

ඇඳ යට රිංගන සජිත් සහ රනිල් නම් වූ අසමසම දේශපාලන සලකුණ

රනිල් හිරු සලකුනට එන්න කලින්   තරුන තරුණියන් එක්ක තිබුන සංවාදකට සහබාගි වුනා . ඒක ඉවර කරලා  ” මට අද හිරු එකේ ප්‍රෝග්‍රෑම එකක් තියෙනව” කියලා බොහොම සැහැල්ලුවෙන් ගියා.

සජීවී වැඩසටහනකට එන්න කියපුහාම සජිත් බයේ ඇඳ යටට රිගනවා. සජිත් තමන්ගෙ දැනුම ගැන ඩයිනමෝව ගැන පාරම් බෑවට මේදක්වා කිසිම සජිවී දේශපාලන සංවාදයකට ඇවිල්ලා නෑ.

රනිල් කියන්නේ දේශපාලනයේ අසමසම සලකුණක්.