ශ්‍රේෂ්ඨ ‘ගජබා’ නාමය කැත කළ නූතන ගජබාවන්

පළමුවන ගජබා රජතුමා වංකානාසික තිස්ස රජතුමාගේ පුත්‍රයාය. ගජබාහු අවංක එඩිතර රටවැසියන් ගැන නිරන්තරව සොයා බැලූ පාලකයෙක් විය. ඔහු කෙතරම් කාර්යක්ෂම පාලකයෙක්ද යත් වෙස් වලාගෙන ගොස් රටවැසියන්ගේ ප්‍රශ්න ගැන සොයා බැලූ බව සඳහන්ය.

දිනක් ගජබා රජතුමා ජනතාව මුහුණ පා ඇති ප්‍රශ්න ගැන සොයා බැලීමට ගම් නියම් ගම් පුරා ඇවිද ඇත. එහිදී කඳුළු සලමින් අඬන මහළු මවක් දැක ඇත. රජතුමා  මඩිස්සලේ තිබූ හුණු වලින් එම නිවස සළකුනු කොට යලි රජ වාසළට පැමිණ ඇත. ඊට පසුදින රාජපුරුෂයන් යවා මහළු මව රාජ සභාවට කැඳවා හැඬීමට හේතුව විමසා ඇත.

අති ශ්‍රේෂ්ඨ ගජබා වත

ගජබා රජුගේ පියා වූ වංකනාසිකතිස්ස රජුගේ කාලයේ කාලේදී කරිකාල නම් චෝල ආක්‍රමණිකයෙකු ලංකාව ආක්‍රමණය කළ බවත් මිනිසුන් 12000ක්  ඉන්දියාවට ‍රැගෙන ගිය බව එහිදී ඇය ප්‍රකාශ කළාය. චෝල ආක්‍රමනිකයන් ගෙන ගිය පිරිස අතර ඇයගේ පුතාද වූ බවත් ඇඬීමට හේතුව එය බව ඇය කීවාය. මහළු මවගේ කථාව ඇසූ ගජබා පියා ගැන ලැජ්ජාවටත් කෝපයටත් පත්වූ බව සඳහන්ය.

වහා ක්‍රියාත්මක වූ රජතුමා සිය සේනාධිනායකයා වූ නීල  නම් සෙනෙවියා සමග චෝල දේශය ආක්‍රමණය කොට ඇත.  ගජබා රජතුමා  දිවි පරදුවට  තබා චෝල දේශය සමග සටන් වැදී ඇත. සටනින් ජයගත් ගජබා ලංකාවෙන් පැහැරගෙන ගිය පිරිස පමනක් නොව කළ අපරාධයට දඩුවමක් ලෙස චෝල  වැසියන් 12000 ක් වහළුන් ලෙස මෙරටට ‍රැගෙන විත් ඇත.

නුතන ගජබා පැටිකිරිය

මේවන විට ලංකාවේ රජ කරන්නේ ගෝඨාබය රාජපක්ෂය. ආරක්ෂක ලේකම් කමල් ගුණේය. මහ සෙන්පතියා ශවේන්ද්‍ර සිල්වාය. මොවුන් සියල්ලන් ශේෂ්ඨ නරපති ගජබාහුගේ නමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුල  ස්ථාපිත කළ ගජබා රෙජිමේන්තුවේ සාමාජිකයන්ය.

කොරෝනා වසංගතය පැමිණීමත් සමග මැදපෙරදිග ලාංකිකයන් දහස් ගණනක් අසරණ විය. ඔවුන් ලංකාවට ඒමට සැලසුම් කළහ. නමුත් නූතන ගජබාවන් කළේ කුමක්ද ?රැකියා සදහා විදේශ ගත වූ ශ්‍රමිකයන්ට  යලි පැමිණිය නොහැකි වනසේ ගුවන් තො‍ටුපල වැසූහ. විදේශ ගතව සිටි තම ඥාතීන් හිතවතුන් බේරා ගැනීමට විශේෂ ගුවන් යානා යැවූහ.

මොවුන්ගේ ක්‍රියා කලාපය  ”ගජබා” නම් අති ශ්‍රේෂ්ඨ නාමයටත් කැලලකි. නූතන ගජබාවන්ගේ අමන වැඩ නිසා මේවන විට ලක්ෂයකට ආසන්න ලංකිකයන් පිරිසක් මැදපෙරදිග වැලිකතරේ අන්ත අසරණ වී ඇත.

මැදපෙරදිග අම්මලා ගණිකා වෘත්තියට  ඇද දැමුවේ වත්මන් රජය  නොවේද?

මැදපෙරදිග අසරණ වූ පිරිස අතර අම්මලා 30,000 පමන පමන වෙයි. ඔවුන්ට ඉඳුම් හි‍ටුම්, කෑම් බීම වැනි මූලික අවශ්‍යතා පවා අහිමිව ඇත. දහස් ගණනකට කොරෝනා වැලදී ඇත.  පිරිසක් මිය ගොස් ඇත. අතර තවත් පිරිසක්  ගැන කිසිදු තොරතුරක් නැත. පිරිසක් සිය දිවි හානි කොටගෙන ඇත .

පසුගියදා ඔමාන් රාජ්‍යයේ වෙසෙන ලාංකික අම්මාවරු පිරිසක් හද කම්පාකර වන වීඩියෝවක් අන්තර් ජාලයට එකතු කළහ. තමන්ගේ අසරණ බාවය නිසා ඔවුන් ගණිකා වෘත්තියට ඇද  වැටී ඇති බව ඔවුන් විසින්ම ප්‍රකාශ කලහ. මැදපෙරදිහ අම්මලා  දන්නා ඉතිහාසයේ දැවැන්තම ඛේදවාචකයට ගොදුරු වී සිටියි.

රජය විසින් ගුවන් තො‍ටුපල වසා දැමීම නිසා අනාථයන් ගොඩට එක් වන පිරිස දිනපතා වැඩි වනවා මිස අඩුවන්නේ නැත. මැදපෙරදිග අපේ අම්මලා ගණිකා වෘත්තියට  ඇද දැමුවේ වත්මන් රජය  නොවේද ?

කලාපයේ අනෙක් රටවල්  ගුවන් යානා පමනක් නොව නැව් පවා යැව්වා

පසුගියදා ගෝඨාභය රාජපක්ෂ මහනුවර ප්‍රදේශයේ ජන‍රැලියක්ට සහභගි වන අතර තුර කාන්තාවන් පිරිසක් පැමිණ මැද පෙරදිග ඛේදවාචකය සැල කළහ. ඉන් අනතුරුව සිදු වූයේ කුමක්ද? ඥානසාර නැමති බෞද්ධ භික්ෂුව කුවේට් තානාපති කාර්යාලයට යවා කූට නාට්‍යක් රඟ දැක්වූයේය.

මැදපෙරදිග ශ්‍රමිකයන් අසරණ වී ඇත්තේ රජයේ වරදින් නොව මුස්ලිම් රටවල වරදින් යයි විකෘති චිත්‍රයක් මවා පෑමට ක්‍රියා කළේය. රජය මොන නාට්‍ය පෙන්වුවද ඇත්ත කථාව සැඟවිය නොහැක . කුවේට් රජය නොමිලේ ගුවන් යානා දුන්නේය, ශ්‍රමිකයන් කළ වැරදි වැරදි වලට සමාව දුන්නේය. කුවේට් රජයට කළ හැකි හැම දෙයක්ම කළේය

නමුත් ලංකාවේ රජය ශ්‍රමිකයට ඒමට නොහැකි වනසේ ගුවන්තො‍ටුපල වැසුවේය. ඉන්දියාව මාර්තු – ජූලි අතර  සිය රටවැසියන් ගෙන්වා ගැනීමට ගුවන් වාර 5000කට වඩා මෙහෙයවා ඇත. බංගලාදේශය, පකිස්ථානය, පිලිපීනය, නේපාලය  ඊට දෙවෙනි නැත. නමුත් ලංකාව මැදපෙරදිගට මෙහෙයවා ඇත්තේ ගුවන් වාර 10 කට ආසන්න ප්‍රමාණයකි

විදේශ ශ්‍රමිකයන් අනාථයන් බවට පත් කිරීම හෙන ගහන අපරාධයකි

එදා විසූ ගජබා රජතුමා  දිවි පරදුවට තබා ලංකිකයන් බේරාගැනීමට චෝල දේශයට ගියේය. අද රජකරන ගජබාවන්ට ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීමට මැද පෙරදිග ගොස් සටන් කිරීමට අවශ්‍ය වූයේ නැත . මුල් අවස්ථාවේදීම විදෙස් ශ්‍රමිකයන්ට පැමිණීමට හැකි වන අයුරින් ගුවන් තො‍ටුපල විවෘත කළේ  නම් එය ප්‍රමාණවත්ය.

මැදපෙරදිග ශ්‍රමිකයන් අනාථ වූයේ කොරෝනා නිසා හෝ ‍රැකියා අහිමි වීම නිසා නොව ගුවන් තො‍ටුපල වසා දැමීම නිසාය. මව් රට බලා එමට නොහැකි වූ පිරිසට නිකරුනේ කාමර කුලී, අහාර පාන වලට මුදල් වැය කිරීමට සිදු විය. බහුතරය හිඟමනට වැ‍ටුනේ මේ නිසාය. අද ශ්‍රී ලාංකිකයන් හැර අන් කිසිම ජාතියක් මැද පෙරදිග අනාථ වී නැත.

විදේශ ශ්‍රමිකයන්ට මෙරටට ඒමට නොහැකි වන සේ  ගුවන්තො‍ටුපොල වසා දමා කොරෝනා වෙන් ආරක්ෂා වීමට සිතන වයෝවෘද්ධ පාලකයන් මනුෂ්‍යත්වයට පවා නිගාවකි. සමස්ථ ජාතියේ ජීවනාලිය වන් වූ විදේශ ශ්‍රමිකයන් අනාථයන් පිරිසක් බවට පත් කිරීම හෙන ගහන අපරාධයකි. එකී සාහසික ක්‍රියාවට එරෙහිව හඬක් නගන ලෙස, රටට ආදරය කරන දේශපාලකයන්ගෙන්, සිවිල් ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටිමු

උපුටා ගැනීම ලංකා ඊ නිවුස්