වහන්තරාවන්ට නොඇසුනු මැදපෙරදිග අම්මලාගේ අඳෝනාව

මේ වන විට මැදපෙරදිග අපේ අම්මලා තිස් දහසක් පමන අන්ත අසරණ තත්වයට පත්ව ඇත. ඉඳුම් හි‍ටුම් , කෑම බීම වැනි මූලික අවශ්‍යතා පවා අහිමිව ඇත. අපේ අම්මලා දහස් ගණනකට කොරෝනා වැලදී ඇත.  පිරිසක් මිය ගොස් ඇති අතර තවත් පිරිසක්  ගැන කිසිදු තොරතුරක් නැත. මැදපෙරදිහ අපේ අම්මලා  දන්නා ඉතිහාසයේ දැවැන්තම ඛේදවාචකයට ගොදුරු වී සිටියි.

ඔබ කුමන තරාතිරමක, කුමන වෘත්තික නිරතවී සිටියද , මැදපෙරදිග අපේ අම්මලා ගැන හඬක් නැගීමට යුතුකමක් ඇත.

මෙවන් පසුබිමක සමගි ජනබලවේගයේ ලිහිනි ප්‍රනාන්දු ,හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් අද කොළබ නගරයේ විශාල උද්ගෝෂණයක් පැවැත්වූහ. විශාල බැනර්, කටවුට් විශාල සංඛ්‍යාවක් ඒ සදහා යොදාගෙන තිබුනි.

නමුත් අවාසනාවට එම උද්ගෝෂණය පැවැත්වූයේ මැදපෙරදිග ජීවිතයත් මරණයත් අතර සිටින අපේ අම්මලා වෙනුවෙන් නම් නොවිනි. ඔවුන් එම උද්ගෝෂණය පැවැත්වූයේ සජිත් ප්‍රේමදාසගේ ආර්යාව වන ජලනි ප්‍රේමදාස වෙනුවෙනි.

”එයාගේ ගෙදරට නම් මිඩ් වයිෆ් එන එකක් නෑ ”  කියා පසුගියදා මහින්ද රාජපක්ෂ දේශපාලන කථාවක් කළේය. ඉනික්බිති, මහින්දගේ කථාව,  සජිත් – ජලනි යුවලගේ වඳ භාවය ගැන කළ ප්‍රකාශයක් යයි හුවා දක්වමින් දේශපාලන වාසි ලබා ගැනීමට ඔවුන් උත්සාහ කළහ. ඒ අනුව  සජිත්ගේ වහළියන් පිරිසක් අද දින දැවැන්ත උද්ගෝෂණයක් කළහ.

මහින්දගේ කථාව අශිෂ්ට එකක් බව ඇත්තය. ඒ ගැන විවාදයක් නැත . නමුත් ඊට වඩා දැවෙන ප්‍රශ්න ඇත.

පසුගියදා ඔමාන් රාජ්‍යයේ වෙසෙන ලාංකික අම්මාවරු පිරිසක් හද කම්පාකරවන සුළු වීඩියෝවක් අන්තර් ජාලයට එකතු කර තිබුනි. තමන්ගේ අසරණ බාවය නිසා ඔවුන් ගණිකා වෘත්තියට ඇද  වැටී ඇති බව ඔවුන් විසින්ම ප්‍රකාශ කලහ.

”එයාගේ ගෙදරට නම් මිඩ් වයිෆ් එන එකක් නෑ ”  යන  කථාවට නීරෝධායන නීති රීති පවා නොසලකමින් උද්ගෝෂණ කරන ලිහිනී , හිරුණිකා ඇතුළු නඩයට  මැද පෙරදිග විසි දහසක් අම්මලාගේ අඳෝනාව නො ඇසුනේද ?

ජලනි, ලිහිනි , හිරුනිකා ඔබට තවමත් නො ඇසුනේ නම් මෙන්න අහන්න,