මැතිවරණය අවසන් වූ විගස සජිත් අත්අඩංගුවට

ජනාධිපතිවරණය පරාජය වුන විගස සජිත් අඬා වැළපෙමින් ගෝඨා හමු වීමට ගියේය. ගෝඨාගේ දෙපතුල් ලග වැඳ වැ‍ටුනු සජිත්,

අනේ මැතිතුමනි මම කෝට් 200ක් ණයයි. මම ආයෙ දේශපාලනය කරන්නෙ නෑ, මම දේශපාලනයෙන් සමුගන්නවා, මට කරදරයක් කරන්ඩ එපා”, කියා පිංසෙන්ඩු විය. සජිත් බිය වූ කාරණය දැන් හෙළිදරව් වී ඇත.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් බිලියන11ක මුල්‍ය වංචාවකට සජිත් සම්බන්ධ වී ඇති අතර ගෝඨා ලග වැඳ වැ‍ටුනේ ඇපයක් දමා ගැනීමට බව දැන් සක්සුදක් සේ පැහැදිළිය.

සජිත්ගේ කල්ලිය යහපාලන ආණ්ඩු කාලය පුරාවට එවක අගමැතිවරයා අධෝ වායුවක් තරම් ගනන් ගත්තේ නැත. මක්නිසාදයත් සිරිසේන සජිත්ගේ ආරක්ෂකයා විය. සජිත්ගේ වැඩ වලට සිරිසේනගේ අනුග්‍රහය ලැබුනි.

පරණ උපක්‍රමය යලි භාවිතා කළ සජිත් නව ජනපති ඉදිරියේ වැඳ වැටී ගෝඨාද බැලන්ස් කළේය. ගෝඨාගෙන්ද ඊට යහපත් ප්‍රතිචාරයක් වූ හෙයින් සියල්ල හරි යයි සජිත් සිතුවේය.

ජනපති ගෝඨා බැලන්ස් කළ සජිත්, ඉන් අනතුරුව අගමැති රනිල් විවේචනය කළ අයුරින් , අගමැති මහින්ද විවේචනය කළේය. සජිත්ට වැරදුනේ එතැනය.

2016-2019 දක්වා කාලය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවූ අක්‍රමිකතා සහ අවභාවිතාවන් සොයා බැලීමට මහින්ද කමිටුවක් පත්කළ අතර පිටු 142කින් සමන්විත එම කමිටු වාර්තාව අද බාරදී ඇත.

එම කමිටු වාර්තාව අනුව. සජිත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් බිලියන11ක මුල්‍ය වංචාවක් සිදු කොට ඇති බව පෙන්වා දී ඇත.

සිදුව ඇති මුල්‍යමය අක්‍රමිකතා සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද කමිටුව නිර්දේශ කර ඇත. ඒ අනුව මැතිවරණය අවසන් වූ විගස සජිත් අත් අඩංගුවට ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකික දේශපාලනයේ කුහක අවලං සහ නින්දිතම දේශපාලකයා වන චම්පිකටද මහාධිකර්ණයේ නඩු පවරා ඇත. තව නොබෝ දිනකින් සමගි ජනතා බලවේගය අවසන් ගමන් යන බව කැට තබා ප්‍රකාශ කළ හැක