රවී පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන ඇයි ?

ඒ 2015 ජනාධිපතිවරණය අවස්ථාවයි. පැවති පාලනය සඳහන් කළේ රාජ්‍ය සේවක වැටුප රුපියල් 2000කින් හෝ වැඩිකිරීම දුෂ්කර බවය. එදා ඒකාබද්ධ විපක්ෂයේ තර්කය වූයේ බල පෙරලියෙන් පසුව රාජ්‍ය සේවක වැටුප රුපියල් 10000.00 කින් වැඩි කරන බවය.

බල පෙරලිය සිදුවිය. රුපියල් 10000.00 රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම පමණක් නොව දිනෙන් දින ඉහළ ගිය ජනතාවට දරාගත නොහැකි වූ බඩු මිල වහාම අඩු කිරීම ඇතුළු නව රජයේ දින සියයේ වැඩපිළිවෙළේ මූලික ආර්ථික ක්‍රියාන්විතයේ මූලිකයා වූයේ ඒ ආණ්ඩුවේ මුදල් අමාත්‍ය වූ රවී කරුණානායක ය.

රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා ලෙස වැඩ ඇරඹීය.පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් සහ ගෘහස්ථ ගෑස් මිල අඩු කළේය.රාජ්‍ය සේවක වැටුප රුපියල් 10000.00 දක්වා ඉහළ දැමුවා පමණක් නොව පෞද්ගලික අංශයේ සේවක වැටුප් රුපියල් 2500.00 වැඩි කරවීම සිදුවිය.

එපමණක් නොව,අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 13 ක මිල අඩු කිරීම, විශ්‍රාමික දීමනා ඉහළ නැංවීම සහ සමෘද්ධිය වෙනුවෙන් වෙන්කළ මුදල් දෙගුණයක් වැඩි කළේය.ඒ යහපත් ක්‍රියා පිළිවෙත නිසා සාමාන්‍ය ගෘහයක මාසික වියදම රුපියල් 3700 කින් අඩු කරමින් දුන් පොරොන්දු ඉටු කිරීමේ වචනයේ පරිසමාප්තියෙන්ම සැබෑ ජනතා සේවක වගකීම ඉටු කිරීමේ ක්‍රියාන්විතයට පණ පෙවීය.

මේ සියල්ල සිදුකෙරුණේ නව රජය බිහි වී දින කිහිපයක් තුළ එනම් 2015 ජනවාරි මස 29 වැනිදා අතුරු අය වැයක් ඉදිරිපත් කරමින් එළැඹි පලමු අවස්ථාවේමය.ඒ කියන්නේ එවකට මුදල් අමාත්‍ය රවී කරුණානායක වහාම බඩු මිල අඩුකොට, ජීවන වියදම අඩු කිරීමට කටයුතු කළා පමණක් නොව ජනතාව අතට මුදල් ඒමටත් සැලැස්සවීය.

එදා බොහෝ දෙනෙකු සිතුවේ රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම ඇතුළු පොදු විපක්ෂය 2015 දුන්නේ ජන්ද පොරොන්දු මිස ලංකා ආර්ථිකය ඇතුලේ කිසිසේත් ක්‍රියාවට නැංවීමට හැකි පොරොන්දු නොවනු ඇති බවය.එහෙත් ආර්ථික සුක්කානම ලද රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා ලෙස ඒ කරන්න බෑ කියා හිතෙන දේ කර පෙන්වීය.

අදත් රට ආර්ථික වශයෙන් දැඩි අස්ථාවර තත්ත්වයක පෙන්නුම් කරයි. එවැනි පසුබිමක ඊළඟ පාර්ලිමේන්තුව තුළ සිටිය යුත්තේ අභියෝගය ජයගැනීමට සමත්, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක වැන්නවුන් නොවේද ?