ඉල්ලීමකි !

ගමට හදිසි අතුරු අන්තරාවක් එන විට හාමුදුරුවො පන්සලේ ඝාණ්ඨාරය ගහනවා. ඝාණ්ඨාරය දිගට නාදවෙනකොට මිනිස්සු දුවගෙන පන්සලට එනවා.

මොරවැව පන්සල තිබුනේ පොඩි කන්දක් උඩ . වටේම ඝන කැලැව . ගම්මානය කන්දෙන් පහල විසිරිලා තිබුනා. පන්සල ආසන්නයේ කැලෑවේ LTTE movement එකක් වෙනකොට කැලේ සතුන්ගේ හැසිරීම වෙනස් වෙනව . ඕක නිරීක්ෂණය කරන හාමුදුරුවො , ඝාණ්ඨාරය දිගට ගහලා ගම ඇලට් කරනවා.

ඝාණ්ඨාරය දිගට වදින කොට මිනිස්සු ඇලට් වෙන්ව , දුවගෙන එනවා. ඝාණ්ඨාරය ගැහුවෙ හාමුදුරුවොද ඇබිත්තයද කියල හොයන්නෙ නෑ . ඝාණ්ඨාරය ගැහුවෙ ඇයි කියන එක තමා සොයා බලන්නෙ .

මේ වෙනකොට මැදපෙරදිග උෂ්නත්වය සෙල්සියස් අංශක 48යි. ලංකාවේ අය ලක්ෂයකට වැඩිය අන්ත අසරණ වෙලා . අසරණ වුන කාන්තාවන් 5000 වැඩිය ගණිකා වෘත්තියේ යෙදෙනවා. මේ රටවටල දූෂිත පොලිස් නිලධාරීන් , ජවසාත් නිලධාරීන් අපේ අම්මාලා යොදාගෙන ගණිකා මඩම් පවත්වාගෙන යනවා.

මැදපෙරදිග හිටපු ඉන්දියානුවෝ, බංගලි, පක්කො, සුඩානියෝ, නේපාලියෝ, මසිරි ඔක්කොම මෙ වෙනකොට තමන්ගේ රටට ගිහිල්ල ඉවරයි. මැදපෙරදිග අනාථ වෙලා ඉන්නෙ ලංකාවේ මිනිස්සු විතරයි.

ලංකාවේ රජය ගුවන් තො‍ටුපොල ඇරියනම් මේ විනාශය වෙන්නෙ නෑ.මේ විනාශයට මුළුමනින්ම වග කියන්න ඔනේ ගෝඨාභය රාජපක්ෂ.

ඉතින්, මැදපෙරදිග ඛේදවාචකය ගැන කවුරු හරි ඝාණ්ඨාරය ගැහුවම , ඒ පුද්ගලයන්ගේ පැටිකිරිය හොයන්ඩ යන්න එපා. ඔවුන් ඝාණ්ඨාරය ගැහුවෙ ඇයි කියන එක ගැන කරුණු හොයන්න.

අසරණ ශ්‍රමිකයන් ගැන කථා කරපු සුනිල් , රවි, හරීන්,නාගා වැනි අය විවේචනය කරන එක තේරුමක් නෑ. ඔබත් මැද පෙරදිග අසරණ වෙලා ඉන්න අපේ රටේ පුරවැසියන් වෙනුවෙන් වචනයක් හරි කථා කරන්න.

මෙත් සිතිනි